උණුසුම් පුවත්

ගෝඨාභය ආණ්ඩුව ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පාවිච්චි කරන ආකාරයේ කෝටි ගණනක් වටිනා අධි තාක්ෂණික උපකරණ මෙරටට ගෙනයි. (විඩියෝ සහිතයි.)

Spread the love

මේ වන විට ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ වසරක් ගෙවී යත්ම, රටේ ජනතාවට ගෝඨාභය නාමය පමණක් නොව රාජපක්ෂ නාමය ද  වහකදුරු  වී ඇත.  දේශපාලනයෙන් රටේ බලය ලබාගැනීමට දත කට මැදගෙන සිටින රාජපක්ෂ පවුලේ අවසානය ගෝඨාභය බවට මේ වන විට සනිටුහන් වී ඇත.

ඒ බව පසුගියදා රාජපක්ෂ පවුලේ පැවැති සාකච්ඡාවේදී ද හෙළි වූ බව අප මීට පෙර හෙළි කළෙමු. අද වන විට ගෝඨාභයගේ හමුදා ජුන්ටාවට පූර්ණ උපදෙස් සහ මගපෙන්වීම සිදුකරන මේජර් ජනරාල්  සලේ විසින් ඊශ්‍රායල් මොසාඩ් සංවිධානය පාවිච්චි කරන ලබන අධි තාක්ෂණික මෙවලමක් මෙරටට  ගෙනවිත් ඇත. දළ වශයෙන් එය කෝටි ගනනක් වටිනා බව ඒ පිළිබඳ යුද විශේෂඥයින්ගේ මතයයි.  හදුන්වනුයේ   “PEGASUS APP “යනුවෙනි, මෙහි ඇති සුවිශේෂත්වය නම් ශ්‍රී ලාංකිකයෙකු පාවිච්චි කරන ඔනෑම දුරකථනයක කැමරා පද්ධතිය, මයික්‍රෆෝන් පද්ධතිය, පිල්ටර්, පොටෝස් ,වට්ස්ඇප් ,වයිබර් සියලුම තාක්ෂණික මෙවලම් මේ හරහා අධි තාක්ෂණික උපකරණයක ලබාගෙන ඒ තුළින් රජයේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට මාන බැලීම කි.

මෙය සමස්ත ජාතියටම සිදුකරන ලද මහත් ව්‍යසනයක් වනවා නියතය, ශ්‍රී ලාංකික ජනතාවගේ පුද්ගලිකත්වය මුළුමනින්ම   කාලක්න්නි පාලකයෙකු  අතට පත් කිරීමේ වන්දිය ගෙවමින් ඇත. ගෝඨාභය සිදු කරන්නේ  මිනිසුන්ගේ පුද්ගලිකත්වය ප්‍රසිද්ධියට පත් කිරීමක් බවයි. තම ස්වාමියා විසින් බිරිඳට යවන දුරකථන පණිවිඩයක් පවා ක්ෂණයකින් කියවීමට හැකියාවක් ලැබෙන මෙම උපකරණය ඉතාමත්ම අධි තාක්ෂණික උපකරණයක් බවත්, මෙය ඇමරිකානු ඩොලර් මිලියන ගණනක් වටිනා බවත් මේ පිළිබඳව අධ්‍යයනය කරන ලද පුද්ගලයින්ගෙන් අප වෙත තොරතුරු ලැබී ඇත.

ඒත් ශ්‍රිලංකාවට එවනි උපකරණයක් ගැනීමට දැන් ඇති වු හදිස්සිය කුමක්ද යන්න පිලිබදව අපි සොයා බැලීමේදි මෙය චීනයේ ඉල්ලීමක් මත සිදු වු දෙයක් බවත් මේවනවිට ඉන්දියානු රෝ ඔත්තුකරුවන් ශ්‍රි ලංකාවේ සිටින නිසාම චීනය විසින් දෙනලද ඇමරිකානු ඩොලර් බිලියන ගානක ණයෙන්  ඊශ්‍රාලයෙන් මිලට ගත් බවට අප වෙතට විශ්වාසදායි තොරතුරක් ලැබී ඇත. ඒත් මෙවනි උපකරණයක් ශ්‍රි ලංකා රජය 30 වසරක් යුද්ධය කාලය දි වත් නොගෙන ඇත. ශ්‍රි ලංකාවට මෙම උපකරණය ගැනීමට කිසිදු ජාත්‍යන්තර අයිතියක් නැති බවත් ශ්‍රි ලංකාව  (GDPR ) The General Protection Regulation  ගිවිසුමට අත්සන් කර ඇති බවත් හෙලි විය. දැනට මෙවනි උපකරණ පාවිචි කරන්නේ චීනය ,රුසියාව ඊශ්‍රලය,හා CIA ,FBI, KGB ,MI5 පමණි .තවද  මෙය ඉන්දියාව හෝ මිලට ගෙන නැත.

මෙවනි උපකරණයක් නිසා ශ්‍රි ලාංකක ජනතාව ගේ පුද්ගලිකත්වය පමණක් නොව මෙරටට පැමිණෙන රාජ්‍යතන්ත්‍රිකයන් ගේ ජීවිත පවා දැඩි අවධානමකට ලක්වී ඇත. දැන්වත් රටේ ජනතාව ගේ ජීවිත විනාශය තම ගේ උළුවස ළඟටම පැමිණ ඇති බව වටහා ගෙන ගෝඨාභය පාලනය ඒලවා දැමීමට වචනයෙන් හෝ දායක විය යුතු කාලය එලඹ ඇත.

  මේ නිසාම මොවුන් දිගින් දිගටම රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහරිමින් ආණ්ඩුවට එරෙහිව හඬ නගන සියලුමවෙබ් පුවත්පත් සියල්ලම අවහිර කරමින් මියන්මාර හමුදා ජුන්ටාව සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනඟමින් සුරේෂ් සලේ විසින් මේ වන විට තවත් රටවල් ගණනාවක ඒ ආකාරයෙ කටයුතු පිළිබඳව සොයා බලමින් රාජ්‍ය බුද්ධි අංශය මෙහෙ වන බව අප වෙත තොරතුරු ලැබී ඇත. මේ පිළිබඳව අප හට ලැබුණුසියලුමතොරතුරු හා වීඩියෝ පහතින් ඇත.

 

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like