පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූයේ කෝ්විඩ් වැළඳීමෙන් මියයන මුසල්මානු දේහයන් ආදාහනය කිරීමයි.සිය බැතිබර ආගමික ඇදහිල්ලට එරෙහිව මුසල්මානු දේහයන් ආදාහනය කිරීම පිළිබඳව ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව තුල පැවතියේ ඉතා සංවේගජනක වටපිටාවකි.තමන්ගේ අනෙකා ගේ මේ සිත් තැවුල ජාතිවාදී සිංහලයන්ගේත් රාජපක්ෂවාදී භික්ෂු බලකායේත් බලවත් සතුටට හා උද්දාමයට හේතු වී තිබුණි.රාජපක්ෂවාදී මාධ්‍යයන් මගින්ද කෝවිඩ් වැළඳී මියගිය මුසල්මානු දේහයන් භූමදානය කිරීමෙන් භූගත ජලය දූෂණය විය හැකි බවට දිගින් දිගටම වාර්තා කෙරිණි.මෙම මාධ්‍යයන්හී එම වාර්තාවන් තහවුරු කිරීමට වොයිස්කට් ලබා දුන් විශ්ව විද්‍යාල මහචාර්ය වරුන් සහ වරියන්ට ඒ පිළිබඳව තිබූ එකම සුදුසුකම වූයේ රාජපක්ෂවාදී වහල්බව පමණකි.මුසල්මානු කෝවිඩ් මරණ මෘතදේහ භූමදානය කිරීමෙන් පස හා ජලය දූෂණය වෙන බවට ඔවුන් ඉදිරිපත් කළ අදහස් විද්‍යාත්මක පදනමකින් ඉදිරිපත් කළ ඒවා නොවේ.මෙම මහචාර්යවරුන් හා වරියන් පස පිළිබඳව හැදෑරූ අයවළුන්ද නොවන බව ඔවුන්ගේ වෘත්තිමය විෂය පිළිබඳව අවධානය යොමු කරන්නෙකුට සිතා ගත හැකිය .එහෙත් රාජපක්ෂ දේශප්‍රේමී ජාතිවාදී මාධ්‍ය නඩයට අවශ්‍යවූයේ මෙම වොයිස්කට් මහචාර්යවරුන් හා වරියන් ලවා ජනතාව ඇන්දීම මිස අන් යමක් නොවේ. ශ්‍රී ලාංකික සමාජය තුල දීර්ඝ ඉතිහාසයක් තුල සහෝදරත්වයෙන් ජීවත්වූ මුස්ලිම් ප්‍රජාව රිදවීම හා කොන්කිරීමට වඳ කොත්තු වඳ ජංගි හා වඳ සැත්කම් වැනි සංවිධානාත්මක ඇවිලීම් සිදුකල ජාතිවාදී හා අන්තවාදී රාජපක්ෂවාදී නඩයට කෝවිඩ් වැළඳී මියගිය මුසල්මානු මෘතදේහ ආදාහනය කිරීම තරම් සතුටක් හා වින්දනයක් අන් යමකින් නොලැබූ තරම්ය.ඔවුන් ඉන් සමාජගත කෙරුවේ සිංහල දේශප්‍රේමිත්වයයි .
එහෙත් මේ වනවිටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ශ්‍රී ලංකාවේ විශේඥ වෛද්‍ය කමිටුවක් මගින්ද කෝවිඩ් රෝගීව මියගිය මෘතදේහ ආදාහනය අවදානම්කාරී නොවන බවට හා ඉන් පාරිසරික දූෂණයක් හෝ සෞඛමය හානිදායක තත්වයක් ඇති නොවන බවට විද්‍යාත්මක පදනමක පිහිටා වාර්තා කොට තිබුණි. එහෙත් රාජපක්ෂ ආණ්ඩුව ඒ කිසිත් නොතකා නොඇසූ කන්ව කටයුතු කරන ලද්දේ ව්‍යාජ දේශප්‍රේමිත්වය තුල සිංහල සමාජය තුල බලය තවදුරටත් තහවුරු කරගනිමින් පවත්වා ගැනීම සඳහාය
එහෙත් අද දින පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින් කියා සිටියේ කෝවිඩ් වැළඳී මියගිය දේහයන් භූමදානයට අවසර දෙන බවය.මෙම ප්‍රකාශය අග්‍රාමාත්‍ය වරයාගේ වයස්ගත බව නිසා ඇතිවන සිහිවිකල් බවකින් සිදු නොකළ ප්‍රකාශයක් බවද සහතිකය.
