උණුසුම් පුවත්

පොලිසියට රිංගු “බල්ලා ” -” බල්ලෙකුට ” වෙඩිවෙඩි තබයි…… “බල්ලා ” අල්ලනවා වෙනුවට පොලිසිය” බලු “වීමට ඉඩ නොදිම පොලිස්පති ගේ වගකීමක්……..!

Spread the love

බෞද්ධ ජනතාවගේ අතිෂයින්ම පූජනීය දිනයක් වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දින විශ්‍රාමික පොලිස් අධිකාරී ක්ලෙමන්ට් ප්‍රනාන්දු  විසින් ඔහුට අයත් තුවක්කුවකින් පාරේ ගිය සුනඛයෙකු වෙඩි තබා මරා දැමීම පසුගිය සති කීපය තුළ රටේ බොහෝ කතාබහට ලක් වූ සිද්ධියකි.

මේ විශේෂත්වයක් වූයේ සිද්ධිය වූ දිනය ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම වැදගත් සමස්ත ලෝක බෞද්ධ ජනතාවටම අනුකම්පාව දැක්වූ ඒ උතුම් පොහෝ දිනයක් තුළ සතෙකු නීතිවිරෝධී ගිනි අවියකින් වෙඩි තබා මරණයට පත් කරානම් එය විශේෂ සිද්ධියක් සේ ගැනීම බෞද්ධ ජනතාවගේ පමණක් නොව සමස්ත රට වැසියාගේ ම කතාබහට ලක් විය යුතු දෙයකි.

නීතිය  පුද්ගලයෙක් හෝ ඔහුගේ දේශපාලනය,   “ඔහුගේ පොලිසියේ” තරාතිරම හෝ ඔහුගේ සල්ලි භාගය මත නීතිය ක්‍රියාත්මක වනවා නම් ඒ රටේ දියුණුව කෙසේ වෙතත් රටේ පරිහානිය දිනෙන් දිනම සිදුවීම කිසිවකුට වළකා ගත නොහැකිය.

 ඒත් මේ සිද්ධියේ ප්‍රධාන වරදකරු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර හිටපු පොලිස් අධිකාරීවරයා කුමන තත්ත්වයක සිටියත් වහාම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතුමයි. ඒ මන්ද ඔහු පොලිස් නිලධාරියෙකු වශයෙනුත් නීතිය හා සාමය පිළිබඳව වූ අනෙකුත් අයට වඩා ඉතා හොඳින් දන්නා නිසාය ඒත් අද පොලිස් නිලධාරීන් ක්‍රියා කරන්නේ මියගිය බල්ලන්ටත් වඩා “බලු විදිහට ” බව නොකියාම බැරිය.

ජනතාව අද කතා කරන්නේ බල්ලෙකුට වෙඩි තබා වෙඩි තැබූ තුවක්කු හොයාගන්න බැරි පොලිසිය මිනිසකුට වෙඩි තැබූ තුවක්කුවක් කවර නම් කලක කියාය

වෙඩි තැබූ ” බල්ලාව ” නීතිය හමුවට ගෙනවිත් ඔහුගේ නීතිවිරෝධී ගිනි අවිය අධිකරණයට ඉදිරිපත් කරනවා වෙනුවට උත්තරීතර පොලිස් දෙපාර්තමේන්තුව ජනතාව ඉදිරියේ “බලු”  කිරීම දැන් අපේ ජනතා පුවත්පතක් වශයෙන් මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ  විමසිය යුතුමය.

මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  සමන් සිගේරා ඉතාමත්ම දක්ෂ   හොඳ නිලධාරියෙකු වශයෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව තුළම නමක් දිනා සිටින  බව කිව යුතුමය.

ඒත්  එවැනි  නිලධාරිකු ගේ අධීක්ෂණයමත මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් සිදු වෙනවා නම් අනෙකුත් පොලිස් ස්ථානය ගැන කුමන කතා දැයි ඇසීමට දැන් සිදුව ඇත.ක්ලෙන්මන් ප්‍රනාන්දු නැමති මානසික උන්මත්තකයා කලකට පෙර මාතර මුලස්ථාන පොලිස්පරික්ෂක  ලෙසට පත්වු විට පොලිස් ස්ථානාධිපති නිල මැදිරියට පාරේ අනික් පසින් පිහිටා තිබුනේ  “මාතර බෝධින් වහන්සේය “.

එය උදේ හවස දර්ශණය වීම නිසා පොලිස් ස්ථානාධිපති නිලකාමරයෙන් පිටත විශාල ආවරණයක් යෙදීම පිලිබදව ජාතික පුවත් පතේ මාතර වාර්තාකරු ක්‍රිෂාන් ජීවක ජයරුක් මෙහි ඡායාරුප ගෙන වාර්තාවක් ලිවීම නිසා උරණව ඒ මාධ්‍ය වේදියා පසු පසද ඔහුව වෙඩිතබනවා යැයි තර්ජනය කොට ඇති බවට අපවෙත වාර්ථා වී ඇත.

එවනි මානසික උන්මත්තක බල්ලෙකු  කෙසේ නම් පොලිසියට රිගුවාදැයි වෙනමම සොයා බැලිය යුතුය.

පොලිස් සේවයේ සිටියානම් ඔහුට සාමාන්‍ය ජනතාවට වඩා හික්මීමක් හා විනයක් තිබිය යුතුමය. මෙහිදි වරද සිදුකර ඇත්තේ කවුද ……? නොව සිදුකර ඇති වරද කුමක්දැයි…….? වහාම පොලිසිය වටහා ගත් යුතුමය.

පසු ගිය කාලයේ  “බල්ලන් ” පොලිසියට පැමිණි බවට බොහෝ පුවත් පලවු අතර මෙවනි” “බල්ලන් ” පොලිසියට ආවා මිස ,පොලිස් දෙපාර්තමේතුව තවමත් ” බලුවී “නොමති බව වහාම රටට පෙන්විය යුතුය .ඒ වගකීම ඇත්තේ පොලිස්පතිවරයාටබව අපි දැඩිව විශ්වාසකරමු.

 

යොනාල් මීගමුව සිට ලියයි…


Spread the love

Leave a Comment

You may also like