උදේ හවස රටේ ජනතාවට නිරෝධායනය පිලිබදව උපදෙස් දෙන යුද හමුදාපති ශවින්ද්‍ර සිල්වා තම හමුදා කණ්ඩවල අණ දෙන නිලධාරින්ට මීටරයක් සිටීමටත් රටේ ජනතාවට කියන ආකාරයේ බේබදු පාටි දැමීමත් තහනම් කර නැද්දැයි සිතෙන්නේ පුත්තලමේ පාටිය පිලිබදව සිතන විටය.
ලන්ඩන් නුවර සිටි කොටි ඩයශෝරාව කුලප්පු කර අමන ජාති ආලයක් පෙන්නු “රණ හෙළු” ඒ බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දුය ඔහුය.
එදා මහා වීරයකු සේ කල ගොබ්බ අමන වැඩෙන් සිදු වුයේ ලෝකයටම අපේ ත්‍රිවිදහමුදාව මිනිමරුවන් බව නොකියා කීමය .ඒත් සමඟම නැති ප්‍රසිද්ධියක් ලන්ඩන් කොටි ඩයශෝරාවට ලබාදීමය. එදා ලන්ඩන් සිටි සියලු සිංහලයන් මොහු ගේ අමන අභිනන්දනය හෙලා දැක්කත් රටේ හමුදා නිලධාරියකු නිසාම ඔහු වැරදි උවත් සිංහල කමට එකට සිට ගත්තේ මිනිසෙකු සිතාය.
ඒත් ඔහුට විරුද්ධව කොටිහිත්වාදීන් පැනවු නඩුවේදී ඒ අභිනන්දනයට දෙමල ජාතියෙන් සමාව ගත්තේ සිංහලයන්ට පස්ස පෙන්නය. සැබවින්ම බ්‍රිගේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු යනු ” රණ හෙළුවෙක් ” බව එදා සිංහලයන්ට කියාදුන්නේ පලමු වරටය.
දැන් දෙවනි වතාවටත් ඔහු “රණ විරුවෙකු ” නොව “රණ හෙළුවෙක්ම ” බව තවත් තහවුරු කලේ පසුගිය දා පුත්තලම වැනි රටේ ඉතාම දුෂ්කර අති දරිද්‍රතාවෙන් පෙලෙන ජනතාවක් සිටින පැත්තක මොහු කලයුත්තේ නිලධාරි සමඟ එක්ව අහී දුප්පත් පවුල් වලට බත් ටිකක් කන්න දීමය.

ඒත් ඔහු කලේ හමුදාපති ගේ නිරොධායනය පයිසෙකය්ට නොගෙන ශ්‍රි ලංකාවේ මිල අධිකතම බ්ලැක් ලේබල් බී පිස්සු කෙලීමය.
යුදහමුදා අණදෙන නිලධාරියා ලෙසට සිටින මොහු තම හමුදාපති ගේ නියෝගවත් නොතකා හමුදා නිලධාරින් රැස්කර පාටි දැමීමේ විපාක විදීමට සිදුවන්නේ සමසථ රටවැසියනටමය.
මෙවන් මානසික උන්මතතකයන් වහාම නිරෝධායනය නොකලොත් රටත් රටේ හමුදාවත් බල්ලා මාක්වීම කිසිවිකත් වැලක්විය නොහැකිය.
07/25