– සාරාංශය –
▪️ස්ටීව් බැනන් : වූහාන් වලින් වෛරසය ආරම්භ වී ව්‍යාප්ත වූ බවට මේ වනවිට ලැබී තිබෙන සාක්ෂි ඉතාම ප්‍රභලයි. ඒ මත CCP නායකයින්ට දැන් විශාල පීඩනයක් එල්ල වෙලා. ඒ පීඩනය නිසා දැන් ඔවු නොවුන් එකිනෙකාට ඇඟිල්ල දිගු කර ගන්න තත්වයට පත්වෙලා, කවුද මේකට වග කියන්න ඕනේ? කොහොමද මේක උනේ? කවුරු අතින්ද මේ අත් වැරද්ද වුනේ ආදී වශයෙන්. ඒ වගේම මේක දැන් ඔවුන්ගේ පාලනයෙන් බැහැර වෙලා. නමුත් ඔවුන් උත්සාහා කරනවා අපිට අපහාසාත්මක ලෙස බනින්න ඒකට කමක් නෑ. මේ වගේම දෙයක් තමයි මොස්කව් වල ඇතිවුන ට්රෙනොබල් සිද්ධියත්ට්රෙනොබල් සිද්ධිය – 1986 වසරේදී රුසියාවේ මොස්කව් (එවකට සෝවියට් දේශය) න්යශිටික බලාගාරයක ක්‍රියාකරුවන්ගේ අත්වැරදීමක් නිසා Reactor No. 4 පුපුරා ගියා. ඒ නිසා හටගත් න්‍යෂ්ටික විකිරණ කාන්දුව සැතපුම් 600ක සිටි පුද්ගලයින් ලක්ෂ 8කට බලපෑවා. එහිදී රුසියානු රජය වගකීමෙන් ඉවත් වීමට උත්සාහ ගත්තද විභාග වූ දීර්ඝ නඩුකරයකින් පසු එම වැසියන්ට එවකට ඩොලර් බිලියන 1.2ක් වන්දි ගෙවන්න රුසියානු රජයට සිදුවුණා.
▪️මාධ්‍යවේදිනිය: ඔබ හිතනවද මේකත් ඒවගේ ක්‍රියාමාර්ගයකට යන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි තියනවා කියල, මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නැහැ. චීනය සතුව අමෙරිකාවේ තිබෙන වත්කම් රාජසන්තක කරන්න තරම්?
▪️ස්ටීව් බැනන් : ඔබ සම්පුර්ණයෙන්ම වැරදියි. තිබෙන සාක්ෂි හොඳටම ප්‍රමාණවත්. කොන්ග්රසය හරහා මෙය ඉක්මනින්ම ක්‍රියාවට නැංවිය හැකියි. අපිට පහසුවෙන්ම චීනය මේකට නතු කරන්න පුළුවන් හරියට අපි 9/11 ප්‍රහාරයේදී Saudi Arabia ට කලා වගේ. 9/11 වින්දිතයිනට ඩොලර් බිලියන 50ක් Saudi Arabia වෙන් අරන් දුන්න වගේ. අපිට සම්පුර්ණ අයිතිය තිබෙනවා, චීනයෙන් මේ වන්දිය ලබා ගන්න. ඕනා තරම් ප්රවේශයන් තියනවා මේකට ක්‍රියා මාර්ග ගන්න.
CCP නායකයින්ට සිදුවෙනවා ඩොලර් ට්‍රිලියන ගණනින් මෙහිදී වන්දි ගෙවන්න. ඔවුනට bankrupt වෙනකන් මේකට ගෙවන්න වේවි. ඒ වගේම CCP නායකයින්ගේ විවිධ රටවල තියන ඔවුන්ගේ පුද්ගලික වත්කම් පවා රාජසන්තක වෙනවා. මෙතෙන්දි ලෝකෙම මිනිස්සු ඒ වන්දිය ඉල්ලනවා, චීනයේ වූහාන්වල වැසියනුත් ඇතුළුව. මුළු ලෝකයම ඒ සඳහා එකතු වෙමින් සිටිනව. මේ CCP පක්ෂයේ හා එම නායකයිගේ අවසානය.
මේක කරන්න අපිට ඉතාම විශිෂ්ඨ අත්දැකීම් සහිත නීතිවේදීන් අමෙරිකාවේ සිටිනවා. මේක තමයි අවස්ථාව මේ ව්‍යසනයෙන් පිඩාවට පත්වූ මිනිස්සුන්ට සාධාරණයක් අරන් දෙන්න හා CCP නායකයින්ගේ බල කේන්ද්‍රය අවසන් කරන්න. චීන ජනාධිපති xi තේරුම් ගත යුතුයි ඔබේ දේපලද රාජසන්තක වෙනවා.
NEW INSIGHTS : CCP වෛරසය නිසා චීනය දරුණු නීතිමය ගැටළුවක් අභියස එය ට්රෙනොබල් සිද්ධියට වඩා දරුණු වෙයිද? DANCE WITH THE DEVIL OR WALK WITH GODS – ධවල මන්දිරයේ හිටපු ක්‍රමෝපාය ප්‍රධානී Steve Bannon ගේ විශිෂ්ඨ පැහැදිලි කිරීමක්!
විශේෂ ස්තුතිය
ෂානක ද සිල්වා
පරිවර්තනය හා සම්පාදනය
අත්ලන්ටා,ජෝජියා
USA