ඇමරිකන් පුරවැසි භාවය තිබියදීම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ට පටහැනිව ජනාධිපති තරඟ බිමට ඒමට ගෝඨාභය රාජපක්ෂට ඉඩකඩ සලසා ඉන් නොනැවතී ඔහුගේ ජයග්‍රහණය සහතික කර දීමට ඇප කැප වූ ඇමරිකාව ප්‍රමුඛ ඉන්දියාව, තමන් බලයට රැගෙන ආ ඇමෙරිකානු පුරවැසියා බලයෙන් පහ කිරීමට අවශ්‍ය මෙහෙයුම මේ වන විට ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ඇමරිකාව හා ඉන්දියානු රාජතාන්ත්‍රික ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තාවේ.
ඇමරිකාව සහ ඉන්දියාව මැදිහත් වී මෙම සැලසුම ක්‍රියාවට නැංවීමට හේතු වී ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ද මහින්ද රාජපක්ෂ මෙන්ම දැඩි චීන ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට පෙළඹීම නිසා බව එම ආරංචි මාර්ග අනාවරණය කරයි.
මිලේනියම් සිටි ගිවිසුම අත්සන් කිරීමට ක්‍රියා නොකිරීම මෙන්ම ශ්‍රී ලංකා වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට ගෝඨාභය රාජපක්ෂ ක්‍රියා නොකිරීම මෙම මෙහෙයුම දියත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත .
ගෝඨාභය රාජපක්ෂ ඉවත්කොට එම ස්ථානයට සමගි ජනබලවේගයේ හෝ විපක්ෂයේ වෙනත් පුද්ගලයෙකු පත්කිරීමට .කිසිසේත්ම සූදානමක් නැති බවත්, එසේ කිරීමට මෙම අවස්ථාව සුදුසු නොවන බවත්, මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර බලවේගය තීරණය කර ඇති අතර, ගෝඨාභය රාජපක්ෂ වෙනුවට තමන්ට පාලනය කරගත හැකි හොඳම පුද්ගලයා ලෙස පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂව ඔවුන් විසින් තෝරාගෙන ඇත.
ඇමරිකානු – ඉන්දියානු මෙම මෙහෙයුම පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමගම, ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයත් එහි බලධාරිනුත් පොදුජන පෙරමුණ තුළ සිටින විමල් වීරවංස, ගම්මන්පිල ,වාසුදේව සහ තිස්ස විතාරණ වැනි පිරිස් යොදවාගෙන ගෝඨාභය රාජපක්ෂව පොදුජන පෙරමුණ තුළ ප්‍රබල චරිතයක් බවට පත් කිරීමට මේ වන විට ප්‍රයත්න දරමින් සිටින බව අනාවරණය වී ඇත. මේ සඳහා ඇල්ලේ ගුණවංශ, මැදගොඩ අබේතිස්ස ඇතුළු ගෝඨාභය වාදීන් ද පෙරමුණ ගෙන ඇත්තේ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් ලැබෙන උපදෙස්හා මූල්‍ය ආධාර ඇතිව බවද මේ වන විට හෙළිවී ඇත. ඇල්ලේ ගුණවංශ හිමි ට මීට පෙරද නොදන්නා චීන ජාතිකයෙකු විශාල මුදලක් අඩංගු චෙක්පතක් පිරිනමා ගිය බව ද උන්වහන්සේම මීට පෙර වදාරා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට නැවත බලය ලබාගැනීම මහ පොළොවේ යථාර්ථයක් නොවන බව දන්නා එම ජාත්‍යන්තර බලවේගය, මෙම මෙහෙයුම තුළ රනිල් වික්‍රමසිංහ ගේ සහාය බැසිල් රාජපක්ෂ සම්ප්‍රාප්තිය වෙනුවෙන් ලබාගැනීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට සිදු කරමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.
මේ අනුව ඉදිරියේදී පොදුජන පෙරමුණ තුළ දැඩි අර්බුද මතු විය හැකි බවත් ,මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පුත්‍රයා වන නාමල් රාජපක්ෂ ඉතා අසරණ තත්ත්වයට පත්වනු ඇති බවත්,මෙම මෙහෙයුම සංවිධානය කරන බලවේග වල තක්සේරුව වී ඇත.
එහෙත් මෙම මෙහෙයුමට එරෙහිව චීනය තමන්ට කළ හැකි උපරිම ප්‍රතික්‍රියාවන් සිදු කරනු ඇති අතර, ඒ අනුව නුදුරු කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය තීව්‍ර වනු ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස