උණුසුම් පුවත්

මීළඟ ඔලිම්පික් කමිටු සභාපති වෙන්න ටෙලිකොම් පට්ට හොරා රොහාන් ප්‍රනාන්දුගෙන් වත්මන් කමිටුවට එරෙහි මඬ ව්‍යාපාරයක්..!

Spread the love

වත්මන් සභාපති වරයාගේ අත්තනෝමතික වියදම් නිසා සේවකයන්ට බෝනස් ගෙවීමටත් බැංකු අයිරා ගැනීමට සිදුව ඇති ටෙලිකොම් සමාගමේ නව ලාංචනය ප්‍රසිද්ධ කිරීමේ මුවාවෙන් ජන මාධ්‍ය ආයතන වෙත තවත් කෝටි ගණනින් දැන්වීම් දීමට පටන් ගෙන ඇත.
මෙම ලාංචනය අලුතින් නිර්මාණය කිරීමටද විශාල මුදලක් වියදම් කොට තිබේ.
මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙසද රොහාන් ප්‍රනාන්දුව පත් කර තිබියදී මීළඟ ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී එහි සභාපති ධූරයට තරග වැදීමට සිතා සිටින මොහු වත්මන් ඔලිම්පික් කමිටුවට එරෙහිව කටයුතු කිරීම සඳහා සේව් ද ස්පෝට් නමින් ව්‍යාපාරයක්ද පිහිටුවා ඇත. එහි මාධ්‍ය හා ප්‍රචාරක කටයුතු කරන්නේ ඔහුගේ බිරිඳ වන වරුණි අමුණුගමයි.
පසුගිය ඔලිම්පික් කමිටු නිලවරණයේදීද එහි සභාපති ධූරය සඳහා  සුරේෂ් සුබ්‍රමනියම් සමග තරග වැදුණු රොහාන් පරාජයට පත් විය.
පසුගිය දිනක ඔහුගේ බිරිඳගේ පූර්ණ මැදිහත් වීමෙන් දිලිත්ගේ අරුණ පුවත් පතේ මුළු පිටුවක්ම ඔලිම්පික් කමිටුවට මඬ ගැසීම සඳහා යොදා ගෙන තිබිණ.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like