උණුසුම් පුවත්

ගම සමග පිළිසඳර හෙට (20 ) කලගන්වත්ත ලොබුවල තැන්න ගම්මානයේදී….

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට (20 ) වලපනේ දිස්ත්‍රික්කයේ, වලපනේ පොලිස් බල ප්‍රදේශයට අයත් කලගන්වත්ත ලොබුවල තැන්න ගම්මානයට පැමිණ ගම්වාසීන්ගේ දුක සැප සොයා බැලීමට නියමිතය.  මෙම ලොබුවල තැන්න ගම්මානය ඉතාම සශ්‍රීක සහ අවට රන්දෙණිගල ජලාශයේ මායිම් රක්ෂිතය සහ තවත් පසෙකින්  පිදුරුතලාගල රක්ෂිතයට පරිවාර රක්ෂිත විශාල ප්‍රමාණයක් පිහිටුවා ඇති   ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශයේ දී කළ ගං වත්ත ලොබුවල තැන්න ගම්වාසීන් හමුවී ඔවුන්ගේ ප්‍රශ්න සහ ගැටළු පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත. හෙට දින   ජනාධිපති වරයා ගම්මානයට පැමිණීමට පෙර මේ වනවිට රජයේ ප්‍රධාන පෙළේ සභාපතිවරුන් සහ රාජ්‍ය සේවකයින් විශාල ප්‍රමාණයක් නුවරඑළිය වලපනේ අවට හෝටල් වල  නැවතී සිටින බවද අප වෙත දැනගැනීමටඇත.

එසේම මේ වන විට වාහන 250  ආසන්න ප්‍රමාණයක් ,රජයේ සංස්ථා ,දෙපාර්තමේන්තු,හා සියළු රාජ්‍ය ආයතන වල අමාත්‍යංශ ලේඛම්වරුන් සියළු දෙනාම මේවනවිට නුවර එලියට ,  දිස්ත්‍රික්කයට පැමිණ ඇත. මෙම ලොබුවල තැන්න ගම්මානයට  ගමන් කිරීමට ඇත්තේ කුඩා කොන්ක්‍රීට් දැමූ පාර කි. ඒත් දැනට රටේ මහා පරිමාන වන විනාශයක් සිදුවන නිසාම ගම්වාසින් ජනාධිපති වරයා ගේ පැමිණීම නිසා මහත් භීතියකට පත්ව ඇත්තේ අවට කැලය කපා දමා වලපනේ, නිල්දණ්ඩාහින්න, කලගන්වත්ත මාර්ගය කැපීමට යෝජනාකරයි දෝ සිතාය…..? ඊට ගමමුන් දැඩි අකමැත්තක් ඇත්තේ වලපනේ කලඟන් වත්ත දැඩි බෑවුම් සහිත නිතර නායයාමට ලක්වෙන නිසාවෙනි. සී.බී.රත්නායක නැමති  වන විනාශ භරකරු (වන සම්පත් ඇමති ) වලපනේ ප්‍රධාන සංවිධායක ද නුවර එලිය පාර්ලිමේන්තු මංත්‍රිද වන නිසාවෙනි.


Spread the love

Leave a Comment

You may also like