හම්බන්තොට සූරිය වැව ක්‍රීඩාoගනයේ පැවති ලoකා ප්‍රිමියර් ලීගයෙන් විශේෂ අනුග්‍රහ ලබා ගත් කිහිප දෙනෙකු ගැන ලoකා දවසට වාර්තා වේ.
මෙම තරගාවලියේ අධ්‍යක්ෂක වූයේ ක්‍රිකට් උප සභාපති වරයකු වන රවීන් වික්‍රමරත්නයි.
මේ තරගාවලිය මිලට ගත් IPG සමාගමේ අනිල් මොහාන් ගෙන් ලැබූ කොමිස් මුදලෙන් වැඩි කොටසක් ගොස් ඇත්තේ රවීන්ගේ ගිනුමටයි.
ප්‍රමාණය කෝටි ගණනක්.
මෙතෙක් සාමාන්‍ය අත් ඔරලෝසුවක් පැළඳි රවීන්ගේ අතේ දැන් ඇති ලක්ෂ ගණනක අත් ඔරලෝසුව ඊට හොඳ නිදසුනක්.
මේ අතර හම්බන්තොට සිටියදී ගැහැණු පරාණ කිහිපයකට බැල්ම හෙළන්න ගොස් සවුත්තු වූ බවත් වාර්තා වෙනවා.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනික් උප සභාපති වන ජයන්ත ධර්මදාසත් මේ තරගාවලියෙන් හොද්ද බොර ගත් තව අයෙකි.
මෑත කාලයේ පුරප්පාඩුවක් පිරවීමට පාලක මණ්ඩලයට පස්සා දොරෙන් ඇතුල් වූ ජයන්ත ධර්මදාස ප්‍රිමියර් ලීගයේ PCR පරීක්ෂණ තමන්ගේ නවලෝක හෝටලයට ලබා ගනිමින් කෝටි දෙකකට ආසන්න මුදලක් එමගින් උපයාගෙන ඇත.
දින 21 ක් තුළ මෙහි PC පරීක්ෂණ 2000 ක් පමණ සිදු කර ඇති අතර එක් පරීක්ෂණයකට රුපියල් 8,000/= බැගින් අය කර තිබේ.
මෙසේ නවලෝක රසායනාගාරයට PCR කිරීම ලබා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යoශයට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කෝටි ගණනක PCR යන්ත්‍රයක් පරිත්‍යාග කර තිබියදීය.එම යන්ත්‍රය දැන් ක්‍රීඩා අමාත්‍යoශයේවත් නොමැති බව වාර්තා වේ.
මීට අමතරව මේ තරගාවලියෙන් ගොඩ ගිය තවත් අයකු වූයේ ක්‍රීඩා අමාත්‍ය නාමල්ගේ බිරිඳ ලිහිනිගේ පියා වන තිලක් වීරසිoහයි.
මේ තරගාවලියේ ප්‍රවාහන කටයුතු හා හෝටල් වෙන් කිරීම් භාරව කටයුතු කළේ ඔහුය.
සoචාරක කර්මාන්තය කොවිඩ් හේතුවෙන් අඩාල වී ඇති මේ සමයේ LSR සoචාරක ආයතනයේ සභාපති වන ඔහුට අයත් සුඛෝපබෝගී බස් රථ මෙහි ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ලබා දීම වෙනුවෙන් පමණක් ලැබූ ලාභයද කෝටිය ඉක්මවයි.
ක්‍රීඩාoගණයේ වැටවල් සකස් කිරීම හා වායු සමීකරණ යන්ත්‍ර අලුතින් සවි කිරීම වෙනුවෙන් ඌව පළාත් ක්‍රිකට් සoගමයේ නිලධාරින් ද තවත් කෝටි ගණනක් උපයා තිබේ.
මේ අනුව ලoකා ප්‍රිමියර් ලීගයෙන් ක්‍රිකට් කෙසේ වෙතත් තම පසුම්බි පුරවා ගත් තවත් බොහෝ දෙනෙක් ඇත.
ක්‍රිකට් ආයතනය තවමත් මේ වෙනුවෙන් වියදම් කළ මුදලද පියවා ගෙන නොමැත.
අනිල් මොහාන් නම් ගොඩය. පාකිස්තානු ක්‍රිකට් බලධාරින්ටද පොලු තැබූ මොහු ලoකා ක්‍රිකට් වෙතද ලොකු පොල්ලක් තිබ්බොත් එය පුදුමයක් නොවනු ඇත.
ලoකාවේ මාධ්‍ය වාර්තා නොකරන ප්‍රිමියර් ලීගයේ කොමිස් කරුවන් ගැන තවත් තොරතුරු ඉදිරියේදී ගෙන එන්නෙමු.
ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,
ස්තුතියි.
ප්‍රධාන කතෘ ලංකා දවස