2021.01.12 දින දහවල් ඌව වනජීවී පශු වෛද්‍යවරයා ප්‍රමුක ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ලුනුගම්වෙහෙර දෙමලිය ප්‍රදේශයේ වන රක්ෂිතය තුල නීති විරෝධීව මුව මස් සන්තකයේ තබාගෙන කිරමින් සිටි කුඩාඔය විශේෂ බලකා හමුදා කඳවුරේ සැරයන් වරයකු හා සෙබලුන් දෙදෙනෙක් සමග තවත් සිවිල් පුද්ගලයකු වියලි මුවමස් 2.5kg හා මුවමස් 58kg සමග තරාදියක් යතුරු පැදියක්, පිහියක්, ත්‍රීවීල් රථයක් හා යුධහමුදා ජීප් රථයක් සහකාර අධ්‍යක්ෂ ඌව උපදෙස් මත අත්අඩංගුවට ගන්නා ලදී.ඒ අවස්තාවේ තවත් සැකකරුවන් හත් දෙනෙකු පලා ගොස් ඇත.ඉන්පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ රාත්‍රියේ නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව
සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදාහැරීමටත් මස් විනාශ කිරීමටත් විමර්ශන නියෝග සදහා සහ වැඩි දුරටත් විමර්ශන කර කරුනු වාර්තා කිරීමට පෙබරවාරි මස 11 දින ලබාදෙන ලදී.ජීප් රථය අධිකරණයට භාර දීමට අධිකරණ භූමියේ නවතා ඇත.නඩුභාණ්ඩ හෙටදින අධිකරණයට භාර දීමට නියමිත අතර අධිකරණ නියෝගයට අනුව මස් විනාශ කිරීමටද නියමිතව ඇත.මස් සාම්පල හදුනාගැනීම සදහා නිසිබලධරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.


ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස