උණුසුම් පුවත්

පාර්ලිමේන්තුව නොකැඳවා සිදු කරන්නේ කොරෝනා මුවාවෙන් ඒකාධිපති වියරුවෙන් රටේ සල්ලි කොල්ලකෑමටයි……….?

Spread the love

ව්‍යවස්ථාදායක සහ විධායක බලතලත් රටේ සමස්ථ ජනතාවගේ පරමාධිකාර බලයත් නියෝජනය වන එකම ස්ථානය පාර්ලිමේන්තුවයි, Covid-19 ජාතික ව්‍යසනය නිසා පාර්ලිමේන්තුව රැස් විය නොහැක යන පදනම හුදෙක් විහිළුවකි,අරක්කු බාර් විවෘත කරන රටේ පාර්ලිමේන්තුව රැස් නොකරන්නේ සැබවින්ම covid-19 නිසා නොවේ…
මෙසේ පාර්ලිමේන්තුව නොකැඳවීම තුල යටයන මහාපරිමාණ මූල්‍ය මංකොල්ලයන් පිලිබද ඔබ දැනුවත් විය යුතුය…
01) අද වන විට දෙස් විදෙස් ආධාර වලින් සමස්ථ covid-19 මූල්‍ය ශේෂය රු. බිලියනය ඉක්මවා ඇත,එම මුදල් සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්න කිරීමකට අවස්ථාව නොමැත…
02) 2019 වර්ශයේ අතුරු සම්මත ගිණුම හරහා 2020 මුල් මාස 03 සඳහා වෙන් කල රු. බිලියන 1469 පිලිබද ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොමැත…
03) මෙතරම් මූල්‍ය ශක්තියක් තිබියදී අත්තනෝමතික ලෙස රාජ්‍ය සේවක සහ පුද්ගලීක අංශ වල වැටුප් කප්පාදුව පිලිබද ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොමැත…
04) අදටත් ගෙවනු ලබන හිටපු රාජ්‍ය ඇමතිවරුන්ගේ විශේෂ දීමනාවක් වන රු.245,000 සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අවස්ථාවක් නොමැත…
5.) ආණ්ඩුවක් විසුරවා ඇති විට ඇත්තේරටේ කැබිනට් මංඩලය වු භාරකාර රජයකි. එවනි රජයක් තුල රාජ්‍ය ඇමතිවරු යැයි කොටසක් ඇත්තේ මැදමුලන ව්‍යවස්ථාවේම පමණි. එසේ නම් රාජ්‍ය ඇමතින්ට එවනි රජයේ වාහන දෙන්නේ කුමණ බලයක් මතද ?
මෙවන් සැඟවුන කාරනා රාශියක් මත පාර්ලිමේන්තුව රැස් නොකිරීම රටේ ජනතාවගේ පරමාධිකාර බලයට කරන අභියෝගයකි,අප ජනතාව ලෙස ඉල්ලා සිටිය යුත්තේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ දීමනා,වැටුප් ආදී බාහිර කාරනා සම්බන්ධයෙන් සාකච්ඡා නොකර හුදෙක් ඉහත කී රටේ ජනතාවට වැදගත් කාරනා සම්බන්ධයෙන් පමනක් හෝ සාකච්ඡා කිර නිවැරැදි ජනහිතකාමී තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුව රැස් විය යුතුයි යන්නය…
දර්ශණ
ඉතාලියේ සිට…

 


Spread the love

Leave a Comment

You may also like