උණුසුම් පුවත්

පොලීසියේ ඉහළ ඇවරිය ඉගෙනගතයුතු “සිරිසේනගේ…”….. පාඩම………!!

Spread the love

අජිත්….

මේ වන විට ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමක් පත් කරමින් පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරමින් ඇත. පසුගියදා ඒ සඳහා පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එම ප්‍රහාරය පිළිබඳව තමන්ගේ වගකීම සහ වගවීම ඇති තත්වය පිළිබඳ සාක්ෂි ලබා දෙන ලදී,

එහිදී විශේෂයෙන්ම ඔහු කියු කරුණු  අතර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සම්බන්ධයෙන් ඉතාමත්ම සුන්දර කතා කීපයක් ඔහු ගෙන හැර පෑවේය.ඉන් එක් සිද්ධික් වුයේ පොලොන්නරුවේ වේදිකාවක සිංදු කීමය. දැන් රටේ කුමන තරාතිරමක අයෙකු වුවත් සිංදු කීම එක්තරා විලාසිතාවකි. කොහෙවත් යන ජඩ මාධ්‍ය නාලිකාවල උප සංස්කෘතින් වැද්දා ගෙන පුජිතලා රෙද්ද අස්සේ දාගැනීමේ ප්‍රතිඵලයන් දැන්  භුක්ති විදිමින් සිටී. අඩුම තරමින් පොලිස්පතිලා වීමට සිටින අයවත් මෙහි වරද අවබෝධ කරගතයුතුය. සමස්ථ රටවැසියා පොලිසියේ පොලිස්පති  ගෙන් ගායකයෙකු බලාපොරොත්තු නොවනවා සේම ගායකයෙකු ගෙන් පොලිස්පති ගේ රාජකාරියක් අපේක්ෂා නොකරයි .
පොලීසිය  වේදිකා ගානේ සිංදු  කීමටයාම වර්තමානයේ දැකිය හැකි මහත් අවාසනාවන්ත සිද්ධියකි.

පොලිස් නිලධාරීන්ටද සංගීතය අකැප නොවේ-ඒත් සංගීතය සහ පොලිසිය දෙක පටලවාගෙන ඇති ඉහල පොලිස් නිලධාරීන් තමාගේ  විවිධ ගායනා සහ සංගීත ප්‍රසංග ඉදිරිපත් කරන්නේ පළාතේ කසිප්පුකාරයන් ගේ   සහ අපරාධකරුවන්ගේ ආධාර මත බව ඕනෑ තරම් සාක්ෂි අප සතු ඇති නමුත් පොලිස් නිළ ඇඳුමට තිබෙන ගෞරවය නිසාම ඒවා ප්‍රසිද්ධියට පත් නොකිරීමට අපි වගබලා ගෙන ඇත්තෙමු .

ඒත් මෛත්‍රිපාල සිරිසේන කියන පරිදි පොලිස්පති පූජිත ගේ වැරදි  පිළිබඳ ගෙනහැර පානවාට වඩා පොලිස්පතිවරයෙකු පමණක් නොව ඉහළ පොලිස් නිලධාරීන්ට මෛත්‍රිපාලගෙන් ඉගෙන ගත යුතු පාඩම් අපමණය. අපගේ වෑයම දැන්වත් පොලිසියේ ඉහල නිලධාරීන් දේශපාලන සමග ගනුදෙනු කිරීමේදී කිසියම් සීමාවක් තිබිය යුතු බව අවධාරණය කිරීමටය.

මෙහිදී විශේෂයෙන්ම පහළ පොලිස් නිලධාරීන් වන  කොස්තාපල්වරයාගේ පටන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරය දරන පොලිස් ස්ථානාධිපතිවරයා බොහෝවිට  තමාගේ කැපවීම ඕනවටත් වඩා ගෙනහැර පෑවත් ඒත් සම -හරක්  රාජ්‍ය නිවේදිත නිලධාරීන් ඒ සියල්ලටම පයින් ගසා දේශපාලකයා හිස මුදුනේ තබාගෙන ගමන් කරන වකවානුවක් නූතන පොලිස් දෙපාර්තමේන්තුව තුළ  දැකිය හැක.

එහි ආසන්නතම සිද්ධීන් ගණනාවක් අපි පසුව ඉදිරිපත් කරන්නේමු ඒත් වර්තමානයේ මේ වන විට මෛත්‍රිපාල සිරිසේන කියා ඇති එක් දෙයක් නම් බොහෝවිට …….

.” මගේ කාර් එකේ දොර ඇර ගන්න බැරුව පූජිත දොරට හේත්තුවෙලා මං බහිනකම් බලන් ඉන්නවා …….මේක මට මහා කරදරයක් මගේ  PSOට  මම කියනවා පොලිස්පතිතුමාට පොඩ්ඩක් අයින් වෙන්න කියලා ඒ කරලයි මං බහින්නේ……… මම කාර් එකට නගිනකොට බහිනකොට පොලිස්පතිවරයා මගේ කාර් එක ළඟ මේක මට මහා කරදරයක් ……….”මෙහෙම කියන මෛත්‍රිපාල සිරිසේන

පොලිසිය ලවා කළ යුතු සහ නොකළ යුතු බොහෝ දෑ කෙරුව බව අපි දන්නා කරුණකි ඒත් මේ මෛත්‍රීපාල ගේ කතාව සමස්ථ පොලිස් නිලධාරීන්ටම වලංගු බව ඉහළ නිලධාරීන් තරයේ මතක තබාගත යුතු කරුණකි.

බොහෝ විට දැන් සිදුවන්නේ දේශපාලකයාගේ ඇගේ යන්තම් හෝ කුණු ගෑවෙන විට පොලිසියේ ඉහල නිලධාරීන් තමාගේ උත්තරීතර නිල ඇඳුම ගලවා තමා හෙලුවෙන් සිටිමින් දේශපාලකයාගේ අසූචි පොලිස් නිල ඇඳුමෙන් පිස දැමීමයි,  මෙයින්  ඒ නිලධාරියාට  පුද්ගලිකව  සිදුවන අපකීර්තියට වඩා  පොලිස් දෙපාර්තමේන්තුවේ අභිමානය සහ ගෞරවය විනාශ වීම බව ඔවුන් නොසිතන්නේ ඔවුන්ගේ බඩගෝස්තරවාදී සහ උසස්වීම් සඳහා ඇති කෑදර නින්දිතත්වය නිසාය  ,

මේ නිසාම මෛත්‍රිපාල සිරිසේන යමක් පොලිසියට උගන්වා ඇත. එනම් දේශපාලකයන්ට කිට්ටුවෙන්න පොලිස් නිලධාරියාගේ අසූචි තැවරීමේ ප්‍රමාණය ඉහළ යන බවයි .දැන් සිටින බොහෝ උසස් නිලධාරීන් රාජකාරි  මට්ටමින් කළ යුතු දේට වඩා දේශපාලකයා ගේ ඕනෑ එපාකම් මත රාජකාරිය හැසිරවීමට යාම නිසාම දැන් සිදුව ඇත්තේ රාජකාරියට වඩා දේවකාරය දේශපාලකයා ගේ අසුජි පිසදෑම  බවට වෙනස්වී ඇත.

මෙයින් සිදුවන්නේ රටේ ජනතාවට  නීතිය හා සාමය ඉටු කිරීමට වඩා දේශපාලකයාගේ ඕනෑ එපාකම් ඉටු කිරීමය. මේ නිසාම අද පොලිස් දෙපාර්තමේන්තුව සමස්ත ජනතාව අතර දැඩි වෛරයට සහ පිළිකුළට ලක්ව තිබීම කනගාටුදායකය .

මෛත්‍රිපාල සේම තවත් ඉතාමත්ම හොඳ පාඩමක් කියා දී ඇත්තේ පසුගියදා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති  ගේ  ස්ථාන මාරුවයි ජනාධිපති ගෙන් ලකුණු දමා ගැනීමටත 20 ට කට්ටිය එකතු කරන්නත් ගිය  නුවන් වෙදසිංහ දේශපාලකයාගේ  අධෝමුඛය ආසාවෙන්ම ඉඹ බලන පුද්ගලයෙක් බව සමස්ථ පොලිසියම දනී  .

නුවන් ද සමග ජාලිය සේනාරත්න කොපමණ දේශපාලකයාගේ අධෝමුඛයෙ සුවඳ බැලුවා ද යන්න දන්නේ රටේ ජනතාව, ඔවුන් සුවඳ බලද්දී උන්ට අධෝමුඛයේ සුවඳ දැනෙන්නේ ඉතාමත්ම සුවඳවිලවුන් සේය ඒත් දේශපාලකයාට කුමන හෝ ජනතාවගෙන් අසූචි පහරක් එල්ල වන විටම දේශපාලකයා එය පාස් කිරීමට පුරුදුව ඇත්තේ පොලිසියටය ලෙහෙසියෙන් සහ පහසුවෙන් එය ඩැහැගන්නා නුවන් වෙදසිංහ අවසානයේ අසූචි ගොන්නක් කරේ ගසා ගෙන පිටවී යයි.

 මෙයින් සිදුවන්නේ නුවන් වෙදසිංහ හෝ ජාලිය සේනාරත්න සිදු වූ අවමානය සහ ලැජ්ජාව නොව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේම කීර්තිනාමය විනාශ කරන ලද  නින්දිත  නිලධාරීන් ඔවුන්ට විරුද්ධව කිසිදු විනය පරීක්ෂණයක්  නොපවත්වන්නේ ඔවුන් තව තවත් දේශපාලකයාගේ පස්ස ඉඹීමට  සුදුසුකම් සපුරා ඇති නිසාය.

ඒ නිසාම අද පොලිස් පාර්ලිමේන්තුව තුළ ඇතිව  තිබෙන විශ්වාසය සහ වගවීම ඇත්තේම නැත. ජනතාව තුළ නීතිය පිළිබඳ විශ්වාසයක් සහ පොලිසිය පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තාක් කල් අපරාධ දිනෙන් දිනම වැඩි වීම සුලබය ඒ
වගේම සිදුවන අපරාධ පිළිබඳව කිසිවිටෙකත් තොරතුරු ලබා දීමට ජනතාව මැලිකමක් දක්වන්නේ ඔවුන් දේශපාලකයින් සමග ගනුදෙනු කරන නිසාවෙනි.

යම් දවසක පොලිසිය සහ දේශපාලකයා යන්න දෙපැත්තට වු දවසට ලංකාවේ අපරාධ සියල්ලටම තිත තැබිය හැකිය. එසේ නොවනතා තාක්  ඔබලාටත් තවත් දවසක පුජිතලා සේ සමාජයේ ජීවත්විය හැකිය. 


Spread the love

Leave a Comment

You may also like