මේ වන විට සමස්ත රට තුළ සිටින වෛද්‍යවරුන්ට ,හෙදියන්ට සහ රෝගීන් සමග මුහුණට මුහුණ ගැටෙන (frontline workers )සඳහා කොරෝනා එන්නත වහාම ලබාදිය යුතු වුවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එය මුලින්ම ලබාදීම පිළිබඳව තමාගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ,ඔහු අද පාර්ලිමේන්තුවේ දී තම එන්නත ලබා නොගැනීමට තීරණය කර ඇත .ඔහු Twitter පණිවුඩයක් මාර්ගයෙන් කියා සිටී.
![]()
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා ඇති පරිදි රටේ ජනතාව ගේ ජීවිත මේ වන විට දැඩි අවදානම් තත්ත්වයකට පත්ව පත්ව ඇති මොහොතක ,කොරෝනා රෝගීන් සමග එක එල්ලේ ම තම රාජකාරිය සිදු කරන පුද්ගලයින් ගැන කිසිදු තැකීමක් නොකර තමා තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් එම එන්නත ලබා ගැනීමට කිසිසේත් සූදානම් නොවන බව ඔහු කියා සිටී. රජයෙන් ඉල්ලා සිටින්නේ මන්ත්‍රීවරුන්ට එන්නත ලබාදීමට පෙර කොරෝනා රෝගීන් සමග මුහුණට මුහුණ ලා ගැටෙන (frontline workers ) වෙත මෙම එන්නත ලබාදිය යුතු බවයි.
ලෝකයේ සෑම රටක් ම තම රටේ එන්නත් කිරීම ආරම්භ කළේ රටේ වයෝවෘද්ධ පුද්ගලයින්, සහ විවිධාකාර රෝගාබාධ වලට ලක්ව ඇති අයට සහ එම corona ආශ්‍රිතයෙන් සමග මුහුණට මුහුණ ලා ගැටෙන ( frontline workers ) යන අයට එන්නත් ලබා දීමෙන්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ වෙනත් ඕනෑම කෙනෙකුට එන්නත ලබාදීමට ලෝකේ රටවල් ක්‍රියා කර ඇති බවයි.
මන්ත්‍රීවරුන් පමණක් ආරක්ෂා විය යුතු යැයි සිතා මෙම එන්නත ලබාදෙන්නේ නම් එය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන අතර සමස්ත ජනතාව අතර ගැවසෙන රටේ ප්‍රධානම වෛද්‍යවරුන් හෙදියන් සහ සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩල සඳහා මුලින්ම ලබාදී පසුව රටේ ජනතාව සමඟ මන්ත්‍රීවරුන් ලබාගත යුතු බව ඔහුගේ අදහසයි
මෙය නූතන දේශපාලන සදාචාරයක් බව රටේ ජනතාවට තේරුම් යා යුතුය. පාරම්පරික දේශපාලනයෙන් ඔබ්බට ගිය නූතන තරුණ දේශපාලනඥයින්ට මෙවැනි හැඟීමක් ඇතිවන්නේ නම් රට යම් පියවරක් හෝ ඉදිරියට තැබිය හැකි වේ.
ජනතාව මරා තමා ජීවත් විය යුතු යැයි සිතන ශ්‍රී ලංකාවේ මැතිඇමතිවරුන්ට හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගේ මෙම ප්‍රකාශය තුළින් නූතන දේශපාලනය පිළිබඳව යමක් සිතිය හැකි බව අපගේ අදහසයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස