වෙනත්

ජාතියට තවත් බර දඩයක්.

Spread the love

ස්වර්ණවාහිනිය ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වශයෙන් පත්වීය. පසුගිය කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන අසමත්කම සමාජ මාධ්‍ය තුළින් දිගින් දිගටම  අනාවරණය කෙරුණි සමාජ මාධ්‍ය මගින් සිදුකල ප්‍රචාරාත්මක ප්‍රවෘත්ති ජනාධිපති දරාගත නොහැකි ආකාරයෙන් සිදු වූ බව ඔහු ඇතැම් අවස්ථාවලදී සිදුකරන ලද ප්‍රකාශයන් වලින් පවා තහවුරු විය.

අමාත්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳව නව නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇත්තේ මේ පසුබිම තුළ ය. එහිදී අපාහාසාත්මක ප්‍රවෘත්ති පළ කරන්නන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අපේක්ෂාවවේ.

ස්වර්ණවාහිනිය ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති  මාධ්‍ය  ඒකකයේඅධ්‍යක්ෂක ජෙනරාල් වරයා වශයෙන් පත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයාගේ දුර්වලතාවයන් පිළිබඳ සමාජ මාධ්‍ය තුළින් අනාවරණය කෙරෙන ප්‍රවෘත්ති වලට එරෙහිව නිර්මාණශීලී ප්‍රවෘත්ති සටහනක් තබනු ඇතැයි යන්න රජයේ පූර්ණ විශ්වාසය විය හැකිය.

  එහෙත් මෙම පත් කිරීම මගින් නැවත සමාජයට සිදුවන බරපතළ විනාශ ගැන කිසිවකුගේ අවධානයට ලක් නොවීම කනගාටුදායකය ,සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනිය විධායක නිලධාරී ලෙස ලබාගත් ලක්ෂ 40ට ආසන්න බව පැවසේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහුට ලබා ගත හැකි මාසික වැටුප රුපියල් 50,000ට වඩා අඩුය. ලක්ෂ ගනනක මාසික වැටුපක් අත හැර දමා සුළු වැටුපක් ලබා ගැනීමට සුදේව හෙට්ටිආරච්චි  එකවැරම දේශප්‍රේමියෙකු බවට රූපාන්තරන්ය වීම නම් අපුරු ප්‍රවෘත්තියකි. වහල් රාජපක්ෂවාදීන් ට නම් සුදේව ගේ මේ කැපකිරීම   මාරම මාර සයිස් කැප කිරීමකි.එහෙත් සුදේව හෙට්ටිආරච්චි මියක් කඩන්නේ අත ලෙවකන්න නොවන බව කරුණුකාරණා දන්නෝ දනිති. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා වශයෙන් රාජ්‍ය නිලධාරියකු ලෙස ලබාගන්නා මාසික සොච්චම වැටුප රජයෙන් ලැබෙන බව අනිවාර්ය සත්‍යකි.  ඔහු විසින් බුක්ති විදින අතයට ගනුදෙනුව ඊට වඩා විශාලය රජය වැටුපත් ඔහු ස්වර්ණවාහිනී ලබාගත් ලක්ෂ ගනන් වැටුපත් අතර ඇති පාඩු පියවෙන්නේ ජනාධිපතිවරයාගේ හිතෛෂී ව්‍යාපාරික චෞර සමාගමක් බව මේ වන විට අනාවරණය වී තිබේ.

මහජන මහජන මුදල් සැලසුම් සහගතව මංකොල්ලකෑම පිලිබදව චෞර පැටිකිරියකට හිමිකම් කියනමෙම සමාගම සුදේව හෙට්ටිආරච්චි මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත්වීමේ මාසික බරපැන දරන්නේ ජනාධිපතිවරයාගෙන් තමාට හිමි වී ඇති මහජන මුදල් සහසික ආකාරයෙන් පැහැර ගැනීමට ලබාදී ඇතිඅත යට වාසි නිසා බව පැහැදිලිය.මෙරට සිටි නාවික හමුදාපතිවරයෙකු ඇතුළු ආරක්ෂක හමුදාවල මේජර් ජෙනරාල්වරුන් කීප දෙනෙකු මෙම සමාගමේ මේවන විටත් සේවයේ නිරතවන්නේ හැට හැත්තෑ ලක්ෂක මාසික වැටුප් ලබමිනි. එය එසේ වන්නේ නම්, ජනපතිවරයා වෙතින් විහිදෙන අසුජි ගද සෝදා සුවද පැනින් නැහැවීමට මෙම චෞර සමාගම  විසින් සුදේව හෙට්ටිආරච්චි ගෙවන  මාසික වැටුප යමක් කමක් දන්නා අයට නම් සිතා ගත හැකි වනු ඇත්තේය. චෞර සමාගම මෙලෙස සිය වත්කම් ජනාධිපතිවරයා වෙනුවෙන් වැය කරන්නේද ඉදිරියේදී තවත් මහජන දේපොලක් මංකොල්ලකෑම සඳහා බව අපට විශ්වාසය.

එබවින් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක් නාඩගමමෙරට මහජනතාවට විදවන්නට සිදු වු කොපමණ බරපතල දඩයක්ද යන්න හෙලිදරව් විය හැක්කේ කාලයත් සමඟය. එතෙක් අපි බලා සිටිමු.


Spread the love

Leave a Comment

You may also like