උණුසුම් පුවත් උණුසුම් පුවත්

 ගල්කිස්ස උසාවියේදී ලෝයර් හා පොලිස් ගැටුමක් වාර්තා වේ.

Spread the love

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළදී පසුගිය දින (10) පොලිස් කොස්තාපල් වරයකු විසින් නීතිඥවරයෙකුට පහර දුන් වාර්තා වේ.

නීතිඥවරයා නඩු කටයුතු අවසන් කිරීමෙන් පසුව සිය මෝටර් රථය අධිකරණ භූමියෙන් පිටතට ගැනීමට යන අවස්ථාවේ බන්ධනාගාර බස් රථයක් අධිකරණ භූමියට ඇතුල් වී තිබේ.එම බන්ධනාගාර බස් රථයට ඉඩ සළසා නීතිඥවරයා⁣ගේ මෝටර් රථය පිටතට ගන්නා ලෙසට පොලිස් කොස්තාපල් වරයා නීතිඥවරයා උපදෙස් ලබා දී ඇතැයා පැවසේ.ඉන් අනතුරුව දෙදෙනා අතර බහින් බස් වීමක් ඇතිවී එය පහරදීමක් කරා වර්ධනය වී තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාල පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන 

එළඹෙන 13 වනදා දක්වා බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ.

මේ වන විටත් සාමාජ මාධ්‍ය තුළ මේ සිද්ධිය පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.මෙහිදී බොහෝ නීතිඥවරුන් සිය වෘත්තීය සගයා⁣ගේ නිදහසට කරුණු දක්වමින් සිටී.ඒ අදහස් වලට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් චෝදනා කරන්නේ සිද්ධියට සම්බන්ධ නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටි ඡ්‍යෙෂ්ඨ නීතිඥවරයකු පොලිස් කොස්තාපල්වරයාට තර්ජනාත්මකව බැණ වදිමින් අයිආර්සී කාරයකු ලෙස හැසිරුණ බවටය.එහිදී එම ඡ්‍යෙෂ්ඨ නීතිඥවරයා බැණ වැදුනේ පොලිස් කොස්තාපල් වරයා ගේ වැඩ තහනම් කරන ලෙසට ඉල්ලමිනි.නීතිය තමන්ට ඕනෑ ආකාරයට හැසිරිය යුතු බවට එම නීතිඥවරයාගේ ප්‍රකාශනයන් තුලින් අවධාරණය විය.මෙම ප්‍රකාශයන් නීතියේ ආධිපත්‍යය තුළ නීතිඥ වෘත්තිකයන්ට විශේෂ සැළකිල්ලක් දැක්විය යුතුය යන පණිවුඩය සමාජයට ලබා දෙන්නක් බව ඇතැමකුගේ අදහස වී තිබේ.


Spread the love

You may also like