වෙනත්

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් කුඩු සළිඳු හා අනෙකුත් පාතාලයන් මෙරට ගෙන ආ විට මරා දැමීමේ සැළසුමක් හෙළිවේ දේශබන්දු තෙන්නකෝන් ඒ සඳහා රෙඩි පිට

Spread the love

ඊයේ රාත්‍රියේදී (7) ජාත්‍යන්තරයෙන් ලැබුණු මෙරට පාතාලය සම්බන්ධ ප්‍රවෘත්තියක් නිසා මෙරට පාතාලය හා පොලීසියේ ලොක්කන් කිහිප දෙනෙකු විශාල තිගැස්සීමකට ලක් වී ඇතැයි වාර්තා වේ.
ඒ මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවරමිකරුවන් දෙදෙනෙකු මැඩගස්කරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමේ ප්‍රවෘත්තියයි.එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැති පාතාල ක්‍රියාකාරිකයන් දෙදෙනා වේ.එම දෙදෙනා සමග හරක් කටා නොහොත්නඳුන් චින්තක ගේ මැලගාසි බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පෞද්ගලික ජෙට් යානය…….
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම පාතාල ක්‍රියාකාරිකයන් පිරිස හය  දෙනෙකු ගේ කණ්ඩායමක් බවත් ඔවුන් පසුගිය පෙබරවාරි 12 වනදා
මැඩගස්කරයේ නොසිබී ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ පෞද්ගලික ජෙට් යානයකිනි.පසුදින මෙම කණ්ඩායම අභ්‍යන්තර ගුවන් යානයකින් ඇන්ටනානාරිවෝ ගුවන් තොටුපොළට පැමිණ තිබේ.එහිදී හරක් කටා පෙනී සිට ඇත්තේ සුපිරි ධනවතකු ලෙසය.
හරක් කටා……..
මිදිගම චින්තක නමින් හඳුන්වන්නේද මේ හරක් කටා යන ලැයිස්තුගත අපරාධකරුය.මොහු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වන්නට ගත්තේ මාතර වැලිගම මිරිස්ස ධීවර වරායේ ප්‍රධාන දොරටුව අසලදී අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් ෂන්ෂයින් සුද්දාට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම නිසාය.
මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ් ෆාදර්…….
මෙම ෂන් සයින් සුද්දාත් හරක් කටාත් මාකඳුරේ මදූෂ් ගෝලයන්ය.එහෙත් හරක් කටා තම හිතවතකුවූ ෂන් ෂයින් සුද්දා මරා දැමීමට වෑයම් කරන ලද්දේ අංගොඩ ලොක්කාගේ  වුවමනාවට බව පොලීසිය විසින් තොරතුරු හෙළි කර ගෙන තිබුණි.මේ අංගොඩ ලොක්කාද මදූෂ් ගේ අඹ යාළුවෙකි.මදූෂ් ,ෂන් ෂයින් සුද්දා හරක් කටා ,කංජිපානී ඉම්රාන් යන පිරිස මදූෂ්ගේ ඩුබායි  උපන්දින පාටියේදී ඩුබායි පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරද්දී අංගොඩ ලොක්කා හිටියේ ඉන්දියාවේය. මදූෂ් සමග එක පතේ කෑවද අංගොඩ ලොක්කාගේ සැලසුම වී තිබුණේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ ගෝඩ් ෆාදර් වීමටය.එහිදී වැලිගම හෙරොයින් ජාවාරම සියතට ගැනීමට ඔහු හරක් කටා සමීප කර ගත්තේය.ෂන් ෂයින් සුද්දාට හරක් කටා විසින් වෙඩි තබන්නේ අංගොඩ ලොක්කා ගේ ඒ අවශ්‍යතාවය ඉටු කර ගැනීම සදහාය.මේ වෙඩි තැබීමෙන් පසුව හරක් කටා ඩුබායි රාජ්‍ය වෙත පලා ගියේය. 
