ශ්‍රි ලංකා මාතාවගේ නම ලෝකයට ගෙන ගිය ලෝක පුජිත මුත්තයියා මුරලිදරන්ට ජාති ,ආගම් ,පක්ෂ බේදයෙන් තොරව රටේ ජනතාව ආදරය කලේ ක්‍රිකට් නිසාවෙනි. ඒ ඔහු අග්‍රගන්නිය ක්‍රිඩකයෙක් වු නිසාවෙනි.
ඒත් ඔහු පිලිබදව අද කතා කිරීමට ඇත්තේ එවනි ආදරනීය හැගීමකින් නොව දැඩි පිලිකුලකිනි. ඒ සමස්ථ රටත් රටේ නාමයත් කෙලෙසෙන ආකාරයට ඔහුගේ ප්‍රසිද්ධිය මතින් ශෂිදරන් නැමති ඔහුගේ මල්ලි ගෙනයන දේශපාලනය නිසාවෙනි. එය මුළු මනින්ම මුත්තයියා මුරලිදරන් ගේ නමට සිදුවන කැලලකි.
ලංකාවේ එදා මෙදා තුර රේගුව නියමකල ලොකුම දඩය නියම කලේ මුරලිදරන් ගේ මල්ලි දැන් පොදුජන් පෙරමුණෙන් නුවර එළියට පාර්ලිමේන්තුවට ඒමට සිටින ශෂිදරණටය.
ඒ 2013 නොවැම්බර් 04 වන දිනයි.සුමතිපාල උඩුගම් සුරිය නැමති නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරයා රටේ අහිංසක මිනිසුන් ගේ ජිවිත ඒදා බේරීමට ඉදිරියට පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ හෝ එවකට ආරක්ෂක ලේකම් වු වරතමාන ජනාධිපති ගෝඨාභය ගේ දැඩි වාග් ප්‍රහාරවලට නොබියවය.
රැකියාවට වඩා මිනිසුන් ගේ ජීවිත ගැන සුමතිපාලට තිබු කැක්කුම නිසාම අවසානයේ රැකියාවද අහිමි වුයේ මුරලිදරන් ගේ මල්ලි ශෂිදරන් ගේ විෂ මත් ද්‍රව්‍ය මුදා නොහැරිය නිසාය. එදා මුරලිදරන් ගේ මල්ලි තම අයියා ගේ සම්බන්දකම් නිසාම එල්ලුම් ගස් නොගිහින් බේරුනි.
ඒත් සමඟම අසාමාන්‍ය ධනයක් සොයා ඇති ශෂිදරන් ඉන් පසුව අත ගැසුවේ පාකිස්තාන යෙන් කරුන්කා ආනයනය කොට ඒවා ප්‍රතිඅපනයනය කිරීම ඉන්දියාවට සිදු කලේය. ඒ නිතිවිරෝධි කටයුත්තට රාජපක්ෂ ගේ ආණ්ඩුවෙන් පසුව යහපාලන් ආණුවේ තවත් ප්‍රකට ඩීල කරුවෙකු වු රවී කරුණානායක ගෙනි.
ඊටද සහාය ලබුනේ ගෝඨාභය ගෙනි. එදා මෙදා සිදුකල සියළුම නිතිවිරෝධි සියළු දේට ආශිර්වාදය ලැබෙන්නේ මහින්ද රාජපක්ෂ පරම්පරාවෙනි.
ඊට තවත් අටුවාටිකා කිමට අවශ්‍ය නොවන්නේ සමස්ථ ජනතාවම එය ඉතා හොදින් දන්න නිසාය. ඒත් ජාතියේ අවාසනාවට ජනතාව තවතවත් ඇළුම් කරන්නේ අපරාධකරුවන්ටමවීම ජාතියේ අවාසනාවටයි.