උණුසුම් පුවත්

අර්ථිකය ඝෘන 1.6 කට වැටේ , බඩු මිල ඉහලයාම 63% දක්වා ඉහලට – මහබැංකු ජේෂ්ඨ නිලධාරියකු කියයි.

Spread the love

මේ වන විට රජය මගින් ප්‍රධාන ව්‍යාපාරිකයන් ඉලක්ක කොට ලබාදී ඇති බදු සහණ වලින් රටේ අර්ථිකයට කිසිදු සෙතක් වී නැත. ඊට හේතු වී ඇත්තේ දැන්ට පවතින ආර්ථික අසමතුලිතතාවය නිසාත් ,බොහෝ ව්‍යාපාරිකයන් තමා ලබා ගෙන ඇති ආර්ථික සහණය රටේ ජනතාවට ගලා යාමට ඉඩ සලසා නොතිබීමත්ය.

ඒ අතරම රජය අසීමිතව ණය ලබා ගැනීම නිසා දිනෙන් දිනම ඊට වැඩි පොලියක් ගෙවීමට සිදු වීම ඉතාම අවාසනාවකි. මේ වනවිටත් මුදල් අමාත්‍යංශය මේ පිලිබදව ජනාධිපතිතුමන් හා මුදල් ඇමති අගමැති මහින්ද රාජපක්ෂව දැනුවත් කොට ඇත.

ඊට ලැබී ඇති පිලිතුර එය සමනය කිරීමට ලෝක ණය ගැනුම් කරුවන් ගෙන් තවත් ණයක් ලබා ගැනීමටය. මෙය රටේ විශාල කඩා වැටීමක් සිදුවන බව සහතික යැයි ඔහු  අප හා පැවසීය. ඉදිරි ආණ්ඩුවේ වියදම් වෙනුවෙන් බිලියන 1755 ක් මුදලක් ඉල්ලා  අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර ඇත.

ඒත් ඉදිරියේ දී රටේ දේශිය හා විදේශිකව ගෙන්වා ඇති සියලුම භාණ්ඩ වල 64% මිල ඉහල යන අතරම දේශියව ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක නව රජය බලයට පැමිණ තම හිතවතුන් වෙනුවෙන් තවත් රැකියා 1,50,000 ලබා දීමට යාමත් මීට තවත් නරක ප්‍රතිඵල එක් කරනු ඇත.

ඒ නිසාම ඉදිරියේදි රටේ ජනතාවට දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනු ඇත. මේ පිලිබදව අපි රජයට විශේෂ වාර්තාවක් පවා ඉදිරිපත් කොට ඇතැයි දැනට මහ බැංකුවේ සේවයේ නියුතු අප ගේ විශේෂ ලියුම් කරු පැවසීය.


Spread the love

Leave a Comment

You may also like