කිසිදාක පොලිෂ් නොවන පොලිසියට වැඩිම හානියක් කොට ඇත්තේ පොලිස්පතිවරු හා ජේෂ්ඨ නිලධාරින්ය ඊට ආසන්නතම නිදසුන නම් මේ වනවිට අධිකරණයේ ඇප මත සිටින එවකට යාපනය දිසාව භාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහය.
රටක් කැලඹු යාපනය විද්‍යා දැරියව සමුහ දුෂණය කොට අමානුෂික ලෙසට මරාදැමු ප්‍රධාන සැකකරු වු සුවිස් කුමාරව අත්වඩංගුවෙන් මුදවා ගෙන හොර රහසේම නොර්වේට පිටත් කිරීමට රැගෙන පැමිණි ලලිත් ජයසිංහව පසුව විමරෂණයේදි අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවෙන් අත්වඩංගුවට ගෙන අධිකරණයට් ඉදිරිපත් කරන ලදි.
එසේම මෛත්‍රිපාල ජනාධිපති තරගයට ඉදිරපත් වු 2015 වසරේ කහවත්තේ සිදු වු මිනිමැරුමේ ප්‍රධාන චුදිත වු ප්‍රේමරත්න ජයසේකර නොහොත් චොකා මල්ලි එම අපරාධ ස්ථානයේ නොසිටි බවට සටහන්දැමීමට හා ඔහු පිලිබදව බී වර්තාවේ නම් සදහන් නොකිරීමට නියෝග කල එවකට සබරගමුව දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට ඒ සිද්ධියට ද මේ වන විට නඩු පවරා ඇත.
එවනි රටක් කැලබු අපරාධකරුවන් නැතත් පොලිස් දෙපාර්තමේතුවට එක් කරන්නේ ජනතාව ගේ සුභ සාධනයටද නොවෙසේනම් ,රාජපක්ෂලට එරෙහි වන්නන් මරාදැමීමට පොලිසිය මෙහෙය වීමට දැයි අපි නොදනිමු. ඒත් ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය ( IODPP ) මේ පිලිබදව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට හා ශ්‍රිලංකා පොලිස් කොමිසමට තම ලිඛිත විරෝධය යවා ඇති බවද අපට දැන ගැනීමට ඇත.
මේ වන විට අහිංසක පොලිස් කොස්තාපල්වරුන් ,සැරයන් හා අනිකුත් සමහර නිලධාරින්ට විවිධ සමාජ විරෝධි ක්‍රියා ( ඒවා මිනිමැරීමට අනුබල දීම් නොවන ) සිද්ධීන් වලට වසර ගනන් තම් රැකියාව නොමතිව ඉතාම අසරණව දුක්ඛිත ජීවිත ගතකරයි.
ලලිත් ජයසිංහලාට බෙදන අහැන්දෙන්ම අහිංසක කොස්තාපල්ට ,හා අනික් සෙසු නිලයන්ට නොබෙදන්නේ ලලිත් ජයසිංහලා තරන් බරපතල අපරාධකරුවන් නොවන නිසාදැයි …? අපි රටේ ජනතාව වෙනුවෙන් පොලිස්පතිගෙන් ප්‍රශ්නකරන්නෙමු.
කෙසේ වුවත් දැන් ශ්‍රි ලංකාවේ ඇත්තේ අපරාධකරු පාර්ලිමේතු යන ,ඒ අපරාධය විමර්ෂකයා හිරේ යවන මැදමුලන තුප්පැහි නිතියකි.
ඒත් ඒ සියල්ලම ස්වභාව ධර්මයට යටත් බව පමණක් අපි යලි යලිත් මතක් කරමු