පෙරේදා (06 ) රාත්‍රියේ රැස්වූ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් සලේ ගේ ප්‍රධානත්වයෙන් පැවැති රහසිගත සාකච්ඡාවේදී දැනුම් දී ඇත්තේ රට තුළ කුමන හෝ ආකාරයේ ජාතිවාදී ගැටුමක් නිර්මාණය විය යුතු බවය.මේ වන විට විට ගෝඨාභය රාජපක්ෂ රජයේ ජනප්‍රියතාවය 27 % කින් පමණ ජනතා අප්‍රසාදයට පත්ව ඇති හෙයින් වහාම ඒ තත්ත්වය වෙනතකට හැරවීම සඳහා කුමන හෝ සිද්ධියක් රට තුළ ඇතිවිය හැකි බවත් එය ඉතා අහඹු සිද්ධියක් හෝ හිතාමතා ම සිදු වන සිද්ධියක් විය හැකි බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් සියලුම බුද්ධි නිලධාරීන්ට දැනුම් දී ඇත.
ජනතාවගේ පුවත්පතක් වශයෙන් අප ඉතා කාරුණිකව ලංකාවාසි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම සිද්ධීන් වලට ඔබ හසු නොවන ලෙසයි, මෙය හුදෙක් රාජපක්ෂ හමුදා ජුන්ටාවේ එක්තරා නිර්මාණයකි, එබැවින් ඉතා කල්පනාකාරීව කටයුතු කරන ලෙස සමස්ත සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව ගෙන් ඉල්ලා සිටින්නෙමු.
පිළිබඳව තවදුරටත් අපගේ බුද්ධි තොරතුරු කරුවන් ගෙන් තොරතුරු ලබාගෙන ඔබව දැනුවත් කිරීමට කටයුතු කරන්නෙමු,
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස