ගල්කිස්ස වෙරල තීරයත් ශ්‍රී ලංකාවේ පිහිටි ස්භාවයෙන්ම මනරම් වූ සුන්දර වෙරල තීරයන්ගෙන් එකකි, රජය විසින් ගල්කිස්සේ කෘතිම වෙරළක් සැකසීම වෙනුවෙන් රු.මිලියන 890 ක් වැනි විශාල මුදලක් වෙන් කොටගෙන එම ව්‍යාපෘතියේ මූලික කටයුතු සිදු කර ඇත,
නමුත් වර්ථමානයේ එහි තත්වය මත පැහැදිලි වන්නේ එය සම්පූර්ණයෙන් අසාර්ථක ව්‍යාපෘතියක් බවත් ජනතා මුදල් කාබාසිනියා කරන තවත් එක් ව්‍යාජ ව්‍යාපෘතියක් බවත් ය.
වර්ථමාන ජායාරූප වලින් පැහැදිලි වන්නේ අලුතින් පිරවූ වැලි ගසාගෙන ගොස් සම්පූර්ණයෙන්ම එය මඩ වගුරක් තත්වයට පත්ව ඇති බවත් එය සමුද්‍ර ජීවීන්ට අහිතකර ලෙස බලපා ඇති බවත් ය.
රාජ්‍ය උවමනාවන් වෙනුවෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම අවතක්සේරු කරේය.
ව්‍යාපෘතියේ මුල් අධියර සම්පූර්ණ වූ වහාම මාධ්‍ය යොදාගෙන එහි පෙර සහ පසු තත්වය ධනාත්මක ලෙස පෙන්වූවත් එහි යථාර්ථය ඊට සම්පූර්ණයෙන් වෙනස් වන අතර එය හුදෙක් පාලකයන්ගේ සාක්කු පුරවූ හිස් ව්‍යාපෘතියකි.
මෙවන් අසම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘති අස්සේ තවත් ඇමරිකන් ඩොලර් මිලියන 40 ක පිට්ටනියක් සැකසීමේ ව්‍යාපෘතියක් කරලියට ගෙන ඒම තවදුරටත් මුදල් මංකොල්ල කෑම බව පැහැදිලි ය.
රටේ රාජ්‍ය සේවකයන්ගෙන් සිඟමන් යදින ආණ්ඩුව මෙවැනි තමන්ගේ බඩගෝස්තරවාදී අරමුණු වෙනුවෙන් වෙන් කර ඇති අනවශ්‍ය මූල්‍ය වෙන් කිරීම් covid-19 වෙනුවෙන් සහ ඉන්පසු රට ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් යොදා ගත යුතු නොවේද ?
රුපියල් මිලියන් 890 ක් ජනතා සල්ලි විනාශ කොට කුට්ටි පිටින් සාක්කුවේ දමා ගෙන රටේ සුන්දර වෙරලට අද සිදුව ඇති අවාසනාවන්ත තත්වය පහතින් ඔබට දැකිය හැක.
දර්ශණ ඉතාලියේ සිට…
![]()
![]()
![]()
![]()