10% යනුවෙන් විරුධාවලිය ලත් බැසිල් රාජපක්ෂ ගේ ඉල්ලීම මතම ගෝඨාභය පසු ගිය දිනඇමති මංඩලය පත් කිරීමේදි ලන්සා වෙතට රටේ වැඩිම මුදලක් යොදවන මාර්ග සංවර්ධනය භාර දීම සිදු විය. එය හුදෙක් බැසිල් ගේ බාරයේ තබා ගැනීමට උවමනා නිසාය.
ඒ නිසාම රටේ කුඩු ගෙන්වීම පිලිබදව කතාබහට ලක්ව ඇති ලන්සා වෙතට බිලියන ගානක් මුදල් වෙන්වෙන අමාත්‍යංශ ලබාදි ඇත්තේම ලන්සාව පැත්තකට කර බැසිල්ට මහාමාර්ග අමාත්‍යංශය මෙහෙය වීමටය.
ඒ අනුව අද බැසිල් සිය නෙළුම් මාවතේ තම කාර්යාලයට සියලුම අමාත්‍යංශ නිලධාරින් කැදවා ලැබී ඇති ටෙන්ඩර් හා කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීමට ඇති මුදල් පිලිබදව විමසා ඒ පිලිබදව සාකඡ්චාකර ඇත. ඒ කිසිදු සාකඡ්චාවක්ට ඇමති නිමල් ලන්සාව කැදවා නොමති වීම බොහෝදෙනා ගේ කතාබහට හේතු විය.
ශ්‍රි ලාංකික පුරවැසියකු නොවන අර්ජුන මහේන්ද්‍ර මහබැංකුවට පත් කිරීමේදි අපි ද රටේ බොහෝ දෙනා ද ප්‍රසිද්ධියේ දැඩි දෝෂාරෝපනයක් එල්ල කලේ වෙනත් රටක් පුරවැසියකු වීම නිසාමය .ශ්‍රි ලංකාවේ ස්ථිර පදිංචියක් නොමති නිසාය.
අද බැසිල් රාජපක්ෂ ද ඒ ආකාරයටම ඇමරිකානු පුරවැසියකු ලෙසට පැමිණ ශ්‍රි ලංකීය ජනතාව ගේ ජන ජීවිතය පිලිබදව ක්‍රියා කරන්නේ පුදුමාකාර වේදනාවකිනි.
ඒත් බැසිල්ලා ගේ ඒ කිඹුල් කදුලු රටේ සල්ලි මංකොල්ල කැමටය. ඒ අතරින් අඩු වැඩි ලෙසට ඔවුන් රටේ ධනය හුරා කමින් ඇත . ඒත් අමන ජනයා අත්පුඩි ගසමින් උන්ටම හුරේ දමා ඇංගෝලාව , ඉතියෝපියාව දෙසට. හිමින් සිරුවේ ගමන් කරමින් සිටි.