දැන් දැන් අපේ විරුවා සලකන්නේ කාටදැයි අපේ විරු ගේ පස්සේ ගිය අයටම වැට හී තිබීම යම් පමණකට හෝ මොලේ පෑදීමකි.
” ලිහලා බැලු මල්ල … ඔබල බලන්න වැඩක් නෑ…..” කියා කිවේ අපේමුතුන් මිත්තන්ය ඒ අයියා ජනාධිපති කාලේ ගෝඨා මල්ලි ගේ කෙරුවාව රටට ඔනෑවටත් වඩා පෙන්නා තිබීම නිසාය.
ඒවා එලියට නාවේ රනිල්- මෛත්‍රි යහපාලන බොරුවෙන් ඔවුන්ව රැක්ක නිසාය. කෙසේ වෙතත් කොරෝනා නිසා මැදපෙර දිග ගෘහ සේවයට ගිය විශාල පිරිසක් තම රැකියාව නැතුව ,පාලම් බෝක්කු යට සිටින බව අපි අවස්ථා ගනනාවකදීම රජයට පෙන්න දෙනු ලැබීය .
ඊටත් ඔබ්බට ගොස් අපේ රටේ හරියමන් අධ්‍යාපනයක් නොලැබු මැදපෙර දිග රැකියා කරනන් වෙනුවෙන් පුද්ගලිකවම දිනේෂ් ගුණවර්ධනට කතාකර කීවත් ඔහු දුන් උත්තරය ……” ඔහේ ඉන්න තැන්වල ඉන්න කියන්න ඔයාල මාධ්‍යයෙන් ඔවා පෙන්නන් යන මොකටද ….?……”
දිනේෂි ගේ මහලු පිලිතුර විය.
ඒත් ලෙබනන්යේ තානාපති අම්මන්ඩි රජයෙන් ලැබුන සතයක් වත් අහිංසක මිනිසුන්ට බෙදුවේ නැත. ඒක හොරා කන්න ගිය විට අපේ ලෙබනන් සිටින වාර්තාකරු එක යන්තන් ප්‍රසිද්ධ කොට සල්ලිටික බේරා ගත්තාය.
ඒත් ඊට පසුව කුවේට් තානාපති කායාලයට ගිය අහිංසක එතර ගෘහ සේවයේ හා එලියේ සිටින අයට එරටින් සහනයක් ලැබින, ඒ තම රටට යාමට නොමිලේම ගුවන් ටිකට් පතක් පවා කුවෙට් රජය දීමට කාරුණික විය.
ඒත් කාලක්න්නි ගෝථා අපේ ඒ දුප්පත් විදෙස් ශ්‍රමිකයන් ගෙන්න ගැනීමට අවසර නුදුන්නේය.
ඒ රාජපක්ෂලාය උඩට නග්ග ගමන් පලමුවම ඉනිමඟට පයින් ගසන බව කීවේ එකබත් පත කාපු සජින්වාස් ගුණවර්ධනය.
ඒක ඇත්තය.
ඊයේ රාජපක්ෂලා ගේ එංගලන්තයට පැමිණ සිටි අය ගෙන්න ගත්තේ තෝරා බේරාය ලන්ඩන් තානාපති කාර්‍ය්‍යාල ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපති ලෙකම් කාර්‍ය්‍යාලයෙන් ලැබුණ නම් ලැස්තුවට අනුව ඔවුන්ට යාමට හැකිවු බවයි.
ඒත් රාජපක්ෂලා ගේ සනුහරේ එකෙක්වත් කුවේට් නොයන නිසා අපේ මැද පෙරදිග සහෝදර ,සහෝදරියන් අද නොකා නොබී අසරණව දුක් විදිනවා.
මැදපෙර දිග හෝ රටක්ම අකර්මයව ඇති ලෙබනනයේවත් තාම කවුරුත් ලංකාවට රැගෙන යාමට ජනාධිපති අවසර දී නොමති බව අපි ඉතා පැහැදිලිවම විදේශ සේවා අමාත්‍යංශයෙන් දැනගතිමු.
ඒත් ලංකාවේ පාහර පාලකයන් වැජබෙන්නේ විදෙස් ශ්‍රමිකයන් යවන මුදලින්ය. එය රටේ දේශීය ආදායමෙන් 54% බව ඉතාම ලැජ්ජහවෙන් සිහිපත් කරන්නේ උන්ට ලැජ්ජහවක් නොමති නිසාය
දැන්වත් හිතන්න මුන් සලකන්නේ වහල් හිමි උන් ගේ සනුහරේ උන්ට .
අජිත්…