නලීන් දොඩන්ගොඩ
නාගානන්ද කොඩිතුවක්කු මේ වන විට බැසිල් රාජපක්ෂගේ ප්‍රබල බලල් අතක් වී ඇති බව අප වෙත වාර්තා වේ . නාගානන්ද කොඩිතුවක්කු කරළියට පැමිණෙන්නේ ජනාධිපතිවරණයට පෙර සිටය. ඒ ඔහු නීතිඥයකු වශයෙන් ඉතාම හොඳ නමක් තබා ගෙන සිටි හෙයිනි. ඔහු කලක් බ්‍රිතාන්‍ය පුරවැසියකු වශයෙන් සිටිමින් පසුගිය ජනාධිපතිවරණයට එක්වරම පැමිණෙමින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට අවතීර්ණ විය.
නාගානන්ද කොඩිතුවක්කු පිළිබඳව දිගින්, දිගටම සොයා බැලීමේදී ඔහු පිළිබඳව මේ වන විට බොහෝ ගවේෂණාත්මක තොරතුරු අප වෙත ලැබී ඇත. මෙහිදී සුවිශේෂිත වූ සිද්ධි දාමයක් ගෙන බැලීමේදී චතුර කථිකත්වයක් ඇති නාගානන්ද නීති වෘත්තීය පිළිබඳව අඩුවක් නැතුව සිදුකරන ලබන තැනැත්තෙක් බව කිව යුතුය. ඔහු මෙහෙයවන්නෙ කවුද යන්න අප හට මේ වන විට ඉතා හොඳින් පැහැදිලිව ඇත.
අද ඔහු මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ගොස් හදිසියේම දෙමළ ජාතික සන්ධානයේ ව්‍යවස්ථාව ලබාගෙන ව්‍යවස්ථාවේ අකුරක් නෑර කියවමින් දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකා දේශපාලනයෙන් තහනම් කිරීමට වෙර වීරිය දරමින් ඇත. ඔහු එසේ කිරීමට සූදානම් වන්නේ ඉදිරි 24 වන දින පැවැත්වෙන එක්සත් ජාතික සංවිධානයේ මානව හිමිකම් සැසිවාරයට සුමන්දිරන් මන්ත්‍රීවරයා සහ දෙමළ ජාතික සන්ධානය ශ්‍රී ලංකාවේ දේශපාලන , හිමිකම් පිළිබඳව ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව කිපී ඇති රාජපක්ෂලා නාගානන්දට දී ඇති කොන්ත්‍රාත්තුවක් බව මේ වන විට අප වෙත වාර්තා වේ
යහපාලන රජය සමයේ දී ශ්‍රී ලංකාවේ කුමන රජයක් බලයට පත්වුවත් ආණ්ඩුවට විරුද්ධව රටක නීතිය හා සාමය සමග පුද්ගලයෙකු සෙල්ලං කරන්නේ නම් ඔහුට කිසිසේත් ඊට ඉඩ දිය යුතු නොවේ .ඉන් අදහස් කරනු ලබන්නේ ඔහු මරා දැමීම හෝ නීතිවිරෝධී ආකාරයෙන් අඩපණ කිරීම නොව නීතියානුකූලව ඒ පිළිබඳව වහාම පොලිසිය ,යුද හමුදාව මැදිහත්වෙන්න කර ඒ පිළිබඳව අපගේ කිසිඳු විවාදයක් නැත . යාපනයේ ක්‍රියාත්මක වූ ආවා කල්ලිය තුළින් පීඩනයට පත් අහිංසක යාපන වැසියන් සහ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සමහර නිලධාරීන් තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර සටනකින් බේරුණු අවස්ථා එමටය.
යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ දී ආවා කල්ලියේ එම නඩු කටයුතු වෙනුවෙන් නාගානන්ද කොඩිතුවක්කු ගුවන් යානයකින් යාපනයට ගොස් නැවත පැමිණෙමින් ආවා කල්ලියේ පෙනී සිටිය බව අපි දනිමු .ඒ පිළිබඳව ඔහුට ඕනෑම චූදිතයෙකු හෝ පැමිලිකරුවෙකු වෙනුවෙන් නීතිඥ වරයෙකු වශයෙන් පෙනී සිටීමේ අයිතියක් නැතැයි අපි කිසිවිටෙකත් නො කියන්නෙමු .ඒත් ආවා කල්ලියේ පුද්ගලයින් සමාජ විරෝධී සහ රාජ්‍ය විරෝධී කටයුතුවල නිරතව නගානන්ද කොඩිතුවක්කුට ගුවන් ගමන් සඳහා යාමට ඒමට මුදල් වියදම් කිරීමට හැකි දැයි යන්න ප්‍රශ්නයකි. සැමවිටම විනිවිදභාවය ගැන කතා කරන නාගහනන්ද කොඩිතුවක්කුගේ විනිවිදභාවය පිළිබඳව මෙහිදී දැඩි සැකයක් අප හට ඇත. ඒත් රාජපක්ෂලා ගේ නිතිවිරෝධි කොමිසන් පිලිබදව කිසිවක් ප්‍රකාශ කිරීමට ඔහු ඉදිරිපත් නොවීමට ඉතාම පරිස්සම් වී ඇත.
