ලංකාව හැර අනෙකුත් සියළුම රටවල් රැකියා අහිමිවූ විදේශ ශ්‍රමිකයන් මේ වන විට තම රටට ගෙන්වාගෙන ඇත. ඩිනාර් 900 ( රු 45000 ) ගෙවීමෙන් අනෙක් රටවල ශ්‍රමිකයන්ට සිය රට බලා යාමට පහසුකම් සලසා තිබුණි.
නමුත් ලංකාවේ පාලකයා කළේ කුමක්ද ? ලංකාවේ දුෂ්ඨ පාලකයා මාර්තු සිට අගෝ වන තෙක් මාස 6 මැදපෙරදිග ශ්‍රමිකයන්ට ඇතුල් විය නොහැකි සේ ගුවන් තොටුපල වසා දැමුවේය .
අගෝස්තු මාසයේ අවසන් සති කිහිපයේදී චාර්ට යානා කිහියක් ගොඩ බෑමට අවසර ලැබුනි . නමුත් එවැනි යානාවක යාමට අවම වශයෙන් ඩිනාර් / රියාල් 6000 ආසන්න මුදලක් අවශය විය .
ගුවන් ටිකට් පත – රියාල් 1900
පීසීආර් සහ කොරොන්ටීන් වියදම – 2700
මැදපෙරදිගදී ලබා ගත යුතු පී.සී.ආර් සහතිකය – රු 1000
එනම් ආසන්න වශයෙන් ලංකාවට යාමට රු ලක්ෂ 3ක් අවශ්‍යය විය.
මැදපෙරදිග ශ්‍රී ලංන්කන් එයා ටිකට් ඒජන්සිය ලක්ෂ 3ක් වැනි හෙන ගහන මුදලක් අය කිරීම ගැන දේශප්‍රේමී ගෝටාබය නොදන්නේද ?
උත්තරය – ගෝටාබය මේ සිදුවන අපරාදය ගැන ඉතා හොදින් දනී, එපමනක් නොව ඔහුද මේ අපරාධයේ කොටස් කරුවෙකි
පුදුමයකි නමුත් සත්‍යයකි ! ගිණි ගණන් වලට ගුවන් ටිකට්පත් අලෙවි කිරීමෙන් මඩිය තර කර ගන්නේ චීච්ගේ නැන්දම්මාය . ගුවන් තොටුපලේ සිට ප්‍රවාහණය සැපයීම සහ හෝටල් වලින් මඩිය තර කර ගන්නේ නාමල්ගේ මාමා සහ දිනිත් ජයවීරය.
යුරෝප රටක් සිට ලංකාවට යන අයවලුන් දිලිත් ජයවීරගේ හෝටලයක් ලැගුම් ගෙන නිරෝධායනය විය යුතුය. ඒ වෙනුවෙන් රුපියල් 1,40,000.00 මුලින්ම ගෙවා දැමීම අනිවාර්යයි. ඒ දිලිත්ලා ගේ මඩියට කොරෝනා වේ සල්ලි වැටෙන විදිහයි. ච්චි ගේ නැන්දම්මා ගේ ගුවන්ටිකට්පත් අලෙවි සැලෙන්ම ලබාගත්යුතු ගුවන්ටිකට් පත්‍ර ද නාමල් ගේ මාමන්ඩියට අයත් බස් සමාගමෙන් ප්‍රවාහනය සිදු වෙනවා ඇත ඒ නිසාම ඒ සියල්ල නාමල් ගේ මාමන්ඩියට හා ච්චිගේ නැන්දම්මාට සල්ලි ගලා යාමට සියල්ල සකසා ඇත
පවතින ක්‍රමය අනුව චාටර් ගුවන් යානයක යන අයෙක් ගුවන් ටිකට් පතේ මිල පමනනක් නොව දින 14 ක නිරෝධායන බිලද ගෙවිය යුතුය.
