උණුසුම් පුවත්

අමානුෂික ලෙස පුද්ගලයන්ට පහර දි සාක්ෂි සොයන ශ්‍රි ලංකා පොලිසියේ ගල් යුගයේ විමර්ෂණ

Spread the love

1979 අංක 15 දරණ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහ පනත අනුව පොලිසියට අපරාධයක් සිදුව තිබේදැයි පරික්ෂා කිරීම උදෙසා විමර්ෂණයක් ආරම්භ කලහැකිය.
පොලිසිය ආරම්භ කරන විමර්ෂණයට අදාලව ප්‍රථමයෙන් කලයුත්තේ සාක්ෂි සොයා යාමය. ඒ සාක්ෂි සොයා ගොස් ඊට අදාල සාක්ෂි වලින් පෙනියන් කරුණු මත ඕනෑම පුද්ගලයකුගෙන් ප්‍රශ්න කල හැකිය.
එවිට විමර්ෂකයාට වැටහෙන්නේ නම් මේ වන්විට තිබෙන සාක්ෂි අනුව සැකකරු බවට යමෙකු දැන් අත්වඩංගුවට ගෙන ඊට අදාල ප්‍රශ්න කිරිමේදි මෙම ප්‍රශ්න ගත අපරාධය අනාවරණය කර ගත හැකි බවට සාර්ථක අපරාධ විමර්ෂකයකුට ඉවක් තිබිය යුතුය.
නමුත් අපේ පොලිසිය තාමත් කරන්නේ නිරපරාදේ අහිංසක මිනිසුන්ට පහර දී දස වද දී අවසානයේ තමුන්ත් තමන්ගේ මුලු දරු පවුලම අසරණ වීමය. ගල් යුගයේ අපරාධ හා දැන් අපරාධ විශාල වෙනසක් ගනී. අපරාධ කරුවා දැන් පොලිසියට වඩා ඉදිරියෙන්ය.
මිට සම්පුර්ණයෙන්ම වග කිව යුතු වන්නෙ ඒ රටේ පොලිස් පරිපාලනයයි. පොලිස්පති නිලධාරින්ගේ විමර්ෂණ දැනුම වැඩිකිරීමට කටයුතු කරනවා වෙනුවට පොලිස්පති කරන්නේ නිලධාරින්ගේ භොම්බට ඇණ භාවනා කරවන්න උත්සහා ගැනීමය.
මෙයින් සිදුවන්නේ එක් පැතකින් අපේ අහිංසක නිලධාරින් අමාරුවේ වැටීමත් තවත් පැතකින් සමාජයේ අහිංසක් ජිවිතයක් නැතිවි පොලිසිය ජනතාවගේ වෛරයට පත් වීමයි.
නුතන ලෝකයේ පොලිසිය අපරාධ විමර්ෂණයට බොහෝ සෙයින් යොදා ගන්නේම “පරවේෂණ සාක්ෂිය ” ඇසු දුටු සාක්ෂි වල ට වඩා වැඩි බරක් මෙවනි සාක්ෂි දරා ගන්න්න බැවිනි. උදාහරන ලෙස වෛද්‍ය වාර්තා, විශේඥවරුන්ගේ මත, වැනි බොහෝ දේ වලින් මෙම පරවේෂණ සාක්ෂි සොයාගත හැක.
මේ වනවිට ශ්‍රි ලංකා පොලිස් විද්‍යාලයේ ද 1975 සිටම එන ඉගැන්විම හැර වෙනත් අළුත් යමක් නැත.
මේවට වගකිවයුත්තේ අවසානයේ අහින්සක මහජනතාවය. ලෝකය පුරාම වසරකට වඩුම දෙවතාවක්වත් යන පොලිස්පති, එස්.එස්.පීලා, ඩි.අයි.ජිලා පොලිසිය තුල කල වෙනස කුමක්දැයි කිසිවකු දන්නේම නැත.
පොලිසිය භාර ඇමතිවරයාද මෙලෝරහක් නැති අල ගෙඩියකි අඩුම තරමින් ඔහුට වු රිය අනතුර විමර්ෂණයේදි ….. ” මාව පැය ගානක් රස්තියාදු කරලා මාව බස්සලා මාගේ කාර් එක හප්පලා නොනවත්වා ගිය රථ හොයනවා වෙනුවට මගේ කර් එකේ බ්‍රේක් බක්ලන්න පොලිස්ය ගෙනිච්චා මන්දා එහෙම කරනවාද කියලා….”
මෙහෙම කියන්නේ රටේ පොලිසිය භාර ඇමති සාගල රත්නායකයි ඉතින් පොලිසිය දැන් නනත්තාරයි කිවොත් නිවරදි.
සාමාන්‍ය දැනුමක් නොමති ඇමති .තමන්ගේ වාහනය කවුරුත් හප්පන් ගියාට බ්‍රේක් බලන ලෝකේ එකම රට ලංකාව. මෙකට තමන් වහාම එසේ කලේ ඒ නිලධාරියාට නිසි පුහුණුවක් නැතිකමට. නෝසේ නම් ඇමතිට රිද්දවීමට. නමුත් මහජනයාටත් ඒදේම නොකරාවිද. ?
එසේනම් පොලිස් නිලධාරින්ට නුතන ක්‍රම හා ජනතාවට පහර නොදී ඉතාම බුද්ධිමත්ව විමර්ෂණ පුහුණුවක් වහාම ලබා දිය යුතුයි. එසේ නොවුන හොත් දිවුලපිටියේ මියගියි අවසන් සැකකරු නොවනුඇත.
භාවනා යෝගි පිං බලයෙන්වත් යල් පැන් ගිය ,ගල් යුගයේ දේවල් ඉවත් කොට පොලිස් නිලධාරින්ගේ දැනුම වැඩි කිරීමේ ක්‍රම වේදයක් සකස් කිරීමට පොලිපතිට නුවන පහල වේවා….!!


Spread the love

Leave a Comment

You may also like