උණුසුම් පුවත් දේශපාලන

හොරා එනවා දානවා වොෂින් මැෂිමට කුණු හෝදලා ගන්නවා ,මේ ආණ්ඩුත් ඒවගේ නෙමේ ද ………….? ( ජාතික ජන බල වේගය -අනුර කුමාර පාර්ලිමේන්තුමන්ත්‍රි, විඩියෝ සහිතයි

Spread the love

https://www.youtube.com/watch?v=od70jaqbWqU&feature=youtu.be

ඒගොල්ලො එනවා මැෂින් එක ඇතුල්ට දානවා පිරිසුදු වෙනවා එලියටයනවා. මේගොල්ලොත් ඒ විදිහටම කරගෙන යනවා හරියට අපේ ලංකාවේ මේ ආණ්ඩු දෙකම තියෙනවා හොඳට හෝදලා පිරිසිදු කරලා එළියට දානවා එළියට දාලා ඊළඟට ඒගොල්ලො ලස්සනම දේ ගොඩ ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් තියලා වීරයෝ වෙනවා .ඊට පස්සේ ඊළඟ ඡන්දෙට එනවා මේක තමයි ලංකාවේ දේශපාලනය  ඊයේ ගාල්ලේ පැවති ජාතික ජනබලවේගය විශාල ජනකායක්  ඇමතුජනතා විමුක්ති පෙරමුණේ නායක   පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවසීය

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ දැන් මේ රට මුළුමනින්ම කොල්ලකරුවන්ගේ පාරාදීසයක්     බව මුළු ලෝකෙටම පෙන්නුම් කර ඇති බවයි. පසුගිය යහපාලන රජය බැංකු කඩමින් ජනතාවගේ මුදල් කොල්ල කමින් ඒ වගේම ජනතා මුදලින් සුඛෝපභෝගී වාහන ලබාගෙන ඔවුන් ගත කළේ ඒ සුඛෝපභෝගී ජීවිතය ඔවුන් පැමිණියේ පෙර පැවති රාජපක්ෂ පාලනය කරන ලද හොරමැරකම් ඒ වගේම ජනතාවගෙන් කොල්ලකන ලද කෝටි ප්‍රකෝටි ගණන් මුදල් නැවත ජනතාවට ගෙනැවිත් දෙන බව පවසමින් කිසි දවසක මේ දෙගොල්ලොම මේකනොකරන බව සහතිකයි.

ඒකට ප්‍රධානම හේතුව තමයි මේ දෙගොල්ලොම ඉන්නේ එකම විදිහට එකම බෝට්ටුවේ ඒ නිසා කවදාවත් මේ දෙගොල්ලන්ගෙන්ම මෙවැනි රටේ ජනතාවගේ මුදල් කොල්ල කන ලද මුදල් නැවත අයකර ගන්නවා කියා කිසි දවසක ජනතාව බලාපොරොත්තු නොවිය යුතු බව අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අනුව පෙනී යන්නේ ජාතික ජන බලවේගය වශයෙන් අපි සියලු දෙනා මස්ත රටවැසියාටම ඉතා ගෞරවයෙන් ආරාධනා කරන්නේ ඔබට ඔබගේ නැතිවෙච්ච මුදල් නැවත ලබාගෙන මේ රට ඉදිරියට ගෙන යාමට නම් සමස්ත ජාතියක් වශයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් ,සියලූ දෙනාම ජාතික ජනබලවේගය වටා එකතු බවයි . එහිදී  ජනතා විමුක්ති පෙරමුණ  .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද  ,එක්සත් ජාතික පක්ෂය ද , වශයෙන් නොව රට වෙනුවෙන් මේ ජනතා ජනබලවේගය  වෙතට පැමිණෙන ලෙසට සමස්ත ජාතියටම විවෘතව ආරාධනා කරන බව ඔහු වැඩිදුරටත් කියාසිටින ලදි.

ගාල්ල ජනතා ජන බලවේගය වෙනුවෙන් අති විශාල ජනතා සහභාගිත්වයක් තිබුණි. දැන් ජනතාව ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණය ඉතාම ලඟදි පැමිණෙන බැවින් තමාගේ රටේ ධනය හොරා නොකන ජාතික ජනබල වේගයට ඡන්දයට වටිනාකමක් ලැබී ජිවිත ලාලෙම සතුටු විය හැකි යමක් රට වෙනුවෙන් අපිට කලහැකි බව්ද මෙහිදි කතාකල තවත් දේශපාලන නායක්යන් මෙන්ම විද්වතුන් පවසන ලදි.

අජිත්….


Spread the love

Leave a Comment

You may also like