රටේ ජනතාවට ආදරය කරන ලෝක නායකයින් මේ වන විට සිදුකර ඇත්තේ තම ජනතාවගේ ආරක්ෂාව වඩ වඩාත් තහවුරු කිරීමය. තම ගුවන් තොටුපොලවල් වරායවල් සහ අනෙකුත් දේශසීමාවන් සීමා කොට ,වසා දැමීමය ඒත් ශ්‍රී ලංකාවේ මෝඩ තකතීරු ජනාධිපති රාජපක්ෂ මුළු රටම නිරාවරණය කරමින්සංචාරකයින් කැඳවමින් සිටි. උදයංග වීරතුංග නැමති රටේ ධනය හොරා කා මේ වන විට චූදිතයෙකු වශයෙන් මහාධිකරණයේ නඩු පවරා ඇති අපරාධකරුවෙකු විසින් මෙහෙයවනු ලබන සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් තුලින් යුක්රේන ජාතිකයින් 560 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරමින් ඇති බව මීට පෙර අප විසින් වාර්තා කළෙමු .මෙහි ප්‍රථම කාණ්ඩය ලංකාවට පැමිණීමේදී නැටුම් නටා හත්පොලේ ගාගෙන ඒ සියලු දෙනාම දිලිත් ජයවීරගේ හෝටල් වල ගාල් කිරීමට කටයුතු කර ඇත. මෙවැනි වසංගතයක් ලෝක ව්‍යාප්තව යද්දී රටක නායකයෙකු තම අමනකම ප්‍රදර්ශනය කළ ප්‍රථම ලෝක නායකයා වශයෙන් ගෝඨාභය නම් දරා සිටින බව අපි මීට අවස්ථා කීපයකදීම ලෝකෙට පෙන්නා දුනිමි අද වන විට යුක්රේන් ජාතිකයන් 03 නෙක් Positive වී ඇති බව අප වෙත වාර්තා වේ. එම පුද්ගලයින් සමඟ පැමිණි 287 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි. රාජපක්ෂලාගේ මේ ක්‍රියාවට විරුද්ධව ජනතාව නැගී සිටිය යුතුය. මේ වන විට එම 03 දෙනා හෝටල් වල නිරෝධායනයට ලක් කර ඇති බව ද අප විසින් විමසීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දී තිබුණි.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
කතෘ ලංකා දවස.