ඊයේ මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් රැගෙන පැමිණි දෙමළ ජාතික සන්ධානයේ ව්‍යවස්ථාව අධ්‍යනය කරමින් සොයා බලන්නේ දෙමළ ජාතික සංවිධානය තහනම් කිරීමට පොටක් පාදා ගැනීමටය. ඒ බැසිල් රාජපක්ෂගේ අවශ්‍යතාවය ඉටු කිරීම වෙනුවෙනි. පක්ෂය තහනම් කර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් දෙමළ සන්ධානය ඉවත් කිරීමට, ඒත් සමගම ඔවුන්ට කොටි ලේබලය නැවත අලවා දී පැත්තකට කිරීම බැසිල්ගේ ඇඟට ගුණ බව යි
මේ සියල්ල නාගානන්ද සිදු කරන්නේ රටට ,ජාතියට ,හෝ ආගමට ආදරේ කිරිමකින් නොව ඔහු මේ සිදු කරන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ආකාරයට ඉදිරියේ පැවැත්ම සඳහාය ,ඒ සඳහා වූ තවත් හොඳම සන්නාමයක් තෝරාගෙන ඇත .ඒ සන්නාමය ” ආවා ” කල්ලියේ නායක අරූණ් සිද්ධාර්ථන්හරියට ගෙනෙන්නේ talk with chathura වැඩසටහනෙන් දෙරණ නාලිකාවක් ඉන්පසුව කුඩු නාලිකාව වූ රේනෝ සිල්වාගේ හිරු නාලිකාවේ මේ තුළින් පැමිණෙන ආවා කල්ලියේ නායකයා දැන් කරේ තියාගෙන ගෙනියන්නේ නාගානන්ද කොඩිතුවක්කු සහ ඔහුගේ තවත් වෙබ් මාධ්‍ය මේ තුළින් අපට කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක සිටින මහලොකුවට කයිවාරු ගහන නාගානන්ද කොඩිතුවක්කු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ජාතික දෙමළ සන්ධානය ඉන් ඉවත් කොට බැසිල් ලාට gotala ට පාර සුද්ද කර දී දැන් ලහි ලහියේ නාගානන්ද ඒ පිළිබඳව දරදිය අදිමින් මහන්සි වන්නේ එයටය.
එදා නාගානන්ද රට පුරා යමින් තමා ව්‍යවස්ථාවක් නිර්මාණය කළ බවත් වහාම ජනාධිපතිවරණයට තමා එන බවත් ජනතාව ඔහු වටා පෙළ ගැසුනත් අවසාන මොහොතේ රාජපක්ෂලාගේ කීමට ඔහු සියල්ල යටට දමා නිරුත්තරව බලා සිටියාය. මෙයින් හැඟී යන්නේ නාගානන්ද කොඩිතුවක්කු බැසිල් රාජපක්ෂගේ ගමනට තවත් ආශිර්වාද කරමින් අවශ්‍ය පාවඩ එලා දීම සඳහා රාජපක්ෂලාගේ කදවුර ශක්තිමත් කිරීම නාගානන්දගේ ලොකුම සේවාව වී ඇති බවයි.
නාගානන්ද අද මේ දෙමළ ජාතික සන්ධානය ව්‍යවස්ථාව ගැන ඔහු ලහිලහියේ කටයුතු කරන්නේ ඉදිරියේදී ආර් සම්බන්ධන් ගේ නායකත්වය අවසන් වූ වහාම ඒ සඳහා පත්වන්නේය සුමන්දිරන් මන්ත්‍රීවරයා ගේ ගමන වළක්වා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයෙන් දෙමළ ජාතික සන්ධානය පලවා හැරීමටය එය රාජපක්ෂලාගේ ප්‍රධානතම අවශ්‍යතාවයකි.
උතුරේ තරුණයින් තුළ සිංහල ජනතාව කෙරෙහි වෛරය ඇති කරවීමට අවශ්‍ය අඩිතාලම අරූණ් සිද්ධාර්ථන් (ආවා කල්ලියේ නායක ) ලවා සිදු කරමින් ඇත. මෙය රාජපක්ෂ දීර්ඝකාලීන සැලැස්මකි.
(තවත් විශේෂ තොරතුරු මීළඟ ලිපියෙන් )
ස්තුතිය දෙරණ නාලිකාවට
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස