මග දෙපස ගස් කපා ඇවිදින මං තීරු හදන්න අවශ්‍ය කාටද? අද දවසට ගස් කිහිපයක් ම බිම දාලා. පේරාදෙණියේ මේ සුන්දර පාරෙ ඕනම කෙනෙකුට නිදහසේ යන්න එන්න පුළුවන්. මෙච්චර කාලයකට මේ අහිංසක ගස් කාටවත් වදයක් උනේ නෑ. ආදරෙන් මේ ගස් අල්ලගෙන සෙවණ යටින් අපි ආව ගියා. මේ ගස් කපල මං තීරු හදන අදහස මුලින්ම ඇති කරගත් නාගරික පුද්ගලයා කවුද? ගහකොළ නැති සංවර්ධනය මොකට ද? කාටද? අවශ්‍යතා කියන්නේ එකක් අත්‍යවශ්‍යතා කියන්නේ තව එකක්. මම හිතන්නේ නැහැ මේ ගස් විනාශ කරලා මං තීරු හදන්න අත්‍යවශ්‍යමයි කියල. මොකද මේක නිදහස් පරිසරයක්. මේ පාරෙ වාහනවලින් යන එන පිරිසට වඩා නිදහසේ ගහ කොළ මල් අතරින් ඇවිදගෙන යන්න ගොඩක් දෙනෙක් කැමතියි.
මහ පොළොව ඔබට සාප කරයි. මේ අපරාධය සිදුකරන්න එපා….!!!