හොටල් බිල ලෙස රු 140,000 කට ආසන්න මුදලක් ගෙවිය යුතුය . එක් ලක්ෂ හතලිස් දාහක් ගෙවා ලබා ගන්නා කාමරයක දෙදෙනෙකු රඳවනු ලබයි. නමුත් හෝටල් හිමියාට දිනකට කාමරයකට ලැබෙන්නේ රු 5000 කට ආසන්න මුදලකි.
දේශප්‍රේමී දිනිත් ජයවීරට , නාමල්ගේ මාමාට සහ චිචීගේ නැන්දම්මාගේ සාක්කුවට හෝටල් කාමරයකින් දිනකට රු 25,000 වැඩි මුදලක් වැටෙයි.
රජපක්ෂලාගේ කොරෝනා ගැහිල්ලේ තවත් ජවනිකාවක් දැන් කරලියට පැමින ඇත. මැද පෙරදිග ශ්‍රමිකයන් නැව වලින් අදිනවා කියා සේනාධිපති කියා ඇත.
සේනාධිපතිගේ ගැහිල්ලේ දිග පළල ගැන කථා කීමට කල් වැඩිය. සේනාධිපති මීය කඩන්නේ අත ලෙවකෑමට නොවන බව අප දනිමු. නමුත් සරල ප්‍රශ්න 3කට ඔහුගෙන් පිළිතුරු අපේක්ෂා කරමු.
1. තුන් දාහක් නැවට පටවන්නේ නම් පැය 72 ක් ඇතුලත පී.සී.ආර් 3000 කරන්නේ කෙසේද ?
2. තුන්දාහක් දෙනා නැවට පැටවීම කළමනාකරණය කරන්නේ කවුද, කෙසේද , සේනාධිපති කොපමන මුදලක් අයකරන්නේද ?
3. මෝන පී.සී.ආර් කළද කොරෝනා ආසාදිතයන් 30 පමන නැවට ගොඩ විම නොවැලැක්විය හැක. එවැනි තත්වයක ප්‍රතිවිපාක කළමනාකරණය කරන්නේ කවුද ?
යුරෝප රටක් සිට ලංකාවට යන අයවලුන් දිලිත් ජයවීරගේ හෝටලයක් ලැගුම් ගෙන නිරෝධායනය විය යුතුය. ඒ වෙනුවෙන් රුපියල් 1,40,000.00 මුලින්ම ගෙවා දැමීම අනිවාර්යයි. ඒ දිලිත්ලා ගේ මඩියට කොරෝනා වේ සල්ලි වැටෙන විදිහයි. ච්චි ගේ නැන්දම්මා ගේ ගුවන්ටිකට්පත් අලෙවි සැලෙන්ම ලබාගත්යුතු ගුවන්ටිකට් පත්‍ර ද නාමල් ගේ මාමන්ඩියට අයත් බස් සමාගමෙන් ප්‍රවාහනය සිදු වෙනවා ඇත ඒ නිසාම ඒ සියල්ල නාමල් ගේ මාමන්ඩියට හා ච්චිගේ නැන්දම්මාට සල්ලි ගලා යාමට සියල්ල සකසා ඇත
කරුණු එසේ හෙයින් රාජපක්ෂලාගේ කොරෝනා ගැහිලි යට ගැසීමට සේනාධිපති ස්වේච්චාවෙන් ඉදිරිපත් වූවා විය හැකිය . එසේ නැතිනම විකටයෙකු වන සේනාධිපති තවත් චරිතයකට ප්‍රවිෂ්ඨ වූවා විය හැකිය .
අසරණ වූ මැදපෙරදිග ශ්‍රමිකයන්ට කීමට ඇත්තේ මෙපමනකි . සේනාධිපතිගේ නැව් කිසි දිනක ඔබව රැගෙන යාමට නොපැමිනේ.
ඔබලාගේ ඉවසීම ඉතා විශිෂ්ඨයි . තවදුවරත් ඉවසනවා දැයි ඔබම තීරණය කරන්න.