උණුසුම් පුවත් දේශපාලන

මoගල – ගෝඨා – දිලිත්  රහස් ගිවිසුමක් එළියට… – විශේෂ හෙළිදරව්ව

Spread the love

මoගල සමරවික්‍රම යනු අමුතුම ගේම් කාරයෙකි.ඔහු ගහන ගේම්  ළඟින් ඉන්න උන්වත් දන්නේ නැත.මෙරට දේශපාලනයේ ව්විධ භූමිකා රඟ දැක්වූ මoගල තරම් ඩබල් ගේම් සූක්ෂම ලෙස ගසන්නට සමත් වෙනත් කට්ට දේසපාලකයෙක් නොමැත. අඟේ ඉඳන් කණ කන කෑමට ඔහු උපන් දක්ෂයෙකි. මoගල සජිත් සමඟ යූඑන්පියෙන් කැඩී රනිල් දමා ආවත් මoගල සජිත්ටද ගේමක් ගැසූ බව සජිත් තේරුම් ගත්තේ බොහෝ පමා වීය.  දේශපාලණයෙන් සමු ගන්නා බව කියමින් සජිත්ගෙන් ඉවත් වූ මoගල පසුගියදා අලුත් වැඩක් ඉදිරිපත් කරමින් යළි කරළියට ආවේය.

ඔහු එහිදී ඉඟි කළේ යළි යූඑන්පි යට එක්වී රනිල්ට සහය දක්වන බවක් වුවත් ඔහු දැන් කරන්නේ දිලිත් සමඟ එක්වී ගෝඨා ප්‍රමෝෂන් එකක් බව ලංකා දවස හෙළිදරව් කරන්නේ කරුණු රැසක් අත තබාගෙනය.
ස’ පාස් කරන්නට මo ගල පළමුවෙන්ම ඩීල් දැම්මේ 2015 දීය.
2019 ජනපතිවරණයේදී එජාපය දෙකඩ කිරීමේ යටි කූට්ටු මෙහෙයුමද මoගල කළේ ස’ පාස් කරන්නටය.
ජනාධිපති වීමට සිටි සජිත්  ඔහුගේ ගැටයට හසුවිය.
සජිත් පරදින බව හොඳින් දැන සිටි මoගල කලින්ම කර හැර පැත්තකට විය.
යහපාලන ආණ්ඩුවේ සිටිමින් එම ආණ්ඩුව බෞද්ධ භික්ෂූන් අතර අප්‍රසාදයට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවද මoගල කළේ ගෝඨා සමඟ වූ රහස් ගිවිසුම අනුවය.

