උණුසුම් පුවත්

සත්‍ය වශයෙන්ම සිරකරුවන් මනුෂ්‍යයින්ය……..පාලකයින් තිරිසනුන් ද………..?

Spread the love

 මේ වන විට කොරෝනා සම්බන්ධයෙන්  විවිධාකාර පාලනයන් ශ්‍රී ලංකා පුරාම දියත් වෙමින් ඇති මොහොතක අප්‍රමාණ දුක් ගැහැට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවේ ඇති සිරකඳවුරු විසි තුනක් (23 ) තුළ සිටින සිරකරුවන් ය .

එහෙත් බැලූ බැල්මට කෙනෙක් කෙනෙකුට හැඟී යන්නේ ඔවුන් හට කෑම බීම සහ නිදාගැනීමට ,නෑමට සියල්ල ඇත්නම් ඔවුන් පිළිබඳව තවත් කුමක්  සිතිය යුතුදැයි යන්න යමෙකු තර්ක කිරීමට බැරි නැත.
ඒත් ලෝකෙ මිහිපිට අපායක් ඇත්නම් ඇත්තේ ශ්‍රී ලංකාවේ  සිර කඳවුරු වල යැයි කීවොත් කිවහොත් එය සත්‍යක් බව එහි ගිය ඕනෑම අයෙකු පිළිගන්නවා ඇත. මේ වන විට අප වෙත ලැබී ඇති ඉතාම සංවේදනීය තොරතුරු පිළිබඳව හෙළි වීමත් සමඟම මේ  කටයුතු පිළිබඳව අපි තවදුරටත් ජනතා පුවත්පතක් වශයෙන් විවිධ වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට පුද්ගලිකවම මැදිහත් වුනෙමු.
 මේ තාක් කල් සිරකරුවන් ඔවුන්ගේ නිවෙස් වල ඔවුන්ගේ  ආදරණීයයන් ඔවුන්ව රැකබලා ගැනීම නිසාය. වරද කුමක් වුවත් ඔවුන් සිරගත ව ඇත්නම් ඔවුන්ව මනුෂ්‍යයන් සේ රැක ගැනීම සමස්ත මනුෂ්‍ය සංහතියේම මනුෂ්‍ය වර්ගයාගේම යුතුකමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා පිළිගත් මුල් ධර්මයකි ලංකාවේ මේ සිරකඳවුරු 23 තුළ සිටින ආසන්න වශයෙන්   24,600 සියයකට ආසන්න සිරකරුවන් මේ වන විට දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇති බව අප වෙත ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගැනීමට ඇත. 
 ඊට හේතු වී ඇත්තේ සිරකරුවන්ට මීට පෙර තම ඥාතීන් කෑම බීම සේම ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් නෑමට ගන්නා සබන් දත් බුරුසු දන්තාලේප ඒ සියල්ල නිවසින් ගෙනැවිත් දී තිබුණත් මේ වන විට ඒ සියල්ලම නතරවීම නිසා සිරකරුවන් මනුෂ්‍යයෝ නොව ඔවුන් පෙරේතයන් ගෙනුත් අන්ත පෙරේතයන් ගානට වැටී ඇති බවකි.

මේ වන විට එක් සිරකරුවෙකුට සබන් කැටයක් 8 කට කැපූ කෑල්ලක් ඔහුගේ නෑමට පාවිච්චි කිරීමට ලැබෙන අතරම සිරකරුවන් සීයකට 400  වඩා වැඩි පිරිසකට  එක් ටුට්පේස් එකක් (01 ) ලැබෙන බව අප වෙත දැන ගැනීමට ඇත.
එසේම මෙහි අවාසනාවන්තම දේ නම් කාන්තා සිරකාරියන් මේ වන විට ශ්‍රී ලංකාව පුරාම 2500ට ආසන්න පිරිසක් සිට නමුත් ඔවුන් කිසිවකුටත් ඔවුන්ගේ මාස්සුද්දිය (ඔසප්) ( manses)වෙනුවෙන් පාවිච්චි කර ඒමට කිසිදු ‍ ලබා නොදීම ඉතාම කනගාටුදායක හා අවාසනාවන්ත තත්වයකි
කාන්තා සංවිධාන කොතෙකුත් තිබුණත් කාන්තාවන් පිළිබඳව කොතෙකුත් කයිවාරු ගසන සමාජයේ මැති ඇමතිවරු සිටියත් ඒ කතා කරන කාන්තාවන් සුපිරි කාන්තාවන් වන නිසාම අහිංසක සිරගතව ඉන්න 2500 ආසන කාන්තාවන් ගැන කතාකරන   කිසිදු පාලකයෙක් හෝ නොවීම ඉතාම කනගාටුදායක ය .
මේ නිසා විශේෂයෙන්ම ජනතා පුවත්පතක් වශයෙන් ඊට වගකිවයුතු බන්ධනාගාර අධිකාරි වරුන් ගෙන් ඉල්ලා සිටින්නේ වහාම ඒ පිලිබදව සොයා කටයුතු කරන ලෙසයි.   ඔබගේ බිරිඳ මව දියණිය පිළිබඳව සිතන්නා සේ මේ 2500  ආසන්න කාන්තාවන් ගැන සිතා කරුණාකර වහාම ඔවුනට මෙම කොරෝනා ආසාදිත තත්ත්වය මත කිසිදු පිළිසරණක් තම නිවෙස්වලින් නොලැබෙන හෙයින් ඔවුන්ට උන්ගේ මාස්සුද්දිය (ඔසප් )( manses) වෙනුවෙන් ඒ සඳහා පාවිච්චි කළ හැකි PADS  පැකට්ටුවක් වත් අවම තරමින් ලබා දීමට කටයුතු කළ යුතු .
 මේ පිළිබඳව විශේෂයෙන්ම රටේ පාලකයන් දැනුවත් කිරීමට ද අපි කටයුතු කරමු .තාප්පයකට කොටුව සිරකරුවෝත් මනුෂ්‍යයෝය යන්න සිමෙන්ති වැකියක් මිස එහි ඇතුළත ඉන්නා මිනිසාගේ දුක් ගැහැට ගැන කිසිවෙක් නොබලන නිසා ම,
සත්‍ය වශයෙන්ම ඇතුළත සිර කූඩු වල සිටින සිරකරුවන් අවංක මිනිසුන් වුවත් පිටත සිටින පාලකයින් තිරිසනුන් යැයි වරක සිතෙන්නේ මෙවැනි ආකාරයට ඔවුනට සලකන්න නිසා බව කිව යුතුය.

අජිත්..


Spread the love

Leave a Comment

You may also like