කෙසේවෙතත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මෙම ප්‍රකාශයෙන් ජාතිවාදී රාජපක්ෂ නඩය තක්බීරි වූ බව නම් පැහැදිලිය.කෝවිඩ් වැළදී මියයන මුසල්මානු දේහයන් ආදාහනයට ඉඩදුනහොත් ආණ්ඩුව ගෙදර යවන බවට පාරම් බෑ ජාතිවාදී බෞද්ධ චීවර හමුදාවටද කට උත්තර නැතිවිය
මුසල්මානු ප්‍රජාවට එරෙහිව සැමවිටම කටයුතු කළ රාජපක්ෂ ආණ්ඩුව මේ හෝරාවේ සිංහල සමාජය අන්දුන් කුන්දුන් කරවමින් ඇඳ සිටි ව්‍යාජ දේශප්‍රේමිත්වයේ සළු පිළි එකවර ගලවා දැමූයේ කවර වටපිටාවක් නිසාදැයි සලකා බැලීම වටී
මෙහි ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ පසුගියදා පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා මුස්ල්මානු ප්‍රජාවගේ පා ගමන දැක්විය හැකිය .මෙම පා ගමනට එරෙහිව රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය දක්වමින් කිසිදු මුසල්මානු පාර්ශවයක් කට නෑරීම රාජපක්ෂ බලය දැඩි කම්පනයට හේතු වූ බව නම් නිසැකය .එම කම්පනයේ තරම තව දුරටත් පැහැදිලි කර ගත් හැක්කේ ලබන විසිදෙවන දා රැස්වන ජිනීවා මානව හිමිකම් කොමිෂම ගැන හා ශ්‍රී ලංකාව පිළිබඳව එහි උද්ගත විය හැකි ප්‍රශ්නකාරී වටපිටාව තේරරුම් ගැනීමෙනි. විසිදෙවනදා රැස්වන හතලිස්හය වන සැසියේදී මානව හිමිකම් කොමසාරිස්වරිය සිය වාර්තාවට ශ්‍රී ලංකාවට එරෙහිව මුසල්මානු කෝවිඩ් වැළඳී මියගිය මෘත දේහ බලහත්කාර ආදාහනය කිරීම හෙලා දකින යෝජනාවක් ඉදිරිපත්කිරීමට නියමිතය එම යෝජනාව ඉදිරිපත්වන්නේද ශ්‍රී ලංකාවේ සිදුවූ කෝවඩ් වැළඳී මියගිය මුසල්මානු මෘතදේහ බලහත්කාරයෙන් ආදාහනය කිරීම ගැන විරෝධය දක්වමින් එම මියගිය පාර්ශවයන්ගේ ඥාතීන් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව වෙත මෙම බලහත්කාර ආදාහන කිරීම් සම්බන්ධයෙන් අන්තතර්වාර සහනයක් ලබා දෙන ලෙසට බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය හරහා ඉදිරිපත් කළ නෛතික පැමිණිල්ලද පදනම් කරගනිමිනි.මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් බින්ඩාමන්ස් නීති සමාගමයි.
කෙසේවෙතත් මානව හිමිකම් කොමසාරිස්වරිය මුසල්මානු බලහත්කාර ආදාහනය පිළිබඳ යෝජනාවට පක්ෂව ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිෂමේ සාමාජික මුසල්මානු රටවල් ඡන්දය භාවිතා කරන්නට ඉඩ තිබේ .නැතහොත් ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටින්නට හැකිය.මෙම බරපතල තත්වය රාජපක්ෂ ආණ්ඩුව දනී ඔවුන් සිය ව්‍යාජ දේශප්‍රේමී ඇඟළුම ගලවා දමන්නට තවත් හේතුවක් වීඇත්තේද එයයි
පෙබරවාරි විසි දෙවනදා ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණීමට අපේක්ෂිත පාකිස්ථානු ජනපති ඉම්රාන් ඛාන් ද මෙම බලහත්කාර මුසල්මානු ආදාහන සිදුවීම ගැන අවධානය යොමු කොට ඇතැයි වාර්තා වේ.ඔහු සභාපති පදවිය දරණ ඉස්ලාම් රටවල කවුන්සිලය මගින් මේ වනවිට බලහත්කාර ආදාහාන ගැන අප්‍රසාදය පල කොට නිවේදන දෙකක් නිකුත් කර ඇත.මෙම තත්වය යටතේ තමන්ගේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවීමට කටයුතු කිරීමට සිදු වෙතැයි පාකිස්ථානු ජනපතිවරයා ලංකාන්ඩුවට නොනිල දැනුම් දීමක් කර ඇතැයිද දැන ගැන්මට තිබේ
ව්‍යාජ දේශප්‍රේමිත්වයක් ආරූඩ කරගනිමින් ජාතිවාද සිංහල සමාජය ගොනාට ඇන්දූ රාජපක්ෂ නඩයට සිය පාක්ෂිකයන් ඉදිරියේ නිරුවත් වීමට සිදුවී තිබීම හාස්‍යජනකය.එහෙත් දේශපාලනික අධිකාරී බලය කෙසේ හෝ පවත්වාගෙන යාමට ආශා කරන රාජපක්ෂ සනුහරය ඕනෑම ජාතියක් පාවාදී සිය පැවැත්ම තහවුරු කරගැනීමට අසූචි කන්දරාවක් වුව වළඳන පරපුරක් බව තවමත් ශ්‍රී ලාංකිකයන් බහුතරය නොදන්නා කාරණයකි. ඔවුන්ගේ පවුල් බලය තහවුරු කරගැනීම සඳහා බෞද්ධ චීවරය නොව වෙහෙර විහාර දේවාල පවා උකස් කරන්නට ඔවුහු දෙවරක් නොසිතති.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස