උණුසුම් පුවත්

එක්සත් ජාතික පක්ෂයේ බෙදීම රාජපක්ෂලාට 2/3 ලබාදීමට පාරකැපීමක්,දැන් ඇත්තේ ජනබලවේගයක් රටතුලම නිර්මානය කොට ස්වාධීන කොමිසන් සභාවන් රැකගැනීමයි.

Spread the love

මේ වන්විට ශ්‍රි ලංකාවේ ඇති තනි විශාලතම පක්ෂය වසර ගනනාවක් තිස්සේම නායකත්වය නිසාම දෙපිලකට බෙදී විවිධ ඇනුම් පදකියමින් තිබි ඊයේ එය මුළුමනින්ම පුපුරා ගියෝය. එහි පිපිරීමට විවිධ කරුණු හේතුපාදක වුවත් මෙහිදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කුමන කරුනක් අරභයා හෝ දෙවන පෙලක් කිසිම විටක පක්ෂය තුල නිර්මනය නොකිරීම ඊට මුලිකම හේතුව විය .

ඊයේ වනවිට සජිත් ප්‍රේමදාස සමඟ වැඩි මන්ත්‍රි පිරිසක් පිටව වෙනමම පක්ෂයක් පිහිටුවා ගැනීම ඉතාම බරපතල ඛේදවාචකයකි. ඒ සජිත් හෝ රනිල් පිලිබදව අපිට ඇති වේදනාවක් නොව මේ වන්විට ශ්‍රි ලංකාවේ ඇති එකම රාජප්ක්ෂලා එසේ කල්හොත් ඊට සම්පුර්ණවම වග කිවයුත්තේ සජිත් හා රනිල්ය.

විපක්ෂය ගහමරා ගැනීමේ වාසිය ලබාගන්නේ රටම ණය ගොඩකට හිරකොට රටේ සල්ලි හුරා කෑ රාජපක්ෂලා බව මේ දෙදෙනාම නොදන්නවා නොව දෙදෙනා ගේම ගජ මිතුරන් ඉන්නේ එතනය. මීළඟ ඉලක්කය 2/3 ලබාගෙන ස්වාධීන කොමිසම් සභාවන් සියල්ලම වල දැමීමටය. යම ලෙසකින් රාජපක්ෂලාට එසේ කිරීමට හැකි වාතාවරණය සජිත් රනිල් සකසමින් තිබෙනවාදැයි අපිට වරෙක සිතේ . ඩීල් දේශපාලකයන් වසර 71 පුරාවටම ජන්තාව උඩින් ,යටින් , වටෙන් ,මැදින් හැම පැත්තෙන්ම දැක අවසන්ය මේ නිසාම ජන්තාව තවට තවත් ඒ දේදපාලනය පිලිබදව කිසිදු බලාපොරොත්තුව තිබිය නොහැකිය.

මේ නිසාම ජනතාව ගේ සල්ලි හොරා නොකාපු , කුඩුකාරයන් නැති ජනතා වේදිකාවක් නිර්මානය වීම ඉතාම කාලෝචිත පමණක් නොව ජනතාව ගේ වාසනාවකි.

දැන් ඇත්තේ ජනබලවේගයක් රටතුලම නිර්මානය කොට පරණ හන මිටි අදහස් ඉවතලා ඒ නිර්මල ජනබලයට ජන්තාව එකතු නොවී 19 වන සංශෝධන සියල්ලම උඩු යටි කුරු කොට රාජපක්ෂලා ගේ වහලුන් සේ තවත් වසර 05 ක් ඔවුන්ව ජිවත් කරනවාදැයි තමා තමා ගෙන්ම ඇසිය යුතු කාලය තවත් මාසයකින් ඒ පැන්සල ඔබට ලැබෙනු ඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like