දිවංගත ජනාධිපති රණසිංහ පේමදාස මැතිතුමගේ 24 වන ගුණසමරුව මැයි පලමුවෙනි දිනට යෙදි තිබේ .නාගරික මංත්‍රිවරයෙක් ලෙස දේශපාලනය ආරම්භකල ඒතුමා මෙරට දෙවන විධායක ජනාධිපති ලෙස ඉහලට ගමන්කල ගමන්මග සුවපහසු රෝස මල් ඇතුරූ මගක් නොවිය .එතුමාගේ කැපවිම හා උත්සහයත් දේශපාලනයේ සුලි කුණාටු වලට ඔරොත්තුදීමේ හැකියාවත් නිසා ජනාධිපති දක්වා ගමන් ගම එලිපෙහෙලි වුයේය .
ආර් පේමදාස යනු සරල මිනිසෙකි .දුප්පතාගේ හා අසරනයාගේ ජනදුක වෙනුවෙන් පෙනිසිටියේය .අලුත් යමක් කරන්නට නිතරම පෙලඹුනේය නැ බැ වචනය එතුමාගේ සබ්ධකෝෂයේ නොවිය .රට වෙනුවෙන් හා මහජනතාව වෙනුවෙන් සිතා වැඩකල අතලොස්සක්වු නායකයන් අතර. එතුමා ප්‍රධාන තැනක් ගත්තේය ගම්උදා ව්‍යාපාරය ,ජනසවිය ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ,කැපකරු මා පිය ක්‍රමය ,පාසල් දරුවන්ගේ දිවාආහාර වැඩපිලිවෙල ,ගම් පහලොස්දහස සංවර්ධන වැඩසටහන වැනි සමාජ සේවා ව්‍යාපෘති ක්‍රියාත්මක කලේ අවංකවු චේතනාවකින් මිස ගසා කෑමට නොවේ ජනාධ්පති ජංගම සේවයවැනි සේවා මගින් ගමට ගොස් ජනතා ප්‍රශ්න විසදිමට කාලය යෙදවිය මේනිසාම නිලධාරුන්ගේ හා ආන්ඩුවේ කර්‍යක්ෂම තාවයද වැඩිවිය
1988 ජනාධිපති මැතිවරනයෙන් එජාපය ජය ගත්තේ එතුමා නිසාමය ඉන් පසු එතුමාට එරෙහිව දෝශාභියෝගයක් ඉදිරිපත්වි එජාපයේ සමගිය හා බලයට අභියෝගයක් එල්ලවිම නිසා අපගේම නායකයන් ගනනාවක් අපට අහිමිවිය එකල එතුමා එරෙහිව දැවැන්ත මඩ ප්‍රචාරයන් ගෙනගොස් එතුමාව දුර්වල කිරිමට සමහරුන් උත්සහ කලේය කොටි සංවිධානය විසින් අවශ්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් එජාප ආනාගත නායකය ගනනාවක් ඝාතනය කරමින් ඔවුන් අපට අහිමි කලේය එසේ නොවුනා නම් මෙරට පාලනය තවමත් එජාපයෙන් ඇත්කරන්නට කිසිවෙකුටත් නොහැකිවනු ඇත
පේමදාස ජනාධිපතිතුමා මා දැන හැදින ගත්තේ එතුම අගමැතිවසයෙන් සිටින කාලයේදිය අප ශිෂ්‍ය ව්‍යාපරයේ තරුණයින් වශයෙන් එතුමා නිතර නිතර හමුවිමට අවශ්ථාව ලැබුනි එකල අපගේ විරයන් අතර පේමදාස මැතිතුමාද විය .
මාහට පාර්ලිමේන්තුවට තරග කිරිමට අවශ්ථාව ලබාදුන්නේ එතුමාය තරුන මංත්‍රිවරයෙක් ලෙස වැඩ කරන්නට එකල මට දුන් දිරිය තවමත් මගේ මතකයේ තිබේ එතුමා ජනතාව වෙනුවෙන් සිය දිවිය කැපකල ආදර්ශමත් නායකයෙකි එතුමාටද පිටතින් මෙන්ම ඇතුලතින් ද සතුරුකම් කල පිරිස් විය එහෙත් ඒ සැම අභියෝගයකටම මුහුන දීමට එතුමා තුල තිබු ආත්මශක්තිය පුදුම සහගතය .
ජනාධ්පති රණසිංහ පේමදාස මැතිතුමනි ඔබට නිවන්සුව පතමි.