උණුසුම් පුවත්

චීන ණය ගිවිසුමට අත්සන් කිරීමට අකමැති වූ මුදල් අමාත්‍යංශ ( finance ministry secatry ) ලේකම් එස්. ආර් .ආටිගල ඉවතට……!!

Spread the love

දිගින් දෙක දිගින් දිගටම රාජපක්ෂ රජය ණය ගැනීමට කැමැත්තක් දක්වන්නෙ චීන රජයෙනි. මේ වන විට චීන රජය කොරෝනා වෛරසය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ඉල්ලා තිබූ ඇමෙරිකන් ඩොලර් මිලියන 1700 ක මුදලක් මුදා හැරිය අතර ඉන්පසුව නැවතත් ඇමරිකන් ඩොලර් මිලියන  15,000 මුදලක්ඉල්ලා ඇත්තේ මහනුවර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහාය.

මෙවැනි කඩා වැටී ඇති ආර්ථිකයක් තුළ අධිවේගී මාර්ග හෝ වෙනත් ආයෝජනයන් කිරීම තුළින් කිසිවක් ඉපයීමක් නොමැති නිසාම මේ පිළිබඳව කරුණු කියා ඇති ආටිගල මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා( finance ministry secatry ) එවනි ආයෝජනයකට මුදල් ගැනීමට තමාට අත්සන් කිරීමට බැරිබව කියා ඇත.

ඒ සමඟම බැසිල් භාරයේ ඇති මුදල් වලට ද ආටිගල ලේකම්වරයාට අත්සන් කිරීමට කියා ඇතත් ඔහු කියා ඇත්තේ තමා එවනිමුදලක් හෝ කොපමණ රටට ලැබුනා දැයිවත් නොදැන තමාට අත්සන් කිරීමට නොහැකි බවයි.

හිටපු   මුදල් අමාත්‍යංශයේ ලේකම්( finance ministry secatry) ශ්‍රී ලංකාවේ නීලකාස හොරෙක් වන ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර කියා ඇත්තේ  ….. “අත්සන් කරන්න බැරිනම් තමුසෙ ගෙදර ….” යනවා  ඒ අනුව ආටිගල තමාගේ රාජ්‍ය සේවයට ආයුබෝවන් කියා අද  ගෙදර යාමට තීන්දුවක් ගෙන ඇත .

මේ තීන්දුවත් සමගම ගෝඨාභය රාජපක්ෂගේ චීන ණය ගැනීමේ ගනුදෙනුව මීළඟට කවුරුන් බාර ගනීවි අපි විමසිලිමත්ව බලා සිටිමු.

ඊයේ ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දී ඇත්තේ   තමා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් ඉවත්වන බවයි. ඊට ප්‍රධානතම හේතුව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර චීන ණය ගැනීම පිළිබඳව තමා  කරුණු ඉදිරිපත් කර ඇතත් වහාම ඇමරිකානු ඩොලර් මිලියන 15000  වෙනුවෙන් ඔහුට අත්සන් කිරීමට බල කිරීම නිසා මෙසේ ඉල්ලා අස්වන බව මේ වන විට අප වෙත වාර්තාවී ඇත.

එස්.ආර්.ආටිගල මුදල් අමාත්‍යංශ ලේකම් ලෙසට වැඩ භාර ගෙන ඇත්තෙ 20/11/2019 දිනයි.

ඒ අනුව හෙට ඔහු තමාගේ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ

අජිත්


Spread the love

Leave a Comment

You may also like