උණුසුම් පුවත්

රටේ අධිකරණයේ හෙළුවහෙලිවේ…. “චොකා මල්ලිට ” පාර්ලිමේන්තු යාමට බාධාවක් නැති බව අභියාචනාධිකරණයෙන් හෙට ……..!!

Spread the love

(අභියාඡනාධිකරණ විනිසුරු දිලීප් නවාස් ගෝඨාගෙන් පත්වීම ගත් මොහොත ඉහත ඡායාරූපයේ.)

නිතියේ ආදිපත්‍ය ස්ථාපනය කිරීමට 69  ලක්ෂයේ වරමින් රටේ ජනාධිපති වු ගෝඨා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අසුනට පත් කරගත්තේ ඒ වනවිට තමාට පහල අධිකරණයක නඩු ඇති දිලීප් නවාස් නැමති පට්ටම දුෂිතයෙකි.

ඒ ගෝඨා ගේ නවීන සිස්ටම් ජේන්ජ් එකය. එහි ප්‍රතිපල බුක්ති විදින ලාංකික නිති ගරුක පුරවැසියන්ට වසා ඇති අභියාචනධිකරණයේ දොරවල් විවර එවන්නේ පසු ගිය කාලයේ හා  වර්තමානයේ  ගෝඨලා ගේ අපරාධකරුවන්ටය.

නඩු ඇසීම නතර කිරීමට නියෝග දෙන,අත්වඩංගුවට ගැනීම අත්හිටුවන, තවත් එකි ,මෙකී, නොකී ඕනෑම නියෝගයක් දීමට සැදි පැහැදි සිටින කොටින්ම නිතිය ,යුක්තිය වෙනුවෙන් නොව රටේ පාලකයා ගේ අපරාධකරුවන් වෙනුවෙන්ම පෙනිසිටින නවාස් ප්‍රමුඛ අභියාචනාධිකරණය දැන් නෙළුම් පොහොට්ටුවේ ජරා වලය.

මෛත්‍රිපාල නැමති කෙලෙහි ගුණ නොදත් කාලකන්නි මිනිසෙකු වෙනුවෙන් තම ජීවිතය රාජපක්ෂලා ගේ උන්ඩය්ට බිලිදුන් ඒ අහිංසකයන් වෙනුවෙන් අද ඉටුවන්නේ යුක්තිය නොව බලය හා සල්ලිය.

“චොකා මල්ලි ” නොහොත් ප්‍රේමලාල් ජයසේකර නැමති මිනිමරුවා වෙනුවෙන් රටේ ජනතාව ඔහු ගේ  මිනිමැරීම අනුමත කරනවා නම් තවත් නම් එවනි ජාතියක් ගැන කතා නොකල යුතු තරම්ය. රටේ ජනාධිපති වෙනුවෙන් සැදී පැහැදි සිටින නවාස් ගේ සභාපතිත්වයෙන් හෙට  චොකාට පාර්ලිමේන්තුවේ දිවුරුම් දිය හැකිබවට තීන්දුවක් ලැබෙන බව අප වෙතට තොරතුරු ලැබී ඇත.

අභියාචනාධිකරණයේ පට්ටම දුෂිතයා වු සභාපති විනිසුරු හෙට ගෝඨා ගේ ඉල්ලීම ඉටුකරනු ඇත. මේ අභියාචනධිකරණය දැන් නෙළුම් මල් පුම්බන  “ජරා වලකි “. මුන් මුන් සියල්ලටම ශාප වේවා යැයි කීමට තරන් ශක්තියක් ඇති යුක්ති ගරුක පුරවැසියන් තවත් නම් අතලොසක් සිටිනු දැකීමත් සතුටකි.


Spread the love

Leave a Comment

You may also like