අපරාධ පරික්ෂක දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මේ වෙනවිට වැඩ තහනමට ලක්ව ඇත. ඊට පාදක වී ඇත්තේ සමාජයට මුදාහල හඩපටයක් පිලිබදවය.
ඒත් ශානි අබේසේකර යනු මල නොතලා රොන් ගන්නා ජාතියේ පුද්ගලයෙකි. ඒ අපරාධකරුවන් “නොමරා අවශ්‍ය අපරාධය හෙලි කරගැනීමට ” හා ඉන් අනතුරුව පුර්ණ අධිකරණ ක්‍රියාවලියක් ඔස්සේ අපරාධකරු එකි අපරාධය වෙනුවෙන් දඩුවම් ලබාදීමට අධිකරණ ක්‍රියාවලියද ඊට නොදෙවනි ආකාරයට රැගෙන යනු ලබන අති දක්ෂ විමර්ෂකයෙකි.
ඒත් ඒ සියල්ලම අද කනපිට ගසා ඇත. ගෝඨාභය රජය බලයට පත්වීමත් සමඟම ප්‍රධානම ඉලක්කය වී ඇත්තේ අපරාධපරික්ෂණ දෙපාර්තමේතුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර හා ඔහු සමඟ අපරාධකරුවන් හබාගිය පොලිස් නිලධාරින්ය . එසේ වීමට හේතුපාදක වී ඇත්තේ අපරාධපරික්ෂණ දෙපාර්තමේතුව එවකට විමර්ෂණ සිදුකල අපරාධ කරුවන් ගෙන් එක් අයෙක් වු ගෝඨාභය රටේ ජනාධිපතිවීමත් අනෙක් සියළුම දෙනා ද ගෝඨාභය වටාම සිටින බැවිනි .
ශානි අබේසේකර ප්‍රධාන අපරාධපරික්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරින් සිදුකල විමර්ෂණ හා සැකකරුවන් මෙසේය……
1. රජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කොට මවගේ සොහොනක් සමඟ කෞතුකාගාරයක් ඉදිකිරීම පාඩුව රුපියල් මිලියන් 150
සැකකරු – නන්ද සේන ගෝඨාභය රාජපක්ෂ
2. මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතනය
සැකකරු -යුධ හමුදා බුද්ධි නිලධාරි දෙදෙනෙකු
3. වසීම් තාජුදීන් ඝාතනය
සැකකරුවන් – නැත.
4. පුද්ගලයන් පැහැර ගෙන් ගොස් කප්පන් ගෙන මරාදැමීම
සැකකරු- හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණ්වර්ධන හා
ඔහුගේ පුත්
5.මාධ්‍ය වේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම
සැකකරු- යුධහමුදා බුද්ධි නිලධාරින් 02
6.රෝයල්පාක් ඝාතනය
සැකකරු – ජුඩ් ඇන්තනි (ජනාධිපති මෛත්‍රිපාල විශේෂ
සමාවකට මුදාහරින ලදි.)
7.මිග්යානා ගනුදෙනුව ඇමරිකානු ඩොලර් මිලියන් 1200ක් රටට් අහිමිවීම
සැකකරු -උදයන්ංග වීරතුංග( දින 11 ක් රක්ෂිත භාරයේ
සිට ලක්ෂ 05 ක පුද්ගලික ඇපමත මුදාහැර ඇත- ජනාධිපති
ඥාති පුත්‍ර
8.මිරිස විල කුඩා දරුවන් සමඟ සමුහ ඝාතනය
සැකකරු- යුධ හමුදා සෙබල සුනිල්; රත්නායක ( ජනාධිපති
ගෝඨාභය විශේෂ අවසර මත මුදා හැර ඇත.)
9. වැලිකඩ සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීම
සැකකරු වන් – පොලිස් පරික්ෂඛ් රංග ජීව හා බන්ධනාගාර
අධිකාරි එමිල් රංජන් ලමාහේවා
10. අප්‍රේල් 21 පාස්කුප්‍රහාරය
ඉබ්‍රාහිම් ප්‍රධාන ආධාර අනුබල දුන් සැකකරුවන් 09 දෙනෙකු
11. පාසැල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන් ගොස් කප්පන් ඉල්ලා පසුව මරාදැමී
සැකකරුවන් -නාවික හමුදාවේ ලුතිනන් කොමාන්ඩවරයෙකු හා ඊට ආධාර අනුබල දී ඇත හිටපුනාවික හමුදාපති වසන්තාකරන්නාගොඩ හා හිටපු නාවික හමුදාපති රවි විජේගුණවර්ධන
යන මෙවනි රටේ බිහිසුනු අපරාධ විශාල ප්‍රමානයක් හා පාතලේ කොල්ලකරුවන් ද අතිවිශාල ප්‍රමානයක අති විශිෂ්ඨ අපරාධවිමර්ෂකයෙකු වු ශානි අබේසේකරව මරාදැමීමට ගෝඨාභය ප්‍රධාන හමුදාකරුවන් ගේ කුමන්ත්‍රනයක් ක්‍රියාත්මක් වන් බවට අපවෙතට තොරතුරු ලැබී ඇත.
ඊට සමඟාමිව සමන් ගමගේ නැමති දිවයින පුවත්පතේ කසඩා හමීඩියාකාරයෙකු කියා ඇත්තේ ශානි අබේසේකර කුඩුජාවරම්කරුවන් මුදාගැනීමට අපරාධපරික්ෂක දෙපාර්තමේතුවට බලපැම කරන බවකි.
සමන් ගමගේ නැමති රාජපක්ෂලාගේ ලෙදි අපුල්ලන්කරු නොදන්න දෙය නම් ශානි අබේසේකර නැමති පුද්ගලයා සිගරට් නොබන බුද්ධ ධර්මයට අනුගත වුවෙකු බව නොදනීමය.
ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත කන්දප්පා මේ වනවිට රටින් පැනගොස් ඇත්තේ ඔහු ගේ හා පවුලේ ජීවිත ආරක්ෂාවටය. ඒ වහාම ගෝඨාභය අපරාධ විමර්ෂණ පොලිස් කොස්තාපල් ගේ සිට අධ්‍යක්ෂක දක්වාම රටි පිටවීම තහනම් කරමින් නම් 712 ක් ගුවන්තොටුපලට ලබාදී ඇත.
මෙවනි අපරාධ විමර්ෂකයන් ලෝකයේ වෙනත් රටවල අති සුඛෝපභෝගිව රජයේ වියදමින් ආරක්ෂාකරන නමුත් ශ්‍රි ලංකාවේ අපරාධකරුවන් රටේ පාලන බලය ලබාගන්නා බැවින් අපරාධ විමර්ෂකයන්ට සිදුවන්නේ රටි පැන ගොස් ජිවිතය බේරා ගැනීම හෝ කාගේ හෝ උණ්ඩයකට බිලිවීමටය. ඒ ශ්‍රිලංකාවේ ජාතියේ අවාසනාවය.
අජිත්..