වෘත්තීය දේශකවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් අද (15) විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැත්විණි.
මෙරට ප්‍රමුඛපෙලේ උපකාරක පන්ති ගුරුවරුන් එම අවස්ථාවට එක්ව සිටි අතර කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන ඔවුන් සහ සිසුදරුවන් මුහුණ දෙන ගැටලු එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම පසුගියදා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී උපකාරක පන්ති ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව 27(2) යටතේ සවිස්තරාත්මක අදහස් දැක්වීමක් කළ අතර ඒ පිළිබඳව ගුරුවරුන් සිය ස්තුතිය පිරිනැමීය.
උපකාරක පන්ති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ගුරුවරුන් විපක්ෂ නායකතුමාව දැනුවත් කළ අතර ඒ මොහොතේම හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂජෙනරාල් වරයාව සම්බන්ධ කොටගෙන ඒ සම්බන්ධයෙන් නවතම තත්ත්වය විමසීමටද විපක්ෂ නායකතුමා කටයුතු කළේය
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස