මේ වන විට පොලිස් අත් අඩංඟුවේ සිටින කමාන්ඩෝ සලින්ත නම් පාතාල ක්‍රියාකාරිකයාට ටී පනස් ගිණි අවියක් හා පතුරොම් 250 ක් එක් ලක්ෂ හතලිස් පන්දාහකට අලෙවි කරන ලදැයි චෝදනාවකට පලාවි 10 වන පාබල රෙජිමෙන්තුවේ අණ දෙන නිළධාරියා බස්නාහිර පලාත් අපරාධ කොට්ඨාශය මගින් අද (11) අත් අඩංගුවට ගන්නා ලදී.
ලුතිනන් කර්නල් ඩී.එන්.ටී සොයිසා නම් මේ හමුදා ඡ්‍යෙෂ්ඨයා බළපිටිය පාතෙගම පදිංචි කරුවෙකි.ඔහුගේ පියාද සිංහ රෙජිමෙන්තුවේ සේවය කළ සාජන් මේජර්වරයෙකි.
මෙම ඡ්‍යෙෂ්ඨ හමුදා නිළධාරියා කමාන්ඩෝ රෙජිමෙන්තුවට අනුයුක්තව සිටියදී එම අවි ගණුදෙනුව සිදු කරන ලද බව පැවසේ.කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විනය කඩ කිරීමි හේතුවෙන් ඔහු නැවත මව් ඒකකය වෙත යවා ඇති බවද වාර්තා වේ.
කමාන්ඩෝ සලින්තට ආයුද අලෙවි කළ අණදෙන නිළධාරියා අත් අඩංගුවට ගනී