මාදිවෙල දෙල්ගහවත්ත පාර අසල කුඹුරු වෙල්යායක් තිබේ. මේ වෙල්යාය අසබඩ අලුතින් දැවැන්ත නිවසක් ඉදිකරනු ලබයි. පසුගිය ආණ්ඩු සමයේ එය නැවතී තිබී නව ආණ්ඩුව පටන් ගත් දින සිට ඉතා සක්‍රීයව කඩිනමින් එහි ඉදිකිරීම් කටයුතු කරනු ලබයි.
මේ ඉදිකරන නිවසට පොලිස් ආරක්ෂාව ද යොදා තිබේ. ලැබි ඇති ආරංචි අනුව එය ගෝථාභයගේ නංගිගේ පුතාගේ පදිංචියටලු,තට්ටු 03 ට දැවැන්ත නිවසක් කොන්ත්‍රාත් සමාගමක් විසින් අදත් ඉදිකරමින් ඇත.
ඊට පොලිස් ආරක්ෂාව යොදවා ඇත්තේ එය රටේ ජනාධිපති ගේ සනුහරේ එකකු ගේ බව ඇගවීමටයි.
ඒත් ඒ අහිංසක පොලිස් නිලධාරින් මොනවා කරන්නද ?…….ලංකාවේ පොලිස්පති ඉන්නේ නිතිය හා සාධරනත්වය එක්ක නොවේ, බලවතා ,සල්ලි කාරයා එක්කයි ඒක සහතික ඇත්ත.
ඒ නිසාම ඒ තට්ටු 03 ක මහල නිවසේ දැනටත් 10 ක් 15 ඇදිරිනිතිය කාලයේ වැඩ බැකෝයන්ත්‍ර හොදින් වැඩ අජිත් රෝහනලා ගේ ,ශවින්ද්‍රලා ගේ නිරෝධායන මීටරය දුර බලවතා ගේ ගෙදර වැඩ කරන උන්ගේ කකුල් ලඟ නැමිලා. මේ සුවිසහල් නිවස ඉදිරිපිටින් ඇත්තේ මනරම් වෙල්යායකි. ඒත්සමඟම ඇති නිවාස සියල්ලම රජයේ ඉඩම්වල සෑදු වසර 15 කටත් වඩා පැරණි දරුවන් පාසැල් යන අහිංසක මිනිසුන්ය.
ඒ ගෙවල් දැන් සුවිසල් සුපිරි නිවසට පෙනිම හරිම පිලිකුල්ය ඒ උන් දුප්පත්තුය, උනයන්නේ පයින්ය,රාජපක්ෂලා රටේ ධනය හොරා කාපු නිසාම දුප්පත් වී ඇත.
ඊයේ රාත්‍රි ගෝථාභයගේ නියෝග ලැබුණි වහාම ඒ නිවාස සියල්ලම කඩා ඉවත් කොට නිවස අසල සිට මාර්ගයට යාබද මඩ කුබුර පුරවා ” ඇවිදින් මංතීරුවක් ” ගැසිය යුතු බවටයි. දැන් රටේ ඇත්තේ කොරෝනාය ඒ අපිටයි එය වසන්ගතයකි ඒත් රාජපක්ෂලාට කොරෝනාත් ” මල් වසන්තයකි “.
රටේ පුරවැසියන් සැමට තමන්ට නිවසක් ඉදිකරගැනීමට කිසිදු බාධාවක් නැත. එහෙත් මෙම නිවස ඉදිකිරීම නිසා අවට නිවාස 11 ක පදිංචි ජනතාවට ඉන් ඉවත් වන්නට සිදු වී ඇත. මේ පවුල් 11 නිවාස ඉදිකරගෙන ඇත්තේ රජයේ ඉඩම් වලයි. ඒ නිසා ඒ නිවැසියන්ට නීති්‍යානුකූලව එම ඉඩම් අයිතිය නොමැති වුවත්, තව එක් අයෙකුගේ සුඛ විහරණය සඳහා මේ පවුල් 11ක් පාරට ඇද දැමීම කිසිසේත් යුක්ති සහගත නැත.
ඔවුන්ට ලබාදී ඇත්තේ ඉවත් වන්නට මාස දෙකක කාලයකි. මෙච්චර තදියමේ මේ මිනිස්සු පාරට ඇද දමා ඔවුන් සිදු කරන්නට යන්නේ ” ඇවිදින මංතීරුවක් ” ඒ ප්‍රදේශයේ ඉදිකිරීමටයි. කුඹුරු වෙල් යාය මැදිකොට මේ මිනිස්සු ස්ථීර ලෙස ඉදිකරගෙන වසර ගනනක් තිස්සේ ජීවත්වන නිවාස භව බෝග ඩෝසර්කර ඇවිදින මංතීරුව සකස් කිරීමට කඩිමුඩියේ කටයුතු කරමින් සිටී.
රට දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දී සිටින අවස්ථාවේ මේ කඩිමුඩියේ ඇවිදින මංතීරු හදන්නට කටයුතු කරන්නේ මහජන මුදල් නැති නාස්ති කරමින් තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිත සුඛිත මුඛිත කිරීමට වීම කොතරම් විනාශයක් ද, අධම ක්‍රියාවක් ද ?
රටේ නිතියේ පිලිසරණ පැතිය නොහැක්කේ නිතිය උන්ගේය,
එදා රාජපක්ෂලා 2015 නතර කල තුප්පැහි ක්‍රියාවෙන්ම ගෝඨාභය නැමති උන්මත්තකයා නැවත ආරම්භකරන බව රටේ ඉන්නා සමහරකුන්ට කොච්චර කීවත් විරුවා ආවොත් කියා සියල්ල ලැබෙයි සිතු උන්ට හෝ උන්ගේ දරුවන්ටත් නැතිබව සහතිකය .
ඒත් රාජපක්ෂලා ගේ සනුවරේ හැම එකාම දැන් ගොඩය. මේ නිවසත් උන්ගේම නංගි ගේ පුතාට ය. මෙවන් පාලකයන් ඇත්තේම ලංකාව වැනි වැඩිම මිහරක් සිටිනා රටවලය ඒ බව 62 ලක්ෂය දෙස බැලීමෙන් ඕනෑවටත් වඩා දැන් පෙනේ.
අජිත්….