ඉතින් මං නවතිනවා
ඒත් පුළුවන් වුණොත්
ආයෙත්ම මං එනවා..
**********************
ඔය අතින් අල්ලගෙන
යා ගන්න බැරිවෙච්ච
හැම තැනම ඇවිදින්න
වැඩ වැඩියි කිය කියා
දිනෙන් දින පමා කළ
අනාගත හීන ගැන අහගන්න
කාටවත් නෑහෙන්න
කියන්නට බැරිවෙච්ච
හැමදේම දොඩවන්න
***********************
ඇතැම් විට බැරි වේවි
අඳුර තව දැඩි වුණොත් …
ඒ නිසා තව ටිකක් …
නවතින්න……………………!!
…හිමාලි..