උණුසුම් පුවත්

නිලනොවන ජනපති දෙරණේ අධිපති දිලිත් ජයවීර කණිෂ්ඨ නිලධාරියකු වන ප්‍රභාත් දෙමටන්පිටියව මාණ්ඩලික ප්‍රධානී තනතුරට…

Spread the love

ගෝඨා විසින් සුදුස්සන් හා ජ්‍යේෂ්ඨයන් නොසළකා තම ඇම්බැට්ටයන් ඉදිරියට ගනිමින් තනතුරු ලබා දීමට තවත් උදාහරණයක් පසුගියදා සිදුවිය.
ඒ යුද හමුදාවේ දෙවෙනි නිලය වන  මාණ්ඩලික ප්‍රධානි තනතුරට හමුදාපති ශවේන්ද්‍රට පසු ජ්‍යේෂ්ඨම මේජර් ජනරාල් වරයා නොසළකා හරිමින් ඊට කනිෂ්ට නිලධාරියකු වන ප්‍රභාත් දෙමටන්පිටියව එම තනතුරට පත් කරන ලදී.
ඔහුව එම තනතුරට පත් කරන ලද්දේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ විශ්‍රාම ගැනීම නිසාය.
අද බොහෝ තනතුරු පුරවන්නේ දෙරණේ අධිපති දිලිත් ජයවීරගේ උවමනාව අනුව නිසා මෙම පත්වීමද දිලිත්ගේ බලපෑම මත ගෝඨා විසින් සිදු කර තිබේ.
දෙමටන්පිටිය යනු දිලිත්ගේ ගජ මිතුරෙකි.
මෙම පත්වීමෙන් පසු තරු පන්තියේ  ගජ රාත්‍රී භෝජන සoග්‍රහයක් හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ හා ඔවුන්ගේ භාර්‍යාවන්ගේ සහභාගිත්වයෙන් පවත්වා ඇත.
හමුදාපති ශවේන්ද්‍ර විසින්ම මුලු රටටම සෙනඟ රැස්වීම ගැන සීමාවන් පනවා තිබියදී ඔහුද සහභාගි වූ මෙම පාටියට සියයකට අධික පිරිසක් සහභාගි වී කා බී ජොලි කර තිබීම හාස්‍යජනකය.

ලංකා දවස පුවත්පතට දිහින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාරය වලකාලීමට හැකි security net එකක් යෙදීම කලයුතු නිසාම ,ඒ සදහා ඔබ ගේ දායකත්වය අපේක්ෂා කරමු. පහත ඇති  Paypal බටනය ඔබා ඔබට දායකවිය හැකිය ,

ස්තුතියි.

ප්‍රධාන කතෘ ලංකා දවස 


Spread the love

Leave a Comment

You may also like