නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ බිරිඳ ගේ පියා වන තිලක් වීරසිංහ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සුඛෝපභෝගී බස් රථ ප්‍රමාණයක් යොදවා ඇත .ඒ අනුව සියලුම නිරෝධාන කටයුතු වෙනුවෙන් පුද්ගලයින් එහා මෙහා ගෙන යෑම සම්පූර්ණයෙන්ම කොන්ත්‍රාත් ක්‍රමයට භාරදී ඇත්තේ නාමල්රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පියා වන තිලක් වීරසිංහ මහතාට ය. මෙය රාජපක්ෂ පවුල වෙනුවෙන් සිදුවන තවත් එක් ව්‍යාපාරයකි.
තවත් ව්‍යාපාරයකට අත ගසමින් නාමල් රාජපක්ෂ මහතා තම මාමණ්ඩියගේ මාර්ගයෙන් මින් පසු ශ්‍රී ලංකාවට සියලුම ගමනාගමන බස්රථ ගෙන්වනවා ඇත. එසේම ඊයේ දිනයේදී විවෘත කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව රාජපක්ෂලා සොරාගත් ධනයෙන් ආයෝජනය කළ බව මීට පෙර ජනතාව අතර පසුගිය කාලය පුරාවටම පැවති මතයකි .ටයර් නිෂ්පාදන ආයතනය තුළින් මින් ඉදිරියට සියලුම රාජ්‍ය සේවයේ ආයතන වලට සහ ගමනාගමන මණ්ඩලයට සහ රාජ්‍ය සංස්ථා ,දෙපාර්තමේන්තු සියල්ලටම ටයර් ලබා ගැනීමට කටයුතු කරන ලෙස රාජපක්ෂලා සමඟ පැවැති සාකච්ඡාවේදී නිගමනයකට පැමිණ ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සුළු වශයෙන් මධ්‍යම පරිමාණ සහ සුළු කර්මාන්ත වශයෙන් පවත්වාගෙන ගිය රී බිල් ටයර් නිෂ්පාදයින් වැටෙනු මහපාරට ඇත.මින් ඉදිරියට නැවත පිරවූ ටයර් වෙනුවට සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු සංස්ථා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ද නිෂ්පාදිත ටයර් 40% ආසන්න වට්ටමක් ඒ ආයතන වලට ලබාදීමට ද මොවුන් විසින් ඉදිරියේදී සැලසුම් කරමින් තිබෙන බව අප වෙත විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ඇත ඇත ඇත ඇත.
ඊයේ කර්මාන්තශාලාවට යහපාලන රජය විසින් මුල්ගල් තැබීම සිදුවිය. යහපාලන රජයේ කාලයේදී මලික් සමරවික්‍රම මහතාගේ හිතෛෂී රාජපක්ෂවරුන්ගේ ධනය සම්බන්ධව ආයෝජනය කරන එක් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වශයෙන් මෙම පුද්ගලයා හඳුනාගෙන තිබුණි. මේ පිළිබඳව පොලිස් විශේෂය මූල්‍ය අපරාධ විමර්ශනයක් ද පවත්වා තිබුණි. ඩුබායි මැරියට් ව්‍යාපෘතිය මුළුමනින්ම රාජපක්ෂවරුන්ගේ ධනයෙන් සිදුවූවක් බවට මූල්‍ය විශේෂ අපරාධ විමර්ශනය මගින් විමර්ශනය පවත්වා තිබුණි එහෙත් එම විමර්ශනය සිදුකරන ලද ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා අවසානයේ රාජපක්ෂවරුන් සමග ඩීල් දේශපාලනයට අවතීර්ණ වීම නිසා එය නැවතී ගියේය.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස