උණුසුම් පුවත්

ගෝඨා ගේ නියෝගයෙන් ශ්‍රි ලංකාවේ සියළු ව්‍යාපාර ත්‍රිවිද හමුදාව යටතට , චීන මොඩලය දැනටම ක්‍රියාත්මකයි , දේශිය ව්‍යාපාරිකයෝ මහපාරට…….!!

Spread the love

69 නම ලක්ෂයක් වු ගොබ්බ ජනතාවක මිනිමරුවන්ට ,කොල්ලකරුවන්ට රට භාර දී දැන් දැන් විවිධ ප්‍රශ්ණ කියමින් අපසමඟ වැලපීම ඇත්තෙන්ම ” දිට්ඨ ධම්ම වේදය ” මිනිපිටදීම පලදීමක් වැනිය.

රටේ ජනතාව ගේ පුවත් පතක ලෙසට හරි දේ හරි කීමටත් වැරැද්ද ඒ මොහොතේම තරාතිරම නොබලා හෙලි කිරීමටත් අපි පැකිලිලි නොවන්නේ අප ගේ නිවරදි දැක්ම හා මධ්‍යස්ථ භාවය නිසාය. ගෝඨාභය රටේ  ජනධිපති කරවීමට උත්සුක වු ජනතාව සමස්ථ ලෙසම පොහොට්ටු වහළුන්ම නොවන බව ගෝඨාභයලා තේරුම් ගෙන නැත.

ඒනිසාම දැන් රටකරවන්නේ මැදමුලන තියරියට අනුවය එයිනුත් ගෝඨාභයට ඇත්තේ හමුදා මානසිකත්වයකි. ඔහු සියල්ල දකින්නේ හමුදා කෝනයෙන්ය. එවනි රටවල් 80 දශකයේ බිහිව තිබුණත් සමස්ථ ලෝක ප්‍රජාවම දැන් ඒ හමුදා ජුන්ටාව ප්‍රතික්ෂේප කරයි. ආසන්නතම පාකිස්තානය තුල වුවත් ඉම්‍රාන් ඛාන් වැනි පුද්ගලයෙකු රටේ අගමැති ලෙසට පත්වන්නේ  එහි ප්‍රතිපලයක් නිසාය.

ඒත් ලංකාවේ ගොබ්බ සමහරක් ජනතාව සිතන්නේ හමුදා  පාලනයක්ඉතාම පියකරු හා ප්‍රසන්න බවකි. ඒවනි කාලක්න්නි මානසිකත්වයක ඇති ගෝඨාබහය් රාජපක්ෂ සිතන්නේම හා විශ්වාස කරන්නේම සියල්ලම සිදුවිය යුත්තේ හමුදාව හරහාය . රටේ අහිංසක මිනිසුන් මෙතෙක් කරන ලද සියළු ව්‍යාපාරයන් ත්‍රිවිද හමුදාව යටතට පත් කරමින් රාජපක්ෂලා දේශිය ව්‍යාපාරික ප්‍රජාව ඉතාම සුක්ෂම විනාශ කරමින් ඇති බවට අපවෙතට ඉතාම විශ්වාසීදායක් තොරතුරු ලැබී ඇත.

ලියවන ප්ට්ටල් වැඩ යුධ හමුදා ඉන්ජිනේරු බලකාය මඟින්ද ,නාවික හමුදාව හා ග්‍රාමාරක්ෂක ,සිවිල් බලාකාය රැගෙන මත්සය ව්‍යාපාරය ද, සහල් වෙලද පොලට සැපයීමට කුඩා මොල් සියල්ලම යුධ හමුදාව භාරයට ගෙන අනුරාධපුර,මින්නේරිය , පොලොන්නරුව ,ප්‍රදේශ වල මේ වන විටත් ඒ සියල්ලම යුදහමුදාව මගින් සිදු කිරීමට ක්‍රියාකරමින් ඇත. එසේම රටේ නැවත පිරවු ටයර් ව්‍යාපරය සිදුකල එම සියල්ල ද මේ වනවිට යුධ හමුදාව තුල මෙන්ම ඊට ගුවන් හමුදාවද යෙදවීමටත් දැන් සියල්ල සාකච්චා කරමින් ඇත.

එසේම පොදු වෙලදපොලවල් රට පුරාම යුද හමුදාව මගින් පවත්වා ගෙන යාමට සුදානම් වෙමින් ඇත. ඒ වෙනුවෙන් මේ වනවිට විශ්‍රාමික මේජර් ජනරාල් එගොඩවෙල විසින් අවශ්‍ය කටයුතු කරන බවට අපවෙත වාර්තාවේ.

මේ සිදුවන සියල්ලම ජනතාවට බැලු බැල්මට ඉතාම සුභදායක හා නිති ගරුක වෙලද මාෆියාවක් නැතිවන බවට රටේ සම- හරක් සිතුවත් ඉන් ඇතිවන්නේ රටේ රාජපක්ෂ ජුන්ටාවකි. ,ගඩාපිලා, මාකෝස්ලා ,හොස්නි මුබාරක්ලා , වැනි කාලක්න්නි පාලකයන්  ඒ රටවල ධනය තම පවුලේ සියල්ල අතරේ බෙදා ගත් ආකාරයටම දැන් ලංකාවේද සියළු ජාතික ධනය රාජපක්ෂලා බේදා ගැනීමට සියළු පිඹුරු පත් සකසා අවසානය.

“කිසිදු ආඥා දායකයෙකු ………. “සොදුරු පාලකයෙකු වන්නේ නැත “


Spread the love

Leave a Comment

You may also like