උණුසුම් පුවත්

පැන්සලෙන් හරි දමා පෑනෙන් රැකියාව හම්බවෙන ජයසුමන ගේ ඖෂධ නිෂ්පාදන සහායක තනතුරු 18

Spread the love

පැන්සලෙන් හරි දමා පෑනෙන් රැකියාව හම්බ වීම පිලිබදව ඔබට කීවොත් පුදුම වෙනු ඇත.  මේ වන විට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ගෝඨාභය ජනාධිපති වරයා සහ  ආණ්ඩුව ගොනාට ඇන්දවීම ඉමක් කොනක් නැති ව සිදුකරගෙන යන බව තතු දත්තෝ අප වෙත කියා සිටී. මෙහි ආසන්නතම සිදුවීම සිදුව ඇත්තේ පසුගියදා ඖෂධ නියාමන සහායකවරුන් බඳවා ගැනීමේ තරග විභාගයේ දී සිදු වූ සිද්ධීන් ය.

මෙම තරග විභාග සඳහා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ගේ  නිසි සුදුසුකම් සපුරා නැති පසු ගිය කාලයේ ඡන්ද කටයුතු සිදුකට පුද්ගලයන්  නිෂ්පාදන සහායක තනතුරු  18 දෙනෙකු විභාගයට වාඩි කර ඇත. එම  පෙනී සිටි 18ට දෙනාට උපදෙස් ලැබී ඇත්තේ එම තරඟ විභාඟයේ ප්‍රශ්ණවලට හරි ලකුණ සලකුණු කිරීමට දී ඇත්තේ පැන්සෙලිනි.  ඉන් පසුව  18ට දෙනා ගේ ප්‍රශ්ණ පත්‍ර නිවැරදි උත්තර පැනෙන් සලකුණුකර ඇත. මෙය සිදු කර ඇත්තේ වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශය.

  නිවැරදි පිළිතුර පෑනෙන් ලකුණු කර එම 18 දෙනා රැකියාවට බඳවා ගෙන ඇත.  රැකියා නොමැති තරුණයින් 18 දෙනකුට ලංකාවේ කොහේ හෝ රැකියාවක්  හමුවීම පිළිබඳ අපේ කිසිදු විරුද්ධත්වයක් නැත. චන්න ජයසුමන නැමැති මහාචාර්ය ගොබ්බයෙක් සිදුකරන මෙම ක්‍රියාවේ අවසාන ප්‍රතිඵලය විඳින්න සිදුවන්නේ ශ්‍රී ලංකාවේ කොහේ හෝ කොනක ජීවත්වෙන සමහරවිට ජීවිතයත් මරණයත් අතර දිවි ගෙවන අහිංසක රෝගියෙකුට ය .එසේ වන්නේ ඖෂධ නිෂ්පාදන සහායක තනතුර වැනි රෝගියෙකුගේ ජීවිතයට බලපාන සුවිශේෂිත වූ රැකියාවකට කිසිදු සුදුසුකමක් නොමැති  අයෙකු වංචා සහගතව රැකියාවට ගෙන චන්න ජයසුමන සෙල්ලම් කරන්නේ රටේ ජනතාව ගේ ජීවිත සමඟය.

 වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ නමැති අධ්‍යක්ෂකවරයා සමගය. මෙම උත්පල ඉන්ද්‍රවංශ නැමැති පුද්ගලයා චන්න ජයසුමන ගේ අතිජාත හෙංචයියෙක් බව අප මීට පෙර ද කියා ඇත.   මේ පිළිබඳව කිසිවක් නොදන්නා ගෝඨාභය රාජපක්ෂ කිසිවක් නොදනීම අභාග්‍යකි.


Spread the love

Leave a Comment

You may also like