උණුසුම් පුවත්

මිග් ගනුදෙනුවේ මහමොළකරු උදයන්ග වීරතුංග ලංකාවට පැමිණෙයි. කටුනායකින් කොටුව ජනාධිපති මන්දිරයට C.I.D.අධ්‍යක්ෂක පොලිස් අධිකාරි තිලකරත්න, ගෝඨාභය ඉදිරිපිටදී ජනාධිපති මන්දිරයේ සිට ප්‍රකාශ ලියයි.

Spread the love

මේවනවිට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විභාගවෙන මිග් යානා ගනුදෙනුවේ ප්‍රධාන තැරැව්කරු නොහොත් එවකට රුසියාවේ ශ්‍රිලංකා තානාපති උදයන්ග වීරතුංග අද උදෑසන කටුණායක ගුවන්තොටුපලට පැමිණ ඇත.

මේ වනවිටත් මහාධිකරණයෙන් අත්වඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්ව ඇති උදයංග කටුණායක ගුවන්තොටුපලින් පිටව ගියේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරින් 6 දෙනෙකු ගේ ආරක්ෂාව මතය.

මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාරතමේතුවේ අධ්‍යක්ෂක පොලිස් අධිකාරි තිලකරත්නගේ ( වසර 11 මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිලෙසට සිටි අයෙකි.) ගේ පුද්ගලික උපදෙස් ලබමින් උදයංග වීරතුංග ප්‍රකාශයක් ලබාදෙමින් සිටී.

69 ලක්ෂයක් සුවහසක් ජන්තාව මීහරකුන් බව දන්නා රාජපක්ෂ පවුල රටේ සල්ලි කෝටි ගනන් හොරකම් කොට ශ්‍රි ලංකාව අන්ත දුගී බවට ඇද දමා ඇත. 2015 වසරේ රනිල් මෛත්‍රි පාලනය පිහිටුවා ජන්තාමුදල් කොල්ලකෑ බව හිටපු ජන්පති කියා බලය ලබාඔහුද හොරු සමඟ හෙළුවෙන් යහන් ගතවිය . ඊට එරෙහිව නැගිසිටි ජන්තාව රට රැකීමට ගෝඨාභය තෝරා ගත් නමුත් ඔහු ද රටට පෙර පෙර තම පවුලේ හොරාකෑ උන්ගේ සියලු නඩු වලින් උන්සුද්දවන්තයන් කරගැනීමට ඉතමයුහුසුළුව කටයුතු කරමින් සිටී.

එහි තවත් එක් ප්‍රධාන පෙලේ අපරාධකරුවෙකු ජනාධිපති ගෝඨාභයගේ  පුද්ගලික ආරක්ෂකයන් පිරිවරා ගෙන ජනාධිපතිට අයත් නිල රථයකින්  කොටුවජනාධිපති මන්දිරය තුල පැමිණ ඇත.

උදයන්ග වීරතුංග මිග් යානා ගනුදෙනුවට සම්පුර්ණවම සම්බන්දව ක්‍රියාකොට ඇත්තේ එවක යුද්ධය පැවති සමයේ රුසියාවෙන් ඇනවුම් කල නවීන මිග් යානා වෙනුවට ගෝඨාභය ගේ අනුදැනුමෙන් සකස් කරගත් ව්‍යාජ කොම්පැණියක් හරහා යුක්‍රෙන් රජයේ ලබාගත් වසර 19 වඩා පැරණි යානා නවින යානා ලෙසට අගවා ඩොලර් මිලියන් 120 වඩා වැඩි මුදලක් උදයන්ග හා ගෝඨාභය හොරකම්කොට ඇති බවට  FCID විමරෂණයේදී අනාවරණය විය.

එවකට ප්‍රසිද්ධ පුවත්පතක් වු සන්ඩේ ලීඩර් පුවත් පතේ කතෘ කීර්තිමත් මාධ්‍ය වේදී නිතිඥ ලසන්ත වික්‍රමතුංග විසින් ඉතාම දීර්ග විස්තරාත්මක් ලිපියක් පලකරන ලදි. එම ලිපිය පලකිරීම පිලිබදව උරණ වු ගෝඨාභය රාජපක්ෂ ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කරවු බවට චෝදනා එල්ලවිය .

ඒ සියල්ල උඩු යටුකුරු කල  අවාසනාවන්ත ශ්‍රි ලාංකිකයන් එවනි මිනිමරුවෙකු හා ජනතා මුදල් කොල්ලකන ලද අයෙකු තම රටේ ජනාධීපති බවට පත් කරගැනීම ඉතාම සෝචනීය සිදුවීම්කි. 69 ලක්ෂයක් ප්‍රේක්ෂක ජනතාවට මිග් යානා ගනුදෙනුවේ නාටකය නිමා කරමින් ජනාධිපති ගෝඨාඉදිරිපිටදී CID අධ්‍යක්ෂක තිලකරත්න ප්‍රකාශ ලියා නාටකය අවසන් කරයි. 

මේ වන්විට උදයංග වීරතුංග කොටුවජනාධිපති මන්දිරය තුලදී CID ප්‍රකාශයක් දෙමින් ඇත. මොහු අද දින අධිකරණයට ඉදිරිපත් කොට ඇප ලබාගැනීමට සියල්ලම සැලසුම් කොට ඇත.

07/25


Spread the love

Leave a Comment

You may also like