ඉන්පසු නැවතත් හරක් කටා ගැන තොරතුරු අනාවරණය වූයේ  සොත්ති උපාලි ගේ දියණිය වූ නුගේගොඩ පැලවත්ත පාර ප්‍රසන්තිකා නිර්මලී නම් තැනැත්තිය  තවත් සැක කරුවන් කිහිප දෙනෙකු සමග පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමෙන් පසුවය.එම සැකකාර පිරිස අත් අඩංගුවට ගැනීමේදී පොලීසියට ඔවුන් සන්තකයේ තිබී රුපියල් පන්කෝටි අනූ නව ලක්ෂයක මුදලක් සොයා ගන්නට හැකි විය.මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයකු සතුව තිබී අත් අඩංගුවට ගත් විශාලම මුදල් තොගය මෙය බව එවකට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් සඳහන් කර තිබුණි.එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කෙරුවේ මේ සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මසකට රුපියල් කෝටි 20 කට ආසන්න මුදලක් උපයාගෙන ඇති බවට⁣ පොලිස් විමර්ශන වලදී හෙළි වූ බවය.මෙම මුදල් තොගය පොලීසිය සොයා ගනු ලැබුවේ බැංකු ගත කරන තුරු නිවසේ අල්මාරියේ සඟවාගෙන සිටියදීය.
තවදුරටත් මේ පිළිබඳව පොලීසිය කළ විමර්ශනයෙදී අනාවරණය වී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම ඩුබායි සිට මෙහෙයවා තිබු⁣ණේ නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා බවය. කෙසේ වෙතත් හරක් කටා ඩුබායි ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට ගැනුනේ මැලේසියාව බලා යාමට සූදානම්ව සිටියදීය.ඩුබායි මත් ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරක් මත අත් අඩංගුවට ගත් හරක් කටා මෙරට රැගෙන ඒම සඳහා වූ ලියකියවිලි ඩුබායි රාජ්‍යයට යැවීම මෙරට පොලීසියෙන්  ප්‍රමාද කිරීම නිසා ඔහු මුදා හැරිණි.ඒ ප්‍රමදෙය  ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මැදිහත් වීම නිසා සිදු වූවක් බව කියවේ.කෙසේ වෙතත් හරක් කටා මෙරට පොලීසියේ කෙරුමන්ට කෝටි විස්සක මුදලක් වැය කර ඇති බවත් ඩුබායි රාජ්‍යයට දින 3කට පෙර මෙරටින් එම වාර්තා යැවීම ප්‍රමාද කෙරුවේ එම මුදල් තොගය නිසා බවත් අපට වාර්තා වී තිබේ.ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවට ගන්නා යම් සැකකරුවකු දින 3 කට වඩා කාලයක් රඳවා නොගන්නා බව මේ පොලිස් කෙරුමන් දැන සිටි බව පැහැදිලිය. 
පානදුරේ කුඩු සළිඳු……….
⁣ඊයේ (7)දින මැඩගස්කර පොලීසිය මගින් හරක් කටා සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු මෙරට සංවිධානාත්මක අපරධ සම්බන්ධයෙන් ලැයිස්තුගත අපරාධකරුවකු වූ  පානදුරේ කුඩු සිළිඳුය.ඔහු 2021 වසරේදී
පානදුර පල්ලියමුල්ලේදී ත්‍රිරෝද රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කර අපරාධ කරලියට ආවේය.
හිටපු අමාත්‍යවරයකු වූ රෝහිත අබේවර්ධන……….
පොදු ජන පෙරමුණු රජයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු අමාත්‍යවරයකු වූ රෝහිත අබේවර්ධනගේ සමීපතමයකු වූ සළිඳු ත්‍රිරෝද රියදුරා මරා දැමීම සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට ගැනීමට යාමේදී ඡෙ.නි.පොලිස්පති දේශබන්දු විසින් වලක්වන ලදී .
ඡෙ.නි.පොලිස්පති දේශබන්දු……….
පසුව ඡ්‍යෙ.නි.පොලිස්පති දේශබන්දු වෙත  ලැබුන තොරතුරක් මත යැයි කියමින් පොලීසිය එම ඝාතනයට සම්බන්ධයැයි සැක  කරන ටී පනස් හය වර්ගයේ අවියක් පානදුර සූසාන භූමියක් තුලින් සොයා ගන්නා ලදී.එහෙත් එම අවිය රස පරීක්ෂකට යොමු කිරීමෙන් පසුව ඉන් එම ඝාතනය සිදු කර නැති බව හෙළිවිය.එය කුඩු සළිඳු එම ඝාතනයෙන් බේරා ගැනීමට ⁣දේශබන්දු තෙන්නකෝන කළ උප්පරවැට්ටියක් බව පොලිස් පරීක්ෂණ කණඩායමට වැටහිනි.කුඩු සළිඳු ප්‍රබල චරිතයක් බවට පත්වන්නේ පානදුර කේතුමතී රෝහළ පරිශ්‍රය තුළදී ගිලන් රථ රියදුරකු ඉලක්ක කර ⁣ගත් වෙඩි තැබීම නිසාය.කුඩු සළිඳු ගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයේ සිටි ප්‍රබල චරිතයක් වූ ගිලන් රථ රියදුරා ගේ ඔත්තුවකින් කළුතර විශේෂ පොලිස් කණ්ඩායමක් සළිඳුගේ මත්කුඩු තොගයක් අල්ලා ගැනීම මෙම වෙඩි තැබීමට හේතු වූ බව පොලිසි විමර්ශන වලදී අනාවරණය විය.කුඩු සළිඳු පිළිබඳව සිදුු කරන ලද සෑම පොලිස් පරීක්ෂණයකදීම ඡ්‍යෙ.නි.පොලිස්පති දේශබන්දු සමග ඇති සමීප සම්බන්ධය හෙළි වී ඇති අතර ඔහු සළිඳු සමග දුරකථන සංවාද වල පවා නිරත වී ඇති බවට හෙළි වී තිබේ.
කුඩු සළිදු ගැන සිදු කරන පොලිස් පරීක්ෂණ වලදී එම පොලිසි විමර්ශන නිළධාරීන්ට ⁣දේශබන්දු තෙන්නකෝන් නිරන්තරයෙන් බාධා පමුනවා තිබේ. 
නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න………
කුඩු සළිඳු එක් අවස්ථාවක ගල්කිස්ස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස රාජකාරි කර රොහාන් ප්‍රේමරත්න පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ
අධ්‍යක්ෂ වරයා ලෙස ස්ථාන මාරුවී යාමේදී ඔහුට සුඛෝපභොගී නිසාන් බ්ලුබඩ් කාර් රථයක් මෝටර් රථයක් පවා තෑගි දී තිබේ.
කුඩු සළිඳු හා හරක් කටා මැඩගස්කර ආරක්ෂක අංශ වලින් අත් අඩංගුවට ගැනීමත් සමගම  පාතාල ජාවාරම්කරුවන් හා අඹ යාළු කම් පවත්වන මෙරට පොලීසියේ කෙරුමන් බොහෝ දෙනෙකුගේ බඩ පපුව ඇවිලෙන්නට පටන් ගෙන තිබේ.විශේෂයෙන් එහිදී දේශබන්දු තෙන්නකෝන් හා රොහාන් ප්‍රේමරත්න වැන්නන් සිටින්නේ ඊළඟ සැලසුම සකස් කරමිනි.යම් ආකාරයකින් හරක් කටා හා කුඩු සළිඳු මෙරට ගෙන ආවහොත් 
දේශබන්දු තෙන්නකෝන් ගේ අදහස වී ඇත්තේ මදූෂ් ඝාතනය කළ ආකාරයට මෙම අපරාධ කරුවන් දෙදෙනා ඝාතනය කිරීමය.මේ වන විටත් පොලිස් ඇමති ටිරාන් ගෙන් ඒ සඳහා අනුමැතිය ලැබී තිබේ.
තක්කඩි පොලිස්  ජාවාරම්කාරයා
ස්වාධීන පොලිස් විමර්ශන කණ්ඩායමක් මගින් මෙම අපරාධකරුවන් පිළිබඳව විමර්ශනයක් කිරීමට පොලිස්පතිවරයාට හැකි වේ නම් මෙරට පොලිස්පතිවරයා වීමට හීන දකිමින් සිටින තක්කඩි පොලිස්  ජාවාරම්කාරයා⁣ගේ සහ ඔහුගේ හෙංචයියන්ගේ යුනි⁣ෆෝම් ගලවා ඒ සැමට ජම්පර ඇන්දවීමට හැකි වනු ඇත.ඒ සද් ක්‍රියාව පොලිස්පති 
සී.ඩී.වික්‍රමරත්නට පැන්ෂන් යාමෙන් පසුව සිතේ සැනසීමෙන් සිහිපත් කළ මහත් ඵළ දෙන පුන්‍යකර්මයක්ද වන බව නිසැකය.
ස්ථිරවම ඝාතනයට….
මෙම අපරාධකරුවන් ඝාතනය කරන්නේම මොවුන් පිටුපස සිටි ජාවාරම්කාර රෝහිත අබේ ගුණවර්ධනලා දේශබන්දුලා හා රෝහාන් ප්‍රේමරත්නලා සහකාර පොලිස් අධිකාරි මහින්ද ලාගේ නම් එලියට ඒම වල්ක්වා ගැනීමටය. ස්ථිරවම ඝාතනයට ඇමති ටිරාන්ද එකගව ඇත්තේ ටිරානුත් එකහට්ටියේ ලුණු කනනිසාය.

Spread the love

Leave a Comment

You may also like