උණුසුම් පුවත්

පුදුමයි ………ඒත් ඇත්තයි……… පාස්කු මහමොළකරු සෙවීමට පත් කළ ජනාධිපති කොමිසම කුඩු මහා මොළකරු වූ ජේෂ්ඨ පොලිස් අධිකාරි වරයෙකුට නියෝජ්‍ය පොලිස්පති තනතුරක් පිරිනමයි.

Spread the love

 පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනයට ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරන ලද කොමිෂම  “යන්නේ කොහෙද මල්ලේ පොල් “යන ආකාරයේ වැඩක් සිද්ධ කරමින් බොම්බයේ මහමොළකරු වෙනුවට,  කුඩු මොල කාරයෙක් වූ ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ නැමැත්තෙකු ට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීමක් පිරිනමා ඇති බව මේ වන විට අප වෙත ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

කලක් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ එහිදී පොලිස් පරීක්ෂක රංගජීව විසින් කුඩු කිලෝ 5 කට ආසන්න ප්‍රමාණයක් සමඟ වහනයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එම කුඩු අයිතිකරු සමග අත්අඩංගුවට ගත් වාහනය පරීක්ෂාවේදී එම හෙරොයින් මත්ද්‍රව්‍ය සමග නිවසක සහ වාහන කීපයක යතුරු කැරැල්ලක් හමුවිය .එම යතුරු කැරැල්ල පිළිබඳව වැඩිදුර විමර්ශනයට යාමේදී සහකාර පොලිස් අධිකාරිවරයෙකු මෙම විමර්ශනය සිදු කිරීමේදී මෙම සැකකරුවෝ හෙළි කරන හෙළිකර ඇත්තේ එම යතුරු කැරැල්ල පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේ ගේ නිවසේ යතුරු කැරැල්ල බවයි. මේ පිළිබඳව දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් පසුව  යතුරු කෙල්ල රැගෙන සහකාර පොලිස් අධිකාරිවරයෙකු මෙම ප්‍රියන්ත ලියනගේ ගේ නිවසට ගොස් නිවසේ දොර යතුරෙන් ඇර බැලීමේදී ඔහුගේ නිවසේ දොර විවෘත වී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එවකට පොලිස්පතිවරයා මෙම පොලිස් අධිකාරිවරයා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉවත්කොට වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරු  කර ඇත. පරීක්ෂක රංගජීව මේ පිළිබඳව කරන ලද විමර්ශනයෙන් පසු  පොලිස් අධිකාරී ප්‍රියන්ත ලියනගේට චෝදනා පත්‍රයක් ලබාදී, එම සිද්ධිය පිළිබඳව දීර්ඝ  පොලිස් විශේෂ විමර්ශනයක් සිදු කර ඇත. එසේ තිබියදී ඒ සියල්ල උඩු යටිකුරු කරමින් වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන හිතවතෙකු වශයෙන් ඔහු ක්‍රියා කිරීම හේතු කරගෙන පාස්කු ප්‍රහාරය  කොමිෂන් සභාවේ  විමර්ශන නිලධාරියා වශයෙන් ඔහු අනුයුක්තව කෙරුණි.

 මෙසේ අනුයුක්ත කිරීමේ දී ඔහු සිදු කර ඇත්තේ එකම කාර්යය නම් කොමිසම තුළ ඇති කාමරයකට වී නිතරම නිදා ගැනීම ය. කෙසේ වෙතත් අවසානයේ ඔහුට කොමිසමේ නිර්දේශය නම් ඩී.අයි.ජී. තනතුරට උසස් කිරීමට නිර්දේශ කිරීමය. හෙරොයින් ජාවාරම්කරුවෙකු වූ ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ නැමැති අයට උසස්වීමක් නිර්දේශය මෙය ” යන්නේ කොහෙද මල්ලේ පොල් ”  කොමිසමක් බව අප කියන්නේ ඒ නිසාය .

 පාස්කු ප්‍රහාර විමර්ෂණ කොමිසමේ සිටි ප්‍රියන්ත ලියනගේ උසස් වීම ලබන විට පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා ගිය එම  ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 02 ක් හා තවත් කිසිදු  හේතුවක් නොමතිව තවත් දෙදෙනෙකුද  04 දෙනකු  වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට සියල්ල සූදානම් කර ඇති බව අප මීට පෙර හෙළි කළෙමු.එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් නම් ජේෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ,  ජයසිංහ , ජගත් විශාන්ත, ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි  යන අයවලුන් සේවය අවශ්‍යතාවය මත යැයි හඟවා වහාම ස්ථාන මාරු කිරීමට සූදානමක් පවතින බව අප මීට පෙර රටට හෙළි කළෙමු .

මෙම හෙළි කිරීමත් සමගම මේ පිලිබදව කටයුතු කළ ඇමැතිවරයා ලබා දුන් ලිපිය මේ වනවිටත් පොලිස්පතිවරයා සතුව ඇති නමුත් ඊට කිසිදු පියවරක් නොගැනීම ට හේතුවක් වී ඇත. ඒ හේතුව නම් මෙයින් එක් නිලධාරියෙකු චමල් රාජපක්ෂ අමාත්‍යවරයා ලවා එම ස්ථාන මාරුවීම් අවලංගු කර ගැනීමට සූදානම් වන බව අප වෙත මේ වන විට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත.

පාස්කු ප්‍රහාරයේ ප්‍රථම විමර්ශන වැලිකඩ සිපිරි ගෙදර උසස් වීම :….

මෙම ජේෂ්ඨ නිලධාරීවරුන් ස්ථාන මාරු කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් පිළිබඳ විමර්ශනය සිදු කිරීමේ හේතුවයි. පාස්කු ප්‍රහාරයේ ප්‍රථම විමර්ශනය ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර විසින් සිදු කිරීමෙන් අනතුරුව ඔහුට හිමි වූයේ වැලිකඩ සිපිරි ගෙදර උසස් වීම ය දැන් ඉන්පසුව එම විමර්ශනය භාර වී තිබුණේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාරී  එවකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර අධ්‍යක්ෂ වශයෙන් සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් විශාන්ත, මෙහිදී එම නිලධාරීන් දැඩි කැපවීමකින් හා උනන්දුවකින් සියලුම විමර්ශන කටයුතු ඉදිරියට ගෙන ගොස් සහරා පැන යෑම තෙක්ම සියලු විමර්ශන සිදුකොට නීතිපතිවරයාට ගොනු තුනක් යවා ඇත.එම යවා ඇති ගොනුවල අංකයන් පවා අප සතුව මේ වන විටත් ඇත.

මේ පිළිබඳව නීතිපතිවරයාට යවා ඇති නමුත් මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම   ඉතාම හාස්‍යජනකය. පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සහරා නිවසේ බෝම්බ පිපිරීමක් සමඟ ම  අහසෙන් ඉගිලී ගියා නොව ඇය ඒ අවස්ථාවේදීම පැමිණි රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඉතා ආරක්ෂිතව රැගෙන ගොස් ඇති බව අප ඉතා වගකීමෙන් සඳහන් කරන්නේ ඒ පිළිබඳව මෙම උසස් නිලධාරීන් එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ගේ තිබූ විමර්ශන ගොනු වේද ඒ පිළිබඳව සටහන් වී තිබූ තිබී ඇත.

  ඒ නිසාම මෙම නිලධාරීන් කොළඹින් බැහැරව වෙනත් ප්‍රදේශවලට යවා මානසික පීඩනයකට පත් කිරීම මෙම වර්තමාන  රජයේ අවශ්‍ය වී ඇති බව අප ඉතා වගකීමෙන් සටහන් කරන්නෙමු සහරා රැගෙන යාම පිලිබදව විමර්ෂණයක් සිදු කොට ඇත්තේ එදා ත්‍රස්තවිමර්ෂණ ඒකකයේ නිලධාරින් ගේ දක්ෂතාවය නිසාය. කෙසේ වෙතත් දැන් බෝමබකරුවන් සෙවීමට අවංක උත්සහායක් ගත් නිලධාරින් සිපිරි ගෙට දැක්කීම ට ද ප්‍රියන්ත ලියන ගේලා වැනි කුඩු ඩීල් කරුවන් කරලියට ගෙන ඒමද ගෝඨා ගේ පාස්කු කොමිසමේ අරමුණයි.


Spread the love

Leave a Comment

You may also like