අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි සම්පත් මනම්පේරි ඊයේ දින (17) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට බාර විය.
අනතුරුව ඔහු රඳවා ගෙන ප්‍රශ්ණ කිරීම සදහා පොලීසියේ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බාර දීමට වලස්මුල්ල මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.මේ වන විට මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයා ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තය.මේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා ලෙස කටයුතු කරන නෙවිල් වන්නිආරච්ගේ ඥාති සහෝදරයෙකි.
මහින්ද රාජපක්ෂ මෙරට ජනපතිවරයා ලෙස කටයුතු කරන අවදියේ නෙවිල් වන්නිආරච්චිගේ ඉල්ලීමට හිටපු ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුනවර්ධන විසින් හේමාල් ප්‍රශාන්ත අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස පත් කර ගෙන සිටියේය.මේ දිනවල නෙවිල් වන්නි ආරච්චි විසින් වැලි ජාවාරම කළ ට්‍රක් රථ නවතා තිබුණේද අම්බලන්ගොඩ පොලීසිය පිහිටි භූමිය තුළය.
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත හා නෙවිල් වන්නිආරච්චි අතර පවතින සමීප ඥාතිත්වය ගැන ජාතික බුද්ධි තොරතුරු වාර්තා පවා ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී තිබේ.
පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සම්පත් මනම්පේරි ගෙන් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රශ්ණ කිරීම දී කිරට බළලුත් සාක්ෂි අන්දමේ නාඩගමක් වනු ඇති බව නම් සඳහන් කළ යුතුමය.
ඒ අතරේ අද දින වලස්මුල්ල අධිකරණය වෙත බැකෝ සමන් හා තැඹිලි ළහිරු නම් අනවර්ථා නාමයන් ගෙන් හඳුන්වනු ලබන පාතාල ක්‍රියාකාරිකයන් දෙදෙනා ඉදිරිපත් කරනු ලැබීය.ඒ අවස්ථාවේ අධිකරණය පරිශ්‍රයේ සිටි නීතිඥවරයකු ගේ ඉණ තුළ සඟවා ගත් පිස්තෝලයක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.පොලිස් අත් අඩංගුවට ගන්නා ලද පිස්තෝලය බලපත්‍ර සහිත අවියක් බව තහවුරු වීම නිසා එය සන්තකයේ තබා ගෙන සිටි නීතිඥවරයා පොලීසිය විසින් නිදහස් කර ඇති බව පැවසේ.කෙසේ වෙතත් අධිකරණ පරිශ්‍රයක් තුළට ගිණි අවියක් රැගෙන ඒමට කිසිදු තරාතිරමක අයෙකුට නොහැකි නමුත් මේ නීතිඥවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.එම නීතිඥවරයා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් වලස්මුල්ල අධිකරණය වෙත යොමු කර ඇති අයෙක් බවද තොරතුරු අනාවරණය වී තිබේ.