ශානිකා උදේශාණි,
මොනරාගල සිට ලියයි
තාක්ෂණය එක් පුද්ගලයෙක්ට ,එක් ජනවර්ගයකට, එක් නගරයකට , එක් රටකට සීමාවූවක්ද ? නොමැතිනම් මෙලොව උපන් සියලුදෙනාටම අයිති දෙයක් ද? මෙය සිතන්න කරුණකි . තාක්ෂණය දියුණුවෙන ලෝකයේ සියලුදෙනාටම අත්‍යවශ්‍ය අංගයක් බව තර්ක විතර්ක නොකරම පිලිගතයුතු සත්‍යයකි . නමුත් තාක්ෂණය මහා රුක්ශයක්සේ ප්‍රධාන නගර වෙලාගෙන ඇති යුගයක ග්‍රාමීය ප්‍රදේශවලට සිදුවී ඇත්තේ තාක්ශණයේ සෙවනක් සොයා දෑස් දල්වා ගෙන බලා සිටින්නටය.
ගස් , ගල්, ටැංකි වල පිහිට පතා තම ජීවිතයද අනතුරේ හෙලමින් තවමත් 4G සොයන දරුවන් අප සමාජයේ කොතැකුත් නම් සිටින්නේ ද ? තියෙන තැනටම තවත් ලැබෙන නියායට පිං සිද්ධවන්නට තවමත් බොහෝ ප්‍රදේශවල දරුවන් අසරණ වී සිටියි.
ගම් වල දක්ශ ,බුද්ධිමත් දරුවන් ට ඉදිරියට යන්නට මිලමුදල් වගේම තාක්ෂණයත් අත්‍යාවශ්‍ය වේ. බොහෝ දරුවන්ගේ ජීවිත ගමටම ගෙදරටම සින්නවී යයි. තාක්ශණයේ වැරදි සොයන මිනිසුන් බොහෝ බිහිවී ඇත්තේද හරියාකාරව ඒ දෙය ගැන නොදන්නාකම නිසාය. තවමත් පරිඝනකයක් අල්ලා බලන්නටවත් නොලැබුන ළමයි ඇතැම් ග්‍රාමීය පාසල් වල තවමත් සිටිනවා.
ඔවුන් එක් දෙයක් පවසනවා ඒ කොලඹට කිරි ගමට කැකිරි කියාය එය තේරුම් ගැනීම ඔබ සතුය.වනයේ පිපි මල් ඒ වනයෙහිම පරවී යාමට ඉඩ හරිනවාද සංවර්ධිත රටක් හදන ගමනට මොවුනුත් සහභාගී කරගන්නවාද. සිතීම ඔබ සතුය.