මෙම අසාමාන්‍ය නිලධාරියා මෙම ලියුම් කරුට හමුවන්නේ නුවර එලියදිය.ලියුම් කරුද ඊට ආසන්න ස්ථානයක රැකියාවක් කර ඇත.
රජයේ කාර්යාලයකින් වැඩක් කරගන්නට කලට වේලාවට අපට බැරිය. ඒ තත්වය එදාසිට අද දක්වාම එසේමය. දින, සති , මාසගනන් අහිංසක මහජනයා රජයේ කාර්යාල වල කාලය කාදමයි.
සිංහල, දෙමළ, මුස්ලිම් මේ ජාතින් ඉතාම සමගිව ජිවත් වෙන එකම පලාත නම් නුවර එලිය දිස්ත්‍රික්කයයි. මෙම පලාතෙම වැඩිම ජනගහනය දෙමළ ජාතිකයින්ය. ලංකාඉතිහාසයේ ප්‍රභලම දේශපාලඥයා වන තොන්ඩමන් මහතා හා සිංහල දේශපාලකයන් අතර කිසිදු ගැටුමක් ඇතිනොවන ලෙසට ඉතාම වගකිමෙන් කටයුතු කල අයෙකි.
පුංචි මිනිහෙකුට මහ දිසාපති කෙනෙකු හමුවිමට කිසිදු බාධාවක් නැතිව තිබුණානන් ඒ කුමාරසිංහ දිසාපතිතුමා හමුවට යාමම පමණෛ.
රජයේ දේපල අයථා පරිහරණය කරන කාලකන්නි නිලධාරින්ට මෙවන් උත්තම පුරුෂයන් කරන දේ බලාවත් අඩුම ලැජ්ජහ නොහිතේ නවද මන්දා.
නිලධාරින් බොහොමයක් අද ඔලුව උදුම්මගෙන වැජබෙන කාලයක් මහජනතාවට ගොරවා එලවන රටේ ,මෙවන් අය ඇත්තේ ඉතා අත ලොසක් යැයි අපි සිතමු. මොකද ඈත අතිතයේ පටන්ම අපි ශ්‍රි ලංකාවේ මෙවන් නිලධාරින් ගැන අසා නැති නිසාය.
තම රාජ්‍ය සේවය පුරාවටම ඉතාම ආදර්ශමත් ම සේවාවක් ජනතාවට නොපිරි හෙලා ඉටු කලාසේම තම යටත් නිලධාරින්ටත් තම යුතුකම් ඉටුකල නිහතමානි ලංකා පුත්‍රයෙකි. ලංකාවේ රාජ්‍ය සේවාවටම හා ජනතාව ඉන්න හතර මායිමකටවත් පොලිස් ආරක්ෂාවක් නැතිව යාමට භය දේශ පාලකයන්ට මහත් ආදර්ශයක් දෙමින් මෙතෙක් මාතලේ මහ දිසාපති වු ඩි.ඒ. ජි. කුමාරසිංහ මහතා තම රාජ්‍ය සේවාවෙන් විශ්‍රාම ගෙන ලංගම බස් රථයෙන් මිනිසුන් සමගම සිටි ඒ අපුරු මිනිසා විශ්‍රාම සුව විදිමට ගියාය.
කතෘ සටහන……….;
ජනතා මුදල් ගසාකන , රජයේ වාහන අවභාවිත කරණ යුගයක ඔබ රටට ආඩම්භරයකි ඔබතුමාට නිරොගිමත් විශ්‍රාම දිවියකට අපි ද ආශිර්වාද කරමු…