උණුසුම් පුවත්

මැද පෙරදිගින් අද ලංකාවට ගේන ගැබිණි මව් වරුන්ගෙනුත් ගසාකයි ඩිනාර් 450 ගුවන් ටිකට්පතක් 1750 ක්……එත් රජය නොමිලේ ගෙනා බව ඇඟවීමට මාධ්‍ය මෙහෙයුම්………!!

Spread the love

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ,අබුඩාබි, සහජා,  වැනි රාජ්‍ය වල සේවය කරන සඳහා ගොස් සිටී ශ්‍රී ලාංකිකයින් 270ක් අද (17 ) UL  206  ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට ඒමට නියමිතව ඇත.

    මේ අතර ගැබිනි කාන්තාවන් 100 කට අධික පිරිසක් සිටින බවට වාර්තාවේ.ඒ අය අතර විවිධ රැකියා වලට ගොස් සිටි අය මෙන්ම රැකියාවන් වල නිරත පුද්ගලයන් ගේ  බිරින්දෑවරුන් ද වෙති, මෙහි සමහරක් කොරෝනා නිසා රැකියා අහිමි වූවන් සහ වැටුපෙන් අඩක් පමණක් හිමි වීම විශේෂත්වයකි. කාලයක් මුළුල්ලේ ම ගුවන් තොටුපොළ වසා දමා තිබීම හේතුවෙන් ලංකාවට ඒමට නොහැකිව අසරණව සිටී මෙම ගැබිණි මව්වරුන් පිළිබඳව සති කීපයක් මුළුල්ලේ ම සමාජ ශාලා සහ ඇතැම් මාධ්‍ය මගින් ගෙනගිය උද්ඝෝෂණ නිසා රජය විසින් මෙම ගුවන් යානය සූදානම් කරන්නට යෙදී ඇත.(අප ද මේ පිලිබදව රජයට අවස්ථා ගනනාවකදි ලියා ඇත.)

එහෙත් මොවුන් රජයේ වියදමින් ගෙන්ව ගන්නේ යැයි පෙන්නා දීමට ඇතැම් ජනමාධ්‍ය කටයුතු කිරීම විහිළුවකි. කාන්තාවන් අනවශ්‍ය ලෙස ගැබ් ගත් කාන්තාවන් බවට සමහරු කීවෝය  මෙවැනි අවස්ථාවලදී තානාපති නිලධාරීන් තම රටේ පුරවැසියන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ යුතු වුවත් ඩුබායි, අබුඩාබි, තානාපති කාර්යාල මගින් මෙතෙක් කටයුතු කර ඇත්තේ කිසිදු වගකීමකින් තොරවය.

.මීට කලින් දෙමස කට උඩදී සංවිධානය කරනු ශ්‍රී ලංකා ගුවන් යානය සඳහා ඔවුන් ප්‍රමුඛතා ලබාදී තිබුණේ හදිසියේ ආ යුතු අයට නොව ඇතැම් කම්බ හොරුන් සඳහාය .සාමාන්‍යයෙන් ඩුබායි හා කොළඹ එක් අන්තයකට ප්‍රවේශ පත්‍රයකට ඩිරාම් 450ක් පමණ වුවත් එම ගුවන් යානයේ ප්‍රවේශපත්‍ර සංවිධානය කළ ජෝජ් ස්ටුවට් සමාගම මේ සඳහා ඩිරාම් 1750 ක් අය කර තිබිණි.

අද පැමිණෙන දෙවෙනි ගුවන් යානයේ ප්‍රවේශ පත්‍රය ගාස්තුව ඩිරාම් 1650ක් දළ වශයෙන් රුපියල් 75000  ඒ දෙගුණයකට අධික මුදලක් මෙම අය කිරීම මෙවර ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් සිදුකර ඇතත් ඒ සඳහා කිසිවකුටත් රිසිට් පතක් නිකුත් කර නොමැත .මෙම ගර්භනී මාතාවන් තමන් උපදෙස් ලබාගත්  රෝහල් වලින් මුදල් ගෙවාඑම වෛද්‍ය වාර්තාද ලබා ගෙන, PCR පරීක්ෂණය සඳහා ද මුදල්  ගෙවා,    ගුවන් ප්‍රවේශ පත්‍රයටද අධික මුදලක් ගෙවා එන්නේ ගුවන් ආදීහු අතරමගදී මුහුණ දීමට සිදු වන හදිසි තත්ත්වයක් පවා අමතක කර දමමිනි.

 අබුඩාබි, සහජා, හා අලේන් වැනි පළාත්වල සිට ඩුබායි ගුවන් තොටුපලට ඒමටද  අපහසුවන කටයුත්තකි. ඒ එක් එක් ප්‍රාන්තයකින් ප්‍රාන්තයකට ගමන් කිරීම තහනම් නිසාය. එනිසා අවසරපත් ඇති කැබ් රථ වලට තවත් ඩිරාම් 250 ක් ගෙවීමට ඔවුන්ට සිදු වී ඇත. ඔන්න අපි මැදපෙරදිගින් කොටුවී සිටි ගැබිණි මව්වරුන් ගෙන්වා ගත්තා යැයි කිමට රජය දැන් දත කට මැගෙන සිටින බව අපි දන්නා නමුත් ඒ වෙනුවෙන් හඩ නැගු හා දුක් විදි අයව සිහිපත් කල යුතුය. 

 

 

 

 


Spread the love

Leave a Comment

You may also like