රනිල්ගේ රජය අපහසුතාවට පත් කරන්න මoගල ගැසූ අනික් ගැටය වූයේ MCC ගිවිසුමයි.
කැබිනෙට් රැස්වීම් වලදී බොහෝ ඇමතිවරුන් ඒ අවස්ථාවේ MCC ගිවිසුම ක්‍රියාත්මක නොකළ යුතු බව කියද්දී එය කළයුතුම බව පැවසුවේද මoගලයි. ඒ වන විට යහපාලන ආණ්ඩුවට එරෙහිව ගොඩ නැoවෙමින් තිබුණු මoගල විසින්ම උසි ගන්වා තිබුණු සoඝ විරෝධය ඒ අනුව රජයට හා රනිල්ට එරෙහිව මෙහෙයවන්නට මoගල සූක්ෂම ලෙස කටයුතු කළේය.
අවසානයේ රූපවාහිනී විවාද වල පවා ප්‍රබල ලෙස විවේචනයට ලක්වූ MCC ගිවිසුම මැතිවරණයේදී රනිල්ට පාරාවළල්ලක් බවට පත් විය.
යහපාලන රජය බලයට ගෙන ඒමේදී කාර්‍ය් භාරයක් කළ බව අතිශයෝක්තියකින් පවසන තුසිත හල් ඔළුවද පසුගිය සමයේ තමන් හම්බ කළ දේ සඟවා ගැනීමට දැන් මoගලගේ අලුත් මෙහෙයුමට තවත් එක් වෙබ් මාධ්‍ය ක්‍රියාකාරයකු සමග එක් වී ඇත. මේ වන විට සජිත් සමග සිටින  සරත් ෆොන්සේකා ,රාජිත, චතුර, පාඨලී වැන්නන් යළි යූඑන්පියට ගෙන ඒමේ මෙහෙයුම තුසිත හල්ඔළුව ලවා ආරාධනා කර තම අලුත් ව්‍යාපාරය ඔස්සේ සිදු කිරීම මoගල දැන්ම අරඹා තිබේ.
ඉන්පසු සජිත් දුර්වල කර අවසානයේ ඔවුන්වද නන්නත්තාර කිරීම මoගලගේ සැළස්මයි.
මේ සඳහා මoගල තමන් සතු වෙබ් මාධ්‍ය උපයෝගී කර ගත්තේය.
මෙසේ පාස් කළ ස’ මේ වන විට කිසිවකු අපේක්ෂා නොකළ අන්දමින් ෆේල් වී ඇත.
ගෝඨාගේම වියත්මග ජෝකර්ලා හා වැඩ බැරි ඇමති ටාසන්ලා විසින් ස’ ෆේල් කර ඇත්තේ වසරක් යද්දී  ඡන්දය දුන් ලක්ෂ හැට නමයටද ගෝඨා එපා කරවමින්‍ ය.
ඒ නිසා ස’ ෂේප් කිරීමේ මෙහෙයුමක් ගොඨාගේ ප්‍රධානම උපදේශකයා වන දිලිත් ජයවීර විසින් අරඹා තිබේ.
මුල සිටම ගෝඨා සමඟ ඩීල් දමා සිටි මoගල දැන් අමුතුම වෙස් මූණක් දමන් කරළියට ආවේ දිලිත් සමඟ මේ මෙහෙයුම දියත් කිරීමටය.
මේ වන විට දෙරණ මාධ්‍ය ජාලය හා තම  ට්‍රයි ඇඩ් ප්‍රචාරක සමාගම ඔස්සේ රූපවාහිනි, ගුවන් විදුලි හා පුවත් පත් ක්ෂෙත්‍ර වල ආදිපත්‍යයක් ගොඩ නඟා ගෙන සිටියත් දිලිත්ට තවමත් වෙබ් මාධ්‍ය වල හයියක් හෝ පාලනයක් නොමැති නිසා ඔහු මoගලගෙන් එම අඩුවද සපුරා ගැනීමට දැනටමත් කටයුතු අරඹා ඇත.
මෙතෙක් ගෝඨා සමීපයෙන් සිට එම කටයුත්ත කළ එරාජ් වීරරත්නට තව දුරටත් එම කටයුත්ත සාර්ථකව කළ නොහැකි බවට ගෙන ඇති තීරණයක් හේතුවෙන් ඔහු හා ඔහුගේ වෙනත් වෙබ් මාධ්‍ය සහායකයන් කපා දමා 2015 ට පෙර මෙම ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධව සිටි අයකුට එම “ස’ෂේප්” කොන්ත්‍රාත්තුව පවරා ඇත.
එරාජ්ගේ ප්‍රබලම සහායකයකු වූ ඇමරිකාවේ වෙසන වෙබ් කරුවකු දැනටමත් මේ හේතුවෙන් කළකිරීමට පත්ව ඇත.
තවදුරටත් ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයේ නිරත වීමට තමන්ට ජන වරමක් දිනා ගත නොහැකි බව දන්නා මoගල දැන් සැළසුම් කරන්නේ 2025 බැසිල් හෝ නාමල් ජනපතිවරණයකට ඒම වළක්වා යළි ගෝඨාවම බලයේ තබා ගැනීමටය.
තමන් සතු විදෙස් සබඳතා පෙන්වා ගෝඨාවද ගොනාට අන්දා ප්‍රධාන පෙළේ විදෙස් තනතුරක් හදා ගෙන විදෙස් ගත වන්නටය.
තමන් මාධ්‍ය ඇමති ලෙස කටයුතු කාලයේවත් ආචාර ධර්ම සුරකින මාධ්‍යයක් හදන්නට කිසිවක් නොකළ මoගල දැන් හිටි අඩියේ ” ආචාර ධාර්මික සමාජ මාධ්‍ය පරපුරක් ” බිහි කිරීම සඳහා නව පුහුණු මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවා තරුණ තරුණියන් 300 කට පුහුණුවක් ලබා දීමේ වැඩ පිළිවෙලකට අත ගසා තිබේ.
ඉතා අධික මිළ  ගෘහ භාණ්ඩ කට්ටල හා කාර්‍යාලයීය උපකරණ , කොම්පියුටර් සහිත මෙම සුපිරි මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ  අoක 320 , දෙරණ  ගොඩනැගිල්ලේ උඩ මහළකය.
බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙහිදීය.
මේ ලිපිනයේ මෙම අoකයේ ඇත්තේ දිලිත්ගේ දෙරණ ජාලයේ ගොඩනැගිල්ල බව ගූගල් සර්ච් එකක් දැම්මත් ඔබට සොයා ගත හැක. බරපතල ලෙස  ස’ ෆේල් වී ඇති මේ අවදියේ
යූඑන්පිය යළි හිස එසෙව්වොත් හා සජබ ඇතුළු අනෙකුත් බලවේග ඒ වටා ගොනු වුවොත් වන්දේ මoගල හොඳින්ම දනී.ඒ බව දිලිත් ද හොඳින්ම දන්නා නිසා ඕනෑම මුදලක් මේ වෙනුවෙන් වියදම් කිරීමටද ඔහු සූදානම් ය.
එනිසා මoගල යළිත් තම වෙස් මුහුණ දමාගෙන සිරිකොතට යාමේ මූලික අඩිතාලම දමමින් සිටී.
උගත් හා කට්ටයකු වුණත් රනිල්ගේ කණින් රිoගිය හැකි බව මoගල හොඳින් දනී.
ඔහුගේ ඊළඟ මෙහෙයුම් හා ඊට සම්බන්ධවන්නන් ඉදිරියේ හෙළිදරව් කිරීමට ලංකාදවස  සූදානම්‍ ය.
කපටි රජා මoගලගේ වෙස් මුහුණ ගලවා නියම මුහුණ ජනතාවට හෙළිදරව් කරන්නේ ඩබල් ගේම් කාරයන්ගේ හෙළුව ජනතාවට දැක බලාගන්නටය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස


Spread the love

Leave a Comment

